අරගලයේ අරමුණ දිනන්නට නම්….

Kasun Thumbovilage

අරගලයේ අරමුණ දිනන්නට නම්

කතාව නම් ටිකක් දිගය.කරන්නට දෙයක් නැත.ලිවිය යුතුමය.
අපි කොහොමත් මේ රටට අරගලයක් නය මිනිස්සුය.ඉතින් අරගලය ඇරැබි ඇත.
ඉතිහාසයේ අරගලයන් තුල කිසිම අවස්තාවක මේ තරමින් දේශපාලකයන් අප ඉදිරියේ දන නමා නැත.ඔවුන් අසරණ වී ඇත.අවස්ථාව ඇත්තේ අප අතය. ඔවුන්ට අපට ආයුධ මගින් පහර දිය නොහැක,ජාත්‍යන්තර සංවිධාන අප වෙත ඇස යොමාගෙන සිටින අවස්ථාවකි.ඔවුන් ලබා දෙන ආධාර නැවතුනොත් අන්තිම වෙනකම් ඩොලර් කෑල්ල හොරකන්නට බැරිය.
ශ්‍රීලනිපය හා අනෙකුත් පක්ෂ ස්වධීන වුයේ අගමැතිකම ගන්නා පක්ෂයට සෙට් වීමටය.ඇමතිකම් ටිකක් ලබාගන්න පුළුවන්ය.විමල්, ගම්මන්පිල දේශපාලනය තුල නරි කපටින්ය.අනුරට අරන් කරන්න දෙයක් නැත.ජාතික ජනබල වේගයට ඇත්තේ ආසන 3ය.අනුරලා ගේන ව්‍යවස්ථාවකට පොදුජන පෙරමුණ සහ සජබයත්, යූන්පී එකත් කැමති නැත.එකතුවී හොරා කෑ දේවල් දන්නේ ඔවුන්ය.ඔය සෙට් එක ව්‍යවස්ථාව පරාජය කර අනුරත් පීචන් කරනවාය.රංජන් කිව්වා සේ එයාලා යාලුවෝය.ඕක අනුරත් දන්නා නිසා නිහඩව ඉන්නවා විනා වෙන දෙයක් කරන්නේ නැත.අනුරත් බලන්නේ මේ ගේම් එක අපි ගසලා දෙනකම්ය. සජිත්ට අරන් කරන්නටද බැරිය. එයා ආවොත් ඉන්න වෙන්නේ “ආ ගහන්න පුතා අප්පුඩියක් , ඩිස්ඩි ඩිඩින් ඩිස්ඩි ඩිඩින් බිස්කට් කුඩු බිස්කට් කුඩු ” සීන් එකේය.
පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මිනිසුන් ගැන කතා කර වැඩක් නැතිය.දේශපාලනය තුල උන් සහ උන්ගේ මහා එවුන් හම්බ කරපුව නිසා ජිවත් වෙන ජීවින් කොටසක් විනා වෙන දෙයක් නැතිය.
සීමිත පිරිසක් තවමත් කරන්නට දෙයක් නැතිව ඉතිරිවී සිටී.ඔවුන්ගෙන් වැඩක් ගත යුතුය.
මට විකල්පයක් පේන්නෙම නැත. අනුර ලවා හෝ අපිට මේ ගේම ගසන්නට පුළුවන්ය. මට පක්ෂයක් පාටක් වැදගත් නැත.මට වැදගත් වන්නේ අරගලයේ අරමුණය.
අපට මේ රටෙන් යන්නට ඕනේ තරම් අවස්ථාව තිබියදීත් මේ රටට වෙලාම හිටියේ මේ රටේම ඉදන් ගොඩ එන්නට ශක්තියක් ඇති මිනිසුන් ලෙසය. මේ රටට ඒ තරුණ ශක්තිය කැප කර වැඩක් නැති බව ත්රුම් ගත් මිනිසුන් වෙන රටවල් සොයා ගියහ.
මා අවුරුදු 18දී කෑ කට්ට දැන් ඉන්න අවුරුදු 18 එකාත් කනවා නම් අපි තරුණයන් විදියට ෆේල්ය. අපට වැරදුන තැන් අපිට වරද්දපු තැන් අපිව රවටපු තැන් ඔවුන්ට කියා දිය යුතුය. ඔවුන් අපි පසු කර ඉදිරියට යා යුතුය.ඔවුන් විප්ලවයෙන් පසු උපන් දරුවන්ය.හිතන විදිය පවා අපිට වඩා ඉදිරියෙන්ය. මේ ජරා ජීර්ණ දේශපාලනයෙන් ඔවුන් මුදුවා ඔවුන්ට රටේ පාලනය ලබා දිය යුතුය.තරුණ කාලය නැතිවී ගිය පුරවැසියෙක් ලෙස මගේ යුතුකම එයය.
