අරගලය කොයිබටද?

Gihan Casiechetty

inbound3086147498446043400.jpg

රටක් සහ එකම ජාතියක් ලෙස සියළු දූෂිත පාලකයින් නෙරපා දැමීමට එක්වීම ගැන සතුටු වන අතර එය කලක් තිස්සේ අප රට තුළ සිදුවිය යුතුව තිබුණු බව තරයේ විශ්වාස කරමි.

එමෙන්ම මෙම අරගලය මගින් පවතින ව්‍යවස්ථානුකූලව කුමක් කළ හැකිද, කුමක් කළ යුතුද, කුමක් සුදුසුද යන්න පිලිබඳ ඉතා පැහැදිලි අදහසක් සෑම පුරවැසියෙකුටම තිබිය යුතුය.

එමෙන්ම රට අස්ථාවර නොවී අරගලයේ අරමුණ වන නව රජයක් සහ පාලනයක් දක්වා යන මග පිළිබඳ ඉතා පැහැදිලි අවබෝධයක් තිබීම අත්‍යවශ්‍යය.

1) මෙම අවස්ථාවේ ජනාධිපති වරයාට ධූරයෙන් ඉල්ලා අස්විය හැක. එවිට රාජ්‍ය බලය පාර්ලිමේන්තුවට පැවරේ. එවිට සභාවේ බහුතර මන්ත්‍රී කැමැත්ත පරිදි තාවකාලිකව ජන්ධිපති වරයෙක් පත්කරගත හැක.

2) සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉල්ලා අස්විය හැක, නැතහොත් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් (සරල බහුතරයකින්) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකිය.
එසේ කිරීමෙන් පසුව මහා මැතිවරණයක් මගින් නව ආණ්ඩුවක් පිහිටවා, ජනාධිපති වරයාට ඉල්ලා අස්විය හැක. ඉන්පසු පාර්ලිමේන්තු බහුතර කැමැත්ත පරිදි තාවකාලික ජනාධිපති වරයෙකු පත්කර ජනාධිපතිවරණයකට යා හැක.

3) එසේත් නැත්නම් පවතින පාර්ලිමේන්තුව නැවතත් 19 වෙනි ශංශෝදනය බලාත්මක කොට (අවශ්‍ය නව ශංශෝදන සමග) පාර්ලිමේන්තුව විසුරුවා හැරීම. ඉන්පසු මහා මැතිවරණයකින් හා ජනාධිපතිවරණයකින් මන්ත්‍රීන් සහ ජනාධිපති තෝරා ගැනීම

4) ජනාධිපති වරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ස්වෙච්ඡාවෙන් එකවර ඉල්ලා අස්වීම රට අරාජික වීමක් ලෙස හැඳින්වීමට හැක. නැතහොත් හමුදා පාලනයකට නතු විය හැක.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සංශෝධන පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් ඇති පුද්ගලයින් මෙහි අඩුපාඩු ඇතොත් නිවැරදි කරනමෙන් ඉල්ලමි.

මගේ ආකල්පය අනුව මෙහිදී සුදුසුම ආකාරය වන්නේ තුන්වන (3) ආකාරයයි. එසේම පවතින ආර්ථික අර්බුදය හමුවේ මැතිවරණය සදහා ඇති විශාල ධනයක් වැයවේ.. මෙය සුදුසු වේලාව නොවෙයි.. එබැවින් ජනතාවට විශ්වාසය තැබිය හැකි පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් හා පවතින පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කර, මාස 6ක් හෝ අවුුද්දක කෙටි කාලීන ආර්ථික දැක්මකට යා යුතුයි.

ගිහාන් කාසිචෙට්ටි