Gohomegota

Lasith Weerakoon

604586BE-5795-42A5-9688-DBDF307C9FC8.jpeg

මේ #මහල්ලන්ට අනාගත පරපුර ගැන කිසිම දැනුමක් නෑ. මුං අදටත් මිනිස්සුන්ව හදුන්වන්නේ “අන්ත අසරණ ජනතාව” කියලා.. දැන් දැන් ආයෙත් 225 ම එළවන්න ඕනෙ වගේ කතා ජනප්‍රිය වෙන්න පටන් අරන්.

මට මතක විදියට මේ ට්‍රෙන්ඩ් එක මුලින් පටන් ගත්තෙ පාස්කු බෝම්බ ප්‍රහාරෙන් පස්සෙ. විශේෂත්වෙ තමයි ඒ ජාතියෙ කතා කියපු ජනතාව හැමෝම වගේ ඊළඟ වටයෙදි මේ පොහොට්ටු ආණ්ඩුව ගේන්න පෙනී සිටීම. 225 ම එපා ඒත් ගෝඨත් එක්ක ඒ සෙල්ලම් බෑ වගේ කතා කිව්වෙ මෙයාල තමයි.
එක අතකට මේවට ගොනුවෙන පිරිස් අහිංසකයි. ඒ වගේම ඒ අහිංසකකම අස්සෙ අම්බ තක්කඩි කමකුත් තියෙනවා.
අයෙත් දැක්කොත් ඔබ හොඳට නිරීක්ෂණය කරල බලන්න මේ කතා කියන පිරිස් වල ස්වභාවය! 🙂

225 ම එපා – ගෝඨා හොඳයි – දැන් ආයෙත් 225 ම එපා වෙලා. 😃

මට ඡන්දය තියෙන්නෙ හම්බන්තොට දිස්ත්‍රික්කෙ. 2019 දි ජනාධිපතිවරණයෙදිත් මහමැතිවරණයෙදිත් දෙකේදිම මම ඡන්දෙ දුන්නෙ මාලිමාවට. ඒත් හම්බන්තොට දිස්ත්‍රික්කෙන් මම ඡන්දෙ දුන්නු කණ්ඩායමෙන් පාර්ලිමේන්තු නියෝජිතයෙක් තේරී පත්වුනේ නෑ. එතකොට මගේ ඡන්දෙ කවුන්ට් වෙච්ච විදිය තමයි “ජාතික ජනබලවේගය”ට හිමිවුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට එයින් දායකත්වයක් ලැබීම.

ඒ නිