සිද්ධ වෙන්න යන දේ. (උපුටා ගැනීමකි)

Anonymous Writer

ඊලගට මොකද වෙන්නේ…

බර බර ලොකු ලොකු වචන නැතුව සරලවම “මට හිතෙන විදිහට”

මම මේ මට හිතෙන දේ කියන්නෙ ඈ.. බොට හිතෙන එක බොලා ලග තියාගනින්..

දැන් අපි ණය ගෙවීම අත් හිටුවනවා කියල නිවේදනය කරලා තියෙනවා. ඇත්තටම මේක කරන්න තිබ්බේ ජනවාරි මාසෙ ගෙව්ව මිලියන 500යත් අල්ලලා. කෝම උනත් කරටියේ ඉදන් පොල් ගහ පල්ලේ වැටුනට පස්සේ කඩියෙක් පුප කෑවහම මොකෝ කියලා ඒකත් අත ඇරල දාමුකෝ

දැන් ඊලගට වෙන්නේ මේ යන විදිහට ගිහින් ලොක්කා ඉල්ලා අස් වෙනවා හෝ නොවෙනවා කියන තීරන දෙකෙන් එකක්. ඔතන ඇත්ත කතාව ගෙදර ගියොත් අඹු නසී මග උන්නොත් තෝ නසී සීන් එකක්

පලවෙනි පොසිබිලිටිය ගෝටා නෝ ගෝ හෝම්.. Imf ගිහින් ඒකත් හෙන කොන්දේසි මෙහෙං එහෙටයි එහෙං මෙහෙටයි දාලා මැද්දට රාජ්‍ය පරිපාලනේ හිරවෙලා නිදහසේ imf ගිහින් කරගත යුත්ත කරගන්න බැරි වෙලා මේ අව්ල මෙහෙමම ඉස්සරහට යනවා.. මම එතනදි ඉන්නවා මේ රජය ගිහින් භාරකාර රජයක් එන්න ඕන කියන උබලගේ මතේම.. #GoHomeGota ඔන්න කිව්ව ඈ. මෙතනින් එහා ටික කියෝලා කුලප්පු වෙන්න එපා✋

දෙවෙනි පොසිබිලිටිය ගෝටා ගෝ හෝම්. ගෝට ඉල්ලා අස්වෙනවා. අන්න එතකොට මෙතන තව කෙලියක් කෙලවෙනවා. ගෝටා ගියාට පස්සේ භාරකාර රජයක් එනවා. මොන විදිහේ කොහොම සැට් එකක් කොයි ආකාරෙකින් කොයි විදිහකට එයිද කියලා උඩ ඉන්න දෙයියෝ බ්‍රෝස්ලවත් තාම දන්නෙ නෑ.. හැබැයි ඒ එන භාරකාර රජයට මොලයක් කියල එකක් තිබ්බොත් හොදට ප්ලෑන් කරලා භාහිර ලොකූ අත පෙවීම් වලින් තොරව නිදහසේ imf ගිහින් වැඩේ පටන් ගන්නවා. හැබැයි එතනදි බහුතර ජනතාව චූන් වෙන සීන් නෑ. භාරකාර රජයේ වගකීම ආර්තිකේ ගොඩ දැමීම මිසක් 75ස් වසරක් කරං ආව ජහමනයට ආතල් දීම නෙමේ.. රාජ්‍ය සේවය විදිමත් කරලා ගමේ එක පුකකට එකා ගානේ ඉන්න රාජ්‍ය සේවේ උන් අයින් කරලා, ලොස් පිට දුවන සුදු අලි ආන්ඩුවේ ආයතන විකුනලා, විශ්‍රාම වැටුප් වලට කෙලලා වගේ අනිවාර්‍යයයෙන් “කල යුතු” වැඩ ටික වෙනවා. එදාට අදට වඩා මිනිස්සුන්ට දැනෙන්න අමාරු වෙනවා. හැබැයි රට හොද අතකට යනවා

