Retired Civil engineer

Nimal Palipana

GOTAGAMA WATERTANK
ගමක වැසියන් වතුර බොන ලොකු වතුර ටැංකියක් තිබේ.

ඔවුන්ට නොදැනීම ටැංකිය පතුලේ ලීක් එකෙකින් අවුරුදු ගණනාවක් තිස්සේ වතුර අඩුවෙමින් තිබේ.

මේ අඩුවෙන වතුර වලට ඔවුහු බව්සර වලින් වතුර මිලදී ගණ්නේ ණයටය​. හදිසියේම වතුර මට්ටම පතුලට බසිමින් තිබෙන බව ගම් වැසියෝ දැන ගත්හ​.

බව්සර් කරුවන් තව තවත් වතුර එවීම ප්‍රතික්‍ෂේප කරති.

ගම්වැසියෝ සොයා ගත්තේ ලොකු ඌරුමීයො පවුලක් ටැංකියේ පතුල හාරමින් සිටින අතර මේ සිදුර දැන් ඉතාම විශාල බවයි.

මෙතන පැමිණි ටයි කෝට් දාගත් ඌරු මීයන්ට ආදරය කරන​ විශේෂඥයෝ පිරිසක් කියා සිටියේ වහාම තවත් වතුර බව්සර් ඕඩර් නොකලොත් ගම් වැසියන් වතුර නැතිව මිය යන බවය​.

ඒ නිසා වෙන වෙන ක්‍රම වලින් ණය නොගෙවා වතුර බව්සර් ඕඩර් කර්න හැටි ගම් වැසියන්ට කියා දෙති.

ඒත් ගම් වැසියන් කියන්නේ ඌරු මීයන් ඉවත් කලයුතු බවයි.

කල යුත්තෙ කුමක් දැයි ඔබ තීරණය කරන්න​.