These long nights, spent with you my dear comrades.

Anu Madhubhashinie

IMG_9975.jpg

අද උදේ නැගිට්ටේ ” I’m waking up in a new country” කියන හැඟීමෙන්.

පොඩි කාලෙ ඉදලා political, economical, educational , generation-gap, cultural, racial, religious, සහ දහස් ගනන් තව pressures වලින් වට වෙලා, ඒත් නැහැ කවදා හරි මගේ රටට හරි යයි කියන බලාපොරොත්තුවේ හැඟීමෙන් රටට ම වෙලා හිටපු මගේ generation එකේ මිලියන ගානක කට්ටිය එක්ක ඊයේ පාරට බැස්සේ පුදුම සතුටකින් සහ ආඩම්බරයකින්.

Protesters ලා අතරේම හිටපු පිස්සු dial එකක් දෙකක් පොඩ්ඩක් violent වීගෙන එනකොට protesters ලාම එයාලාව නවත්තපු හැටි මම දැක්කා.

barricades වලට පයින් ගහලා ඒවා එහාට මෙහාට කරපු දෙතුන් දෙනාව calm කරලා, barricades තිබ්බ විදිහටම තියලා police එකට උදවු කරපු අය මම දැක්කා.

තමන්ගේම bag වලට බිම තිබ්බ කුනු එකතු කරලා Galle Road අයිනේ තිබ්බ trash can වලට දාපු අය මම දැක්කා.
තනියෙන් යාලුවෝ හොයාගෙන කට්ටිය අතිරින් යනකොට ලොකු කට්ටියක් slogans අරන් මගේ ඇඟට වැදි වැදි යනවා දැකලා දෙපැත්තට ඇවිත් අත දාලා මම එතනින් යනකන් හිටපු boys ලා තුන් දෙනෙක් මම දැක්කා.

පොඩි කාලෙ ඉඳන් pressurize වෙවී , අපේ අදහස් කිසිම දෙයක් තේරුම් ගන්නේ නැති generations දෙකකට මැදි වෙලා අමාරුවෙන් පාඩුවේ වැඩ කරගෙන යන 80s 90s kids වෙන අපිට අපේ හීන හැබෑ කරගන්න දෙන්නේ නැතුව, මෙච්චර වද දිදී අපිව depress කරවන දූශිත පාලකයන් සහ උන්ගේ minions ලා රටේ සියලු systems වලින් අයින් වෙනකන්, මේ අරගලයේ අපි හැමෝම ඉන්නවා!

මේක ප්‍රේමයේ අරගලයක්.
2019 පාස්කු අපරාධයට දෙවියන් වහන්සේ දෙන සාමයේ තීන්දුව.

මේක අපි ආදරයෙන් පටන් ගත්ත Love Revolution එක.
ආදරයේ generation එක ආදරයෙන්ම මේක ඉවර කරනවා. එතකන් අපි නවත්වනේ නැහැ.

නිදහසේ ආදරය කරන්න, නිදහසේ ජීවත් වෙන්න, නිදහස් ලන්කාවක් උදෙසා!!

ජය වේවා!
©

~අනූ #wordswithAnu

#GoHomeGota #GoHomeGota2022 #srilanka #srilankan #geny #freezerajapaksemoney #giveusourstolenmoneyback #gottago #srilanka #anumadhubhashinie #wordswithAnu