වස් කවිය

උදයංග වීරසිංහ

දුන්නු ගිනි වලට ගෙදර වෙනුවට
අපායේ ලොදියම වැටීයන්
තේ එකක් වත් බොන්න හැදුවොත්
කුස්සියේ ඇති ලිප පිපිරියන්
කොයිතරම් ජාතිය ඇමතුවත්
ජාතිවාදය යලිත් නොවියන්
කොයිතරම් ගොන් වැඩකලත් ඌ
අපේ අරගල තදට තිබියන්

තිස් වසක පම්පෝරි දොඩවන
නාකි මයිනා ඇදට වැටියන්
කැස්ස හැදිලා කපුටු බැසිලට
හුස්ම ගන්නට බැරිව මැරියන්
බේබි පණ්ඩිතයෝ හොරාකෑ
සල්ලිටික යළි අපිට ලැබියන්
දුක් විදින ලක් මවගේ දරුවට
සුභ රටක් අද හෙටම ලැබියන්

අහිංසක මිනිසුන්ගේ ලේ වල
රස බැලූ තොපි සාප වැදියන්
වැටෙන දාඩිය බිදුව ගානේ
පෝලිමේ උන්ගේ විඩා නිවියන්
ලොවට ණය කර රටට කෙළවු
හැමෝටම හෙණ හතම වැදියන්
අලුත් රටකට අරුණ නැගෙනා
දවස නම් අද හෙටම ලැබියන්

අරගලයට ජය…..