අප තවත් මේ රටේ තරුණ ජිවිත බිලිදිය යුතු නැත.සිවිල් සමාජයේ උවත් හමුදාවේ උනත් පොලිසියේ උනත් මේ රටේ වැඩ කරන තරුණ තරුනියන්ය.උන්ට නිදහසේ ජිවත් වීමට පරිසරයක් නිර්මාණය කල යුතුය.කොන්ද කෙලින් තබාගෙන වැඩ කළහැකි පරිසරයක් නිර්මාණය කල යුතුය. මේ රටේ තරුණ ප්‍රජාව ආසන්න වශයෙන් මිලියන 5ක් සිටිති.ඔවුන්ට නිසි මගපෙන්වීමක් අවශ්‍යය. මේ රටේ තරුණ ප්‍රජාවෙන් ගත යුතු වන්නේ කුමක්ද යැයි වෙනම කතා කල යුතු දෙයකි.ඒක මට බැරිය. ඔවුන්ව අහිමි කරගතහොත් මේ රට ඉබේම මැරුණු රටක් වෙන එක නවත්තන්න කිසිම කෙනෙක්ටද බැරිය. දේශපාලකයින්ට දැන් ඕනෙත් ඒකමය. කොල්ලන් කෙල්ලන් ටික මරාගෙන හරි මර්ධනය කල හැකි නම් මෙලහට කරලාය.
අරගලය ඇත්තේ මෙතනය. අපි සැම එකට එක් විය යුතුය.පුද්ගල හා පටු අරමුණු වලින් තොර සංවිදාන බිහිවිය යුතුය.
අප විසින් කරනා සෑම ක්‍රියාවක්ම ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය.එක මිනිසෙකුවත් නිකරුනේ හිරේ යන්නට බැරිය. අපිට මේ රට ගොඩගන්න පුළුවන් කියන මිනිසුන් ඉදිරිපත් විය යුතුය.හැම මිනිසෙක්ම තමන්ගේ වැඩ කොටස නිසියාකාරව ඉටුකරන මිනිසුන් කොටසක් විය යුතුය.හැකියාවට සහ අධ්යාපනයට සුදුසු තැන ලබාදිය යුතුය.
පළමුව කිසිදු දේශපාලකයකුට (225+1) රටින් පිටව යා නොහැකි වන සේ වාරණ නියෝග ලබා ගත යුතුය.ඉන්පසුව ජනතා සංවිධාන හා විද්වත් පිරිස් වල අදහස් තුලින් ඉදිරිපත් වන නව ව්‍යවස්ථාවකට පාර්ලිමේන්තුවේ කැමැත්ත ලබා දිය යුතුය.
ඔය ඉන්න සෙට් එකේ බහුතරයක් ඕකට අකමැතිය.ඔවුන්ව එයට කැමති කරවා ගැනීම අපේ අරමුණ විය යුතුය.
අනුරව ඕනේ වෙන්නේ එතෙන්දිය.අනුරට බහුතර බලයක් දුන්නොත් එය නොගෙන ඉන්නේ නැතිය.
ජනාධිපති ඉල්ලා අස්විය යුතුයි. සියලු පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සිවිල් සංවිධාන හා පිළිගත් විද්වත් වුර්තීයවේදීන් සදහා ලබාදිය යුතුයි.ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ආසන 29කි.චන්දෙන් පත් වූ මන්ත්‍රීවරු ඉන්නවා නම් නව පාලනයකට ලැහැස්ති ඒකත් තීරණය කල යුත්තේ ජනතා සංවිධාන විසින්.(නව පාලනයට ඉන්න සෙට් එකෙන් ගන්නේ කවුද නොගන්නේ කවුද යන වග).එහෙම කරලා නව ව්‍යවස්ථාව සම්මත කරගත්තොත් මේ අරගලය දිනන්න පුළුවන් වෙයි.