Long Term Goal 10 Suggestions

Thilanka

1. සමානුපාතික වසම් මූලික කරගත්ත චන්ද ක්‍රමය.

2. ආගම ජාතිය පදනම් කල පක්ෂ අහෝසි කිරීම. නාම යෝජනා සකස් කිරීමේදී සියළු ජාතීන් නියෝජනය වන පරිදි සකස් වීම. එය දිස්ත්‍රික්කයේ ජන අනුපාතයට සමානුපාතික විය යතුය. එසේ රෙගුලාසි කරා ලඟා නොවූ පක්ෂ නාමයෝජනා අහෝසි වීම.

3. ප්‍රධාන සංධාන තුනක් පමණක් මැතිවරණ සඳහා ඉදිරිපත් වීම. 3ට වඩා පක්ෂ අනවශ්‍යය. කුමන දේශපාලන පක්ෂයක් වුවද අනුගත වන්නේ Liberal, Conservative, Socialist යන තුනටය පමණි.

4. නාම යෝජනා ලබා දීමට පෙර විභාග දෙපාර්තමේන්තුව හරහා ස්වාධීන IQ ටෙස්ට් එකක්, මානසික සෞක්‍ය සහතිකයක්, සහ ස්වාධීන මණ්ඩලයක් මගින් සම්මුක පරීක්ෂණයක් සමත් විය යුතු වීම. ( උපාධියෙන් බුද්ධිය මැනිය නොහැක. පේන්නැද්ද වියත් මග). IQ cutoff marks දැනට 100. විගණන වාර්තා ඉදිරිපත් කල යුත වීම. අපරාධ ඉතිහාසය ‍ශුන්ය වීම.

4. ජනාධිපති පාර්ලිමේන්තු චන්දයෙන් පත් වීම. පාර්ලිමේන්තු නියෝජනය ප්‍රාදේශීය නියෝජිතයන්ගේ චන්දයෙන් පත් වීම. එක් මැතිවරණයකින් සියල්ල තීරණය වේ. ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කිරිම මැතිවරණයේ 30%ට වැඩි චන්ද ලබාගත් පක්ෂ වලට පමණි. පක්ෂ 3ම 30%ට වඩා ලබාගෙන 50% එක් අයකුවත් ලබා නොගතහොත් පමණක් ජනතාවට ජනාධිපති තේරීමේ නැවත චන්දයක් ඍජුව පැවැත්වේ. ඉන් 50% ලබාගන්නා අපේක්ෂකයා ජනපති වේ.

5. ස්වාධීන විගණණ කොමිසම.

6 සංවර්ධන ව්‍යාපෘති සංවර්ධන මණ්ඩලයක් හරහා අධ්‍යයනයකින් අනුමත විය යුතු වීම. මණ්ඩල සඳහා ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාල විදවතුන් ස්වාධීනව කටයුතු කල යුතුය. හිතුමතේ සංවර්ධන ගිවිසුම් ටෙන්ඩර් අනුමැතිය ලබාදිය නොහැකියි.

7. ආර්තික ක්‍රමය අධ්‍යයනය කර ක්‍රමවත් කිරීම. හිතුමතේ ආර්තිකය වෙනුවට ව්‍යාපාර විදේශ ආයෝජන දිරිගැන්වීම. අනවශ්‍ය Import හැකිතාක් අධ්‍යර්ය කිරීම

8. ප්‍රවාහනය, විශ්ව විද්‍යාල අර්ධ රාජ්‍ය කිරීම. R&D සඳහා එම ආදායම වැඩිවශයෙන් යොදාගැනීම. බුද්ධිගලනය එමගින් සීමා කිරීම. පර්යේෂණ ආයතන පිහිටවීම. ( ආයුධ, බෙහෙත්, විද්‍යුත්, රසායනික, පුනර්ජනනීය බලශක්තිය). පුනර්ජනනීය බලශක්ති දිරිගැන්වීමේ තීරණ

9. පොලීසිය, නීතිය, රේගුව හා අදාල ක්‍රමවත් ප්‍රතිව්‍යුහගතකරණය

10. ආගම් ජාතීන් සඳහා රාජ්‍ය අනුග්‍රහය නවතා එය ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් මත ජනතාව කැමති පරිදි කිරීමට පමණක් ක්‍රම සකස් කිරීම.