නිහඬ බවට හඬක් දෙමු..

Sithara Kulathunga

අරගලය සර්ව රාත්‍රික වෙලා.ගොඩක් සතුටුයි.එන්න පුළුවන් වුන ගමන් එනවා.එතකල් මේ ලියන්නෙ අරගලයට සම්බන්ධ නූනට මේ අර්බුදයෙන් සෘජුවම පීඩා වි‍ඳින ඒත් හඬක් නඟන්නවත් බැරි වෙලා ඉන්න මිනිස්සු ගැන.

අලුතෙන් ඉන්දියානු කැවිලි කඩයක් දාලා.මම බස් එකට නඟින තැන.කොණ්ඩෙ මල් ගහපු සාරි ඇඳගත්ත අක්කා කෙනෙක් ඉන්නවා කඩේ.පොඩි පොඩි දේවල් ටිකක් විතරයි විකුණන්න තියෙන්නෙ.NTS එකේ නංගි කෙනෙක් වැඩ ඇරිලා යන ගමන් ඇවිත් අහනවා උඳු වඩේ නැද්ද කියලා.අක්කා කියනවා උඳු ගණන් නේ මිසී.උඳු වඩයක් සීයකට මෙහා විකුණන්න බැරි වෙයි.ඒක නිසා හදන්නෙ නෑ කියලා.ඉස්කෝලෙ යන දරුවො දෙන්නා එක්ක මුරුක්කු ටිකක් ලඩ්ඩුවක් ව්කුණලා ඒ අක්කා ජීවන අරගලය ගෙනියන හැටි ගැන හිතා ගන්න පුළුවන් ද? ඇය කොහොමද සටන් බිමකට එන්නෙ?

උදේට යන බස් එක දියතලාවේ ඉඳන් ගිරාඳුරුකෝට්ටේ යන බස් එක.මම හිටගෙන ඉන්න තැන වාඩිවෙලා ඉන්න ගොවියො කියලා හිතන්න පුළුවන් අයියලා දෙන්නෙක් කතා වෙනවා ඊළඟ කන්නයට පොහොර ගන්න එක ගැන.තේ පොහොර දාලා යන්තම් ගිය කන්නෙ ගොඩ දාගත්තෙ.ඒත් අස්වැන්න අඩුයි.මේ සැරේ මොනවා කරන්නද මන්දා තේ පොහොර මිටියක් දාසය දාහයි..!!ඒ ඔවුන්ගෙ දෙබස.කුඹුරු පුරන් වෙන්න නොදී මිනිස්සු දාගෙන වැඩ කරවලා දහ අතේ පොහොර හොයන්න නහින ඒ මිනිස්සු එන්නෙ නෑ අරගල බිමට.ඒත් අපිට කන්න හාල් ඇටයක් හරි දෙන මිනිස්සු.අපි ඔවුන්ගේ හඬ විය යුතුයි නේද ?කාබනික පොහොර විදියට ගෙනාව ඒවා මහින්දානන්දට කන්න කියලා අපි බල කරන්න ඕනි..!!!

අද පාන්දර කොළඹ එද්දි පහමාරට විතර පාර අයිනෙ කඩේකට පත්තර කොළයකින් වහගෙන බන්දේසියක් උස්සගෙන අමාරුවෙන් ඇවිදගෙන යන වයසක සීයා කෙනෙක්.පෙනුන විදියට ඉඳිආප්ප වගේ දෙයක්.ඒ වයසට විවේකෙන් ඉන්න ඕනි මිනිස්සු මේ තරම් අමාරුවෙන් දුක් විඳගෙන පවුලේ කෙනෙක් එක්ක ඒ වගේ දෙයක් හරි කරලා කීයක් හරි හොයාගන්නෙ බෙහෙත් ටිකක් ගන්නවත් කීයක් හරි ඕනි නිසා නේද ?ඒත් ගන්න බෙහෙත් කෝ? නාකි මයිනලා උස්සගෙන යන්න බොඩිගාඩ්ලා හිටියට ඒ මිනිස්සු බලාගන්නෙ කවුද?

මේ අරගලය ඒ සියලු දෙනාම වෙනුවෙන්.අපි හැම මොහොතකම සක්‍රියව අපේ දායකත්වය මේ සටන වෙනුවෙන් ලබා දෙමු.මඟ තොටේ කඩපිළේ මුණ ගැහෙන අයට කියා දෙමු රටේ ගැටලුව ගැන.මේක අපේ කරුමෙ නෙවෙයි අපිම කර ගත්ත වැරදි බව තේරුම් කරලා දෙමු.

අපේ රට අපිම හදමු.එක්ව නැගිටිමු.අරගලයට ජය වේවා…!!!

#GiveOurStolenMoneyBack
#GoHomeGota2022
#gohomerajapaksas