බලාපොරොත්තුව

හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

අනාගතය ගැන තේරුමක් නැතුව අනාගතය වෙනස් කරන්න, හරි මගට ගන්න විදියක් තේරුනේ නැති රටට අද උඹලා බලාපොරොත්තුවක් ගේනව. මේ අරගලය ඇතුලෙ උඹල මේ එලියට ගේන සහජීවනය, ස්වයංවිනය, ආදරය, නිර්මාණශීලීත්වය මෙච්චර කාලෙකට දැක්කෙ අතරින් පතර මිනිස්සු අතරෙ. ඒත් ජාති ආගම් භේද නැතුව එක තැනකට රොක් වුන උඹලා හැමෝම අතරෙ මේ ⁣දේවල් තියෙනව දැක්කම හිතට එන සතුට කියල නිම කරන්න බෑ. මේක තමා ලංකාවෙ අනාගතය විය යුත්තේ. අපි අරගලය දිනයි අනිවාර්යයෙන්ම. ඒ අරගලය දිනපු රටේ අපි ඊට පස්සෙ ඉන්න ඕනෙත් මේ විදියටමයි.
මෙච්චර කල් අපි හිටියෙ සතියකින් උන දේවල් අමතක වෙන ජාතියක් විදියට. අපිව ඒ තත්වෙට දැම්මෙ මේ නිවට දේශපාලඥයො. ඒත් මගෙ පරම්පරාවට තනියම හිතල නිවැරද්ද තොරගන්න මොළයක් ති⁣යනව වගේම කලින් පරම්පරාවලට නොතිබුන කොන්දක් තියෙනවා. ඒක මං කියන්නෙ ආඩම්බරෙන්. ඒ හින්ද මේ අරගල⁣යේ මුලික අරමුණ ඉෂ්ඨ වුනාට පස්සෙත් ලංකාව තුළ ආකල්ප හැදෙන්න ඕන මේ විදියටමයි. ඒක අනාගතය ගැන මට තියෙන බලාපොරොත්තුවක්. මගේ රටේ කොච්චර ප්‍රශ්න තිබ්බත් මගේ රටේ අනාගතය ගැන මහ මෙරක් තරං බලාපොරොත්තු ඇති කරන ඔයාලට පිං.

අපිව වට්ටපු තැනින් අමාරුවෙන් උනත් නැගිටිමු. අරගලයට ජය. ශ්‍රී ලාංකිකයෙක් විදියට පට්ට ආඩම්බරයි.