අරගල බිමේ නොඇසුන කතා – “කුරුසේ කෝ?”

Dinesh Dissanayake

1.jpg

ගොබ් ඉරිදා (10) කතෝලිකයෝ විදියට අපේ ශුද්ධ වූ සතිය ආරම්භ කරපු දවසේ අරගල බිමට කුරුසියක් ගෙනත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මේ පොළවට පස් වුන අපේම මිනිස්සු වෙනුවෙන් තවමත් යුක්තියක් ඉටු නොවුන එක ගැන අපි එතන පොඩි වැඩක් කළා.

ආගම් බේදයක්, ජාති භේදයක්, පක්ෂයක් පාටක් කිසිවක් නැතුව ගෑස් ප්‍රශ්න, පොහොර ප්‍රශ්න, ජීවත් වෙන්න තියෙන අමාරුව, පාලකයෝ කරන පිස්සු වැඩ මේ හැමදේකටම විරුද්ධව අරගල කරන්න ගාලුමුවදොර දොරේ ගලමින් තිබ්බ ජනතාව සමඟ මේ රටේම ජනතාවක් විදියට අවුරුදු 3ක් අරගල කරපු ප්‍රශ්නයකට උත්තර තවම නොලැබුන නිසා පාලකයන්ට ඒ බව දැනුම් දෙන්න මේ වැඩේ සංවිධානය කරලා තිබ්බා.

මේ වැඩේට කතෝලිකයෙක් වෙච්ච Shehan Malaka Gamage, බෞද්ධයෙක් වෙච්ච Vimukthi, ආගමක් සම්බන්ධයෙන් මතයක් නොදරන Don Supz වගේම අන්තරේ අපේම සොයුරු සොයුරියන් එක්ක තව කීපදෙනෙක්ම ඉස්සරහින් ඉඳල වැඩ කළා.
එදාට පස්සේ එතනට ගිය බොහෝ දෙනෙක් කතා කරලා Msg දාලා කිව්වා කුරුසේ කෝ? කුරුසේ ගලවලා කියලා.

ඔව් කුරුසේ ගැලෙව්වා. කුරුසේ ගැලෙව්වේ මේක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් නෙමෙයි පොදු අරගලයක් නිසා. 2019 අප්‍රේල් මාසේ 21 වැනිදා අමු අමුවේම ම.රලා දාපු ඒ 269ක් වෙච්ච අපේ සහෝදර සහෝදරියන් සියලු දෙනාමත් මේ අරගලයේ අපිත් එක්ක එකට හිට ගන්නවා කියන එක පෙන්නන්න විතරක් නිසා.

මම උඩ කියලා තියෙන්නේ හැමෝම දන්නා කතාව දැන් කියන්න යන්නේ හුඟක් අය නොදන්න කතාව.
මේ අරගලය පටන් ගත්ත දවසේ ඉඳලා අරගල භූමියේ ඉන්න හැමෝම වගේ දකිනවා පූජා ප්‍රසාදීන් වහන්සේලා, පැවිදි සොයුරියෝ ඉතාම උනන්දුවෙන් යුතුව මේ අරගලයට සිය දායකත්වය දෙනවා.

ඒ කිසිම කෙනෙක් අපි කතෝලිකයෝ එක්ක විතරයි කතා කරන්නේ අනිත් මිනිස්සු අපිට වැඩක් නෑ කියල අදහසක් හිතේ කොනකවත් තියාගන්නේ නැතුව හැම කෙනෙක් එක්කම කමින්, බොමින්, අදහස් බෙදා ගනිමින් මේ අරගලයේ අරමුණ වෙනුවෙන් තම දායකත්වය ලබාදෙනවා.

එහෙම මේ අරගලයට සක්‍රීයව දායක වෙච්ච ගරු පියතුමන්ලා කිහිප දෙනෙක්ම කුරුසිය තියපු දවසෙම කතා කරලා කියනවා දිනේෂ් එතන තියෙන්නේ පොදු අරගලයක් එතනට කුරුසියක් තියන්න එපා. එතකොට කතෝලිකයෝ පොදු අරමුණට යන්නේ නැතුව එක තැනකට හිර වෙයි. මේ රටේ මිනිස්සු විඳින දුක අපි එක ප්‍රශ්නෙකින් වහන්න හොඳ නෑ කියලා.

කළු පටිය බැඳ ගත්ත, සුදු ලෝගුව ඇඳ ගත්ත මේ මිනිස්සු මෙච්චර කල් කොහෙද හිටියේ කියලත් සමහර වෙලාවට නොහිතුනා නෙමෙයි එත් පියතුමන්ලා එහෙම කියද්දී මම මේකේ පෙරමුණේ හිටපු කිහිප දෙනෙක්ට මේ පණිවුඩය දුන්නා.

ඒ වෙද්දීත් කුරුසේ එතන නෑ..
මේක පොදු අරගලයක් ✊🏼✊🏼
ඒ නිසා අපිට අරගලයේදී ආගමක්, ජාතියක්, පක්ෂයක් පාටක් නෑ
අරගලයට ජය ✊🏼🇱🇰