එහෙම නැත්නම් කලින් අරගල වගේම උන් මේකත් ඔහේ යන්න ඇරලා උබලට අරමුණක් නැහැ කියන වචන ටික ගෙනල්ල මේ අරගලයත් යටපත් කරනවා. මුළු රටම එක දිගට දවස් 5ක් හෝ කැපකිරීම කලා නම් අගනේය. ජනතාව ඉදිරියේ මන්ත්‍රීන් නව ව්‍යවස්ථාවට පක්ෂපාති විය යුතුය. ව්‍යවස්ථාව සම්මත වූ වහා හමුදාව පොලිසිය බැදී ඉන්නේ උන්ව ආරක්ෂා කරන්න නොවන වග ඔවුන්ට තෙරුම් කර දිය යුතුය..හොරු ටික එවෙලේම බන්ධනගරගත් යුතු කර යුතුයි.මේ රටෙන් කොල්ල කාපු හැම සතයක්ම මේ රටට ලැබෙන්න සැලැස්විය යුතුයි. කලින් හිටිය එවුන්ගේත් එක්ක.
කිසිදු ලේ වැගිරීම් වලින් තොරව මේ ක්‍රියාව සිදු කරන්න හමුදා අංශ සහ පොලිසිය එකතු කරගත යුතුයි.හැම ජීවිතයක්ම අපිට වටිනවා.
අපි දකින්න ඕනේ මේ රටේ තරුණ ළමයි ටික අපිට වඩා හොද වැඩ ටිකක් කරනවා.ඉලෝන් මස්ක්ලාගේ ඉදන් ජෙෆ් බෙසොස් , Anonymous ල වෙනකන් කොල්ලෝ කෙල්ලෝ මේ රටෙන් බිහි වෙන්න ඕනේ. හාර්ට් මෙයීන්, කැමරින් වොරන් වගේ ළමයි ඇලෙක්සැන්ඩර් කුලිට්ස්කි, අභාස් සුමන් , ක්‍රිස් පැකම් වගේ මිනිස්සු මේ රටේ හැදෙන්න ඕනේ.
මතක තිය ගනිල්ලා උපදින්න ඉන්න දරුවා පවා නය කරපු රටක් මේක. සමහර විට මිට වැඩ හොද විසදුමක් ඔබට තියෙන්න පුළුවන්.සංවාදයට විවුර්තයි. උන් ගහන්නේ ගේම් එකක් නම් අපිත් ගහන්න ඕනේ ගේම් එකක්. හැම සිවිල් වැසියෙක්ම හැම සිවිල් සංවිධානයක්ම එකට එක් විය යුතුයි.
දේශපාලකයන්ගෙන් දොළ පිදේනි ලබන එවුන්ටත් කියන්න තියෙන්නේ මෙය ජනතා අරගලයක්ය.මිලියන 22ක ප්‍රශ්නයක්ය.උබලා මේ මිනිසුන්ට ලොකු නැත. හරි විදියට රට දුවන්න ගත්තොත් උබලාටත් හොදය.
මිනිස්සුගේ බය නැති කෙරුවට අර නීතිවේදී මහත්ම මහත්මීන්ට පින්ය. එහෙම උනේ නැත්නම් අපි උන් තාම එලියට එන්නේ නැත.ඉතින් එලියට ආව එකේ ඉතුරු ටිකත් කරගෙනම යමු.ශිෂ්ට වෙන්න.විනයක් තියාගන්න.ප්‍රචණ්ඩකාරී නොවෙන්න.මේක විසදන්න ඕනේ සාමකාමීව උන්ව බල්ලා මාක් එකට දාල මිසක් අපේ අරගලය බල්ල මාක් වෙන්න නෙමෙයි.
අරගලය තුල ජාති බේද පන්ති බේද ආගම් බෙදා තිබිය යුතු නැත.අපි සියල්ලෝම ශ්‍රී ලාංකිකයන්ය.
මේ ක්‍රියාවලිය හරි විධියට සිදුවුවහොත් අලුත් නායකත්වක් සොයා ගැනීමට ප්‍රමාණවත් කාලයක් අපට ලැබෙනු ඇත. එහෙම නැති වුවහොත් හොරු ඇල්ලීම කොහොම නමුත් අපිට වෙන්නේ ඇෆ්ගනිස්තනයටවත් යාමටය.
තව නායකත්ව කොටස් එකතු විය යුතුය. උතුරෙන් දකුණෙන් නැගෙනහිරින් බටහිරින් මිනිසුන් එකතුවිය යුතුය.අරමුණක් ඇතිව අරගලය කරන්නේ නම් කියන්න තියෙන්නේ මැරෙන්න හරි එනවා කියාය.
අරගලයට ජය වේවා…

කසුන් තුම්බෝවිලගේ

#gogotahome2022 #GoGotaHome #srilankapolitics
#එකාවගේ #එකරටක් #Revolution2022