GoHomaGota2022

One of the sri lankan

කන්න නැති ,තෙල් නැති, බෙහෙත් නැති, ඩොලර් නැති දුප්පත් රටක සිටින අප දුප්පතුන් විය හැකිය.නමුත් අප එක වේලක් හෝ කන්නේ මහන්සියෙන් උපයාගත් මුදලිනි. පැල්පතක් හො තනාගන්නේ මහන්සියෙන් උපයාගත් මුදලෙනි.දරුවන් ට උගන්වන්නේ මහන්සියෙන් උපයාගත් මුදලිනි .දුප්පතුන් ගේ මුදල් ගසා කෑමෙන් සාදා ගත් මාලිගවල් වල වැජඹෙන සුඛෝපභෝගි වාහන වල ගමන් බිමන් යන ,ගසා කෑ මුදලින් පවුල් පිටින් සුර සැප විදින ,පිනට කකා බිබී රට විකුණන් කන දියවන්නාවේ සිටින හොරු රැළ සැබෑ හිගන්නන් ය.ලොකු හොරු සහ පොඩි හොරු එකතු වී සාදාගන්නා හොර කල්ලියක අන්තර් කාලීන ආණ්ඩුවක් අපට අවශ්‍ය නොවේ.අවශ්‍ය වන්නේ දූෂිත දේශපාලනයේ අවසානය දැකීමයි.
#අරගලයට ජය!