හැබැයි එතකොට ඒක බලං ඉන්නවා ජහමනයො සෙට් එක😂 ඒ කිව්වේ උබයි මායි ඇතුලුව මේ ලංකාවෙ ජහමනයො ටික. උන්ගෙ බහුතරේට ඔය බයිලාවක් තේරෙන්නෑ. උන්ට පේන්නේ එදා සහ අද “සරල වෙනස” විතරයි. උන් ටික පාරට බහිනවා විශ්‍රාම වැටුප් ඉල්ලලා නැති උන ජොබ් ඉල්ලලා. උන්ට සලකනවා බොහොම සරුවට එදාට දොබෙං යන්න. මොකද දැං අරගලේට කේන්ද්‍රීය නායකත්වයක් නැති උනාට එදාට එන අරගල වලට වෘතීය සමිති නායකයො ටික ඉන්නවා මෙන්න මූ තමා නායකයා කියල පෙන්නන්න..

අන්න එදාට,

සිරිසේන ගේනකන් නින්දක් නැති උන, ඒත් ගෙනල්ලා සිරිසේන ඉන්නකන් හොද නැති උන.. දැන් දැන් සිරිසේන හොදයි වගේ පේන ජහමනයා

රනිල් ඉන්නකන් හොද නැති උන.. පන්නනකන් නින්ද නොගිය ඒත් දැන් දැන් රනිල් තමා විකල්පේ වගේ පේන ජහමනයා

ගෝටාභය ගේනකන් කඩේ ගිය, ගෙනාව දවසෙ ඉදන් පනන්නනකල් ඉවසීක් නොතිබ්බ ජහමනයට. පන්නපු ගෝටා හොදයි වගේ පේන්න ගන්නවා. එදාට කියාවි අච්චර උදඝෝශනේ කලා මෙච්චර කලා ඒත් ගැහුවේ නෑ වගේ ජනප්‍රිය පාඨ.. දැං කඩේ වහං ඉන්න බයිසන්ලත් සරං කරට අරන් කියන්න පටන් ගන්නවා ගෝටා පැන්නුව එකේ ආදීනව. 69 ලක්ශෙ එකෙක්ටත් වඩා අන්ත චාටර් වෙනවා “ගෝටාගෝහෝම් උන්”.

අන්න එදාට ආයේ අපේ නාමල් කුමාරයා හෝ ඒ වගේ කෙනෙක් ජහමනයට දියසේන වෙනවා.. Imf වෛරක්කාරයා වෙනවා… Imf ලෙප්‍ට් පුතී😂

ඕක වෙන්නේ. උබලෑ අව්ලකට නෙමේ. මේ රටේ බහුතර චන්ද බලය තියෙන්නේ දේශපාලනය ආර්තිකය ලෝකය ගැන මෙලෝ අලබෝලයක් නොදන්න බුද්දි ගලනයෙන් තේරිලා ඉතුරු උන කොරෝනා වලට දම්මික පැනි ගහපු ජාතියේ අඩු අයිකිව් ලෙවල් එකක් සහිත උන් ටිකක් මත. උබල අපි පුප ඉරාන කෑගැහුවත් වැඩක් නෑ උන්ට හාල් කිලෝ එක පොඩ්ඩක් අඩු කරලා සැමන් ටින් එකක් අඩුවට දාල අතට කීයක් හරි දුන්නහම, අව්රුද්දකට සැරයක් කතරගම යනකොට හයිවේ එකක් පේන ආතල් එකක් වගේ දුන්නහම හොදටෝම ඇති.. මොකද එච්චරයි තේරෙන්නේ. කතිරෙ ගහන්නේ නලලෙන්.

එතකොට අපි මොකද කරන්න ඕන

අපි කරන්න ඕන අපි අපිව අදුනා ගන්න ඕන වටේ පිටේ ඉන්න අයව අදුනාගන්න ඕන. අදුනාගෙනන දැනුවත් කරන්න ඕන. වෙනදා වගේ කතිරේ ගහල ඇවිල්ල 225ට බාර දෙනවා වෙනුවට පුරවැසි යුතුකම ඉටු කරන්න ඕන

අපි කොහොමද අදුනාගන්නේ මොනවද අදුනාගන්නේ,

රෝග ලක්ශන වලින් තමා ඒක කරන්නෙ. සරලවම උබ,

කොරෝනා වලට පැනිය ගහපු එකෙක් නම්
අන්තර්ජාතික බිස්නස් කියලා q net වගේ ඒවට අහුවෙන එකෙක්නම්
මාස්ක් එකක් ගැලෙව්වහම පාර දිගේ දාලා යනවනම්
දහ දෙනෙකුට යැව්වහම සුබ පනිවිඩේ අහන්න දේව රූප වට්සැප් එකේ යවනවනම්
ලක්ශ 70-80 ක් දීලා ජැක් එකක් ගැහුවහම බොඩිය කඩං බහින ඩොල්ෆින් වගේ ඒවා ගන්න හිතෙනවනම්
ගොසිප් සයිට් වලින් ඇත්‍ත කියල නිවුස් බලනවනම්
නාඩගම්කාරයෝ එකේ දයාවතීගේ මිනිහගෙන් බන ඉගෙන ගන්නවනම්
තාම බැසිල්ගේ අත්සන තියෙන සල්ලි කොල නැති නිසා සල්ලි අච්චු ගහලා නෑ කියල හිතෙනවනම්
මේ වෙලාවේ හැම එකාම වත්ත වටේ බෝංචි මෑකරල් වැව්වහම මේ ප්‍රශ්නේ විසදෙනවා කියල හිතෙනවනම්

ඉස්සෙල්ලම තේරුම් ගන්න උඹ ආයේ අමු ගවය තමා කියල. 😂

තේරුම් අරන් මේ සිද්දිය අද්‍යනය කරලා ඔලුවට දාගන්න ඕන. ඊට පස්සේ මම අර උඩ කිව්ව රෝග ලක්ශන තියෙන ගවයො ගෙවල් වල ඉන්නවනම් උන්ව දැනුවත් කරන්නත් ඕන කොන්ඩම් එකක් දාලා චන්දේ පාවිච්චි කරන හැටි ගැන..

නැත්නම් උබලා මෙහෙම නෙමේ එදාට භාරකාර රජය පන්නන්න පාරට බහින්නෙ..

ඉතිහාසෙ අපිට වඩා කෙල උන අල උන ඇදි ඇදී ගිය ආර්තික තිබ්බා. ඒවා ලෝකේ දැවැන්ත රටවල් උනේ මේ වගේම බිද වැටුනු ආර්තික එක්ක. මිනිස්සු පුරවැසි යුතුකම අදුනා ගත්තේ ඒ ලැබුනු දඩුවම් සහ පන්නරය එක්ක. අපි හැමෝම ආශිර්වාද කරමු අපේ මව්බිමට. මේ 1948 ඉදන් ඉන්න කාලකන්නි වගේ උන් නැතුව බුද්දිමත් ජවසම්පන්න දක්ශ නායකයො පහල වෙන්න සහ උන්ව තෝරාගන්න මට්ටමට උන්ට සහය දෙන මට්ටමට ඔය බුද්දි ගලනය එක්ක ඉතුරුවෙලා ඉන්න බහුතර අඩු බුද්දි මට්ටමේ බහුතරේ කතිරෙට නුවනැස පහල වෙන්න කියලා

හැම අදුරු වලාකුලකම රිදී රේකාවක් තියේ. මේක හරියට ගේම ගැහුවොත් ජාතිය ගොඩ.. ඒත් මට යන්‍තම් නාහෙට දැනෙනවා හරි බාරකර ආන්ඩුවක් ඇවිත් මේක ගොඩදාගෙන යනකොටම තොපිට ආයෙම රට රකින විරුවෙක් ඕන වෙන්න පටන් ගන්නවා කියලා..

සුද්ද යනකොට කියලා ගිය එක තමා කියන්න වෙන්නේ.. මේ රටේ ජහමනයාට ජනතා පරමාදිපත්‍ය – චන්ද බලය බරපතල වැඩී.. උන් තමා මේක අල කලේ. මේ පාරවත් අපි අපේ පැත්‍තෙන් යුතුකම ඉටු කරමු…

උපුටා ගැනීම – කෝසල එදිරිසිංහ ගේ Facebook පිටුව