ගෝඨා ගෝ ගමේ ඉදිකළ සන්නිවේදන කුලුන

Ravindu

ඩයලොග් එකෙන් කුළුණකුත් හයි කරල නේද? ජයවේවා කියමුද?

අනේ මචං දැන්වත් පොඩ්ඩක් තේරුම් ගනින්!

TRCSL හි අනුමැතිය නැතුව ලංකාවේ කිසිම ස්ථානයක දුරකතන සංඥා කුළුණු සවි කරන්න බෑ. TRCSL එක ජනාධිපති සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න යටතේ පාලනය වන බව ඔබ දන්නවාද?

උඹල හිතන්නෙ අනේ අපි ජනතාව සමඟයි කියල ඩයලොග් එකෙන් උඹලට ආදරේ නිසා රාජපක්ෂලව එලවන්න සපෝර්ට් එකට කුළුණු හයි කරනව කියලද?

මේ ඔක්කොම ප්ලෑන් මචං ප්ලෑන්! උඹල ඔතන වයිෆයි සෙට් කරං බයිලා කිය කිය ෆිල්ම් බල බල බලි තොවිල් නට නට කොටු කරල තියන්න හදන ප්ලෑන්! හරිම ලස්සනට හැමෝම අහු වෙනව නේද?

නිකමට බලපං දැන් රටේ වෙන කිසිම තැනක වෙන අරගලයක් පිකට් එකක් තියෙනවද කියල? තිබ්බත් මාධ්‍යවල පෙන්නනවද? ඔක්කොම ඔතනට කොටු කරල අනිත් ඔක්කොම දිය කරල තියෙන්නෙ!

දැන් නම් හැංගි හැංගි කියන්න ඕනෙ නෑ මචං.. උඹලව ඔතන තියාගන්න ගේම් ගහන, උඹලව ඔතනටම ගෙන්න ගන්න, ආකර්ෂණය කරගන්න, සෝෂල් මීඩියාවලින් ලස්සනට ගේම් එක ගහන ‘තරු’ ඔක්කොම ආණ්ඩුවෙම ප්ලෑන් තමයි හොඳේ!

ඒ නිසා තවත් රැවටෙන්න එපා බං ලැජ්ජයි! අරගල කරනවනං ඒක අරගලයක් විදියට කරපං.. රටේ හැම තැනම කරපං. හරක් රැළක් වගේ ගේම්වලට අහු වෙන්න එපා. හැම ගමකම හැම නගරෙකම අරගල කරපං. පාලකයින්ගෙ ගෙවල් ඉස්සරහ අරගල කරපං.

දෙයියනේ හිතපංකො පොඩ්ඩක් මොළෙන්! 🙏