විශේෂ මාධ්‍ය හමුවක් / விஷேட ஊடக சந்திப்பு
April 18, 2022
ප්‍රධානතම වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුවක් අද සවස 4.30ට ගෝඨාගෝගම මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය. பிரதான தொழிற்சங்கங்களின் பிரதிநிதிகள் பங்கேற்கும் ஊடகவியலாளர் சந்திப்பு இன்று மாலை 4.30 மணிக்கு கோட்டா கோ கம சர்வதேச ஊடக மையத்தில் நடைபெறவுள்ளது
පොජෙක්ටර් දර්ශන මගින් විරෝධය පල කරයි..🔥
April 17, 2022
ලංකාව තුල ප්‍රථම වතාවට අරගලකරුවන් විසින් මහලේකම් කාර්යාලයට පොජෙක්ටර් දර්ශන මගින් විරෝධය පල කරයි..
ශ්‍රී ලංකා වෘත්තිකයින්ගේ ප්රඥ්ප්තිය.
April 17, 2022
සියළු ක්ෂේස්ත්‍ර වල වෘත්තිකයින් විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වෘත්තිකයින්ගේ ප්රඥප්තිය එළි දැක්වීම ශ්‍රී ලංකා වෘත්තිකයින්ගේ ප්රඥ්ප්තිය. Download in Sinhala Download In English
ගෝඨාගොගම ගාල්ල ශාඛවේ
April 17, 2022
අද පෙරවරුවේ පොලීසිය විසින් “ගෝඨාගොගම ගාල්ල ශාඛවේ”ඉවත් කරන ලද කූඩාරම් නීතීඥ කණ්ඩායමක් මැදිහත් වීමෙන් පසු යථා තත්ත්වයට පත් කර තිබේ. පෙර පැවති කූඩාරම් වලට වඩා විශාල කුඩාරම් ඉන් පසු සවි කර ඇත. #GoHomeGota2022
gotagogamaට ජෙනරේටරයක් ඉක්මනින් අවශ්‍යයි !
April 16, 2022
gotagogama පරිශ්‍රයේ නිර්මාණය කෙරෙමින් පවතින අන්තර්ජාතිය මාධ්‍ය මධ්‍යස්ථානය සදහා විදුලි ජනන යන්ත්‍රයක් අවශ්‍යව ඇත, ඔබ සතුව විදුලි ජනන යන්ත්‍රයක් ඇත්නම් කරුණාකර අප වෙත දැනුම් දෙන්න. Tharindu : 764341621
GotaGoGama ගාලේ අරගලය පටන්ගත් වගයි
April 16, 2022
මුලින් තැන තැන තිබ්බ අරගලය එක තැනකට ඇවිල්ලා පිරිස් බලය පෙන්නන එක තමා උවමනාව උනේ… හැබැයි දැන් තත්වය වෙනස්. ආණ්ඩුවට අරගලකරුවන් එක තැනක තියාගන ඉන්න එක comfortable තත්වයක් නිර්මානය වෙලා. ඒ අනූව හැම නගරෙකම මේවගේම පුලු පුලුවන් විදියට ගෝටගෝ ගමක් නිර්මාණය කරමු. ඉස්සරහට තිබ්බ අඩිය ජයග්‍රහණය ම කෙලවර කරමු. අරගලයට ජය!!!! #GoHomeGota2022 #gohomerajapaksa #GiveOurStolenMoneyBack
People’s University Gotagogama
April 15, 2022
ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අරගල භූමියේ සත්‍යග්‍රහයක් අරභයි
April 15, 2022
පැය විසි හතරක කාලයක් නිරාහාරව ඉදිමින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලමින් ධම්මික ප්‍රසාද් ගාලු මුවදොර අරගල බිමේදී සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත !