ගෝටා ගෙදර යායුතු ඇයි?

Hasith Lakshan

පසුගිය සතියේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී රජයේ පාර්ශවයෙන් මෙන්ම විපක්ෂයෙන්ද ගෝටා ගෙදර යායුතු හේතු දක්වනු ලැබිණි.

1. නව මුදල් අමාත්‍ය අලි සබ්රි හිරු සලකුණ වැඩසටහන (2022/04/11): “අද ඇතිවී ඇති ආර්ථික අර්බුයට පී බී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව් ඩී ලක්ෂමන්, එස් ආර් ආටිගල යන පුද්ගලයන් සෘජුවම වගකිව යුතුය. මොවුන් දිගින් දිගටම IMF යෑම සහ debt restructuring එකට විරුද්ධ වූ අතර home grown solution එකක් ගැන කියමින් ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය අන්දා ඇත.”

ආර්ථිකය මෙහය වූ සතර දෙනා මොවුන් වන අතර ඔවුන් පත් කරනු ලැබුවේ ගෝටාභය විසිනි. මොවුන් ලබාදෙන උපදෙස් වැරදිද නිවැරදිද යන්න තේරුම් ගැනීමට තරම් සාමාන්‍ය දැනුමක් (common sense) නොමැති කම ගොටාභය ගෙදර යා යුතු එක් හේතුවකි.

2. නව මුදල් අමාත්‍ය අලි සබ්රි හිරු සලකුණ වැඩසටහන(2022/04/11): “ජනාධිපති සත් භාවයෙන් ගත රසායනික පොහොර නැවැත්වීමේ තීරණය අවාසනාවන්ත ලෙස වැරදීම…..”

රජයේ පාර්ශවයෙන් රසායනික පොහොර නැවැත්වීමට ගත තීරණය කවුරුන් විසින් ගත් එකක්ද යන්න ඒ දිනවල සගවනු ලැබිණ. අලි සබ්රි ගේ කතාවෙන් තහවුරු වෙන්නේ ඒ තීරණය ගොටාභය විසින් ගන්නා ලද්දක් බවයි. එම වැරදි සහ දුර දක්නා නුවණක් නොමැතිව හදිසි තීරණය නිසා රටට අහිමි වූ ආදායම, අහිමිවූ අස්වැන්න සහ අසූචි නැව් වලට ගෙවීමට වු වන්දි සියල්ලටම වගකිව යුත්තේ ගොටාභයයි.

3. ආචාර්ය හර්ෂ ද සිල්වා දෙරණ 360 වැඩසටහන(2022/04/11): “ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා (chief economist) වන ශාන්ත දේවරාජන් මෙම වසර මුලදී ගොටාභය මුණ ගැසී IMF යා යුතුයි බල කර සිටියත් ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කර ඇත්තේ අජිත් නිවාඩ් ගේ උපදෙස් ඊට පටහැණි බව කියමිනි”.

මෙම වසර මුලවත් IMF ගියා නම් ආර්ථික අර්බුදය මෙතරම් දරුණු නොවනු ඇත. ඒ අනුව නැවතත් කියන්නට තියෙන්නේ economics ගැන තියා සාමාන්‍ය දැනුම වත් නොමැති ගොටාභය, වැරදි පුද්ගලයන් තනතුරු වලට පත් කර ගැනීම, ඔවුන් ලබාදෙන වැරදි උපදෙස් හිස් මිදුනෙන් පිලි ගැනීම, වැරදි තීරණ නිවැරදි කිරීමට මාස ගණන් කල් ගැනීම මත අද අප අත් විදින ආර්ථික අර්බුදයට සෘජුවම වගකිව යුතු බවයි.

පාස්කු ප්‍රහාරයට එකල ජනාධිපති මෛත්‍රීපාල වගකිව යුතු වුවත් ඔහු එය ඔහුගේ වරදක් නොවන බවට අත පිසදා ගැනීමට උත්සාහ කලා සේම වැරදි තීරණ ගත් ගොටාභයත් මෙම අර්බුදයට තමන් වගකිව යුතු නැති බව දැන් ප්‍රකාශ කරයි. එහෙත් ඔහු සේම ඔහුට එම වැරදි තීරණ වලට අනුබල දුන් පී බී ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව් ඩී ලක්ෂමන්, එස් ආර් ආටිගල යන පුද්ගලයන් ද කවදා හෝ දවසක අධිකරණයක වරදකරුවන් විය යුතු නොවේද?

ආචාර්ය හර්ෂ ද සිල්වා දෙරණ 360 වැඩසටහන(2022/04/11): https://www.youtube.com/watch?v=C-uUbNIxhV4

නව මුදල් අමාත්‍ය අලි සබ්රි හිරු සලකුණ වැඩසටහන (2022/04/11): https://www.youtube.com/watch?v=RP6HTiP7YjM&t=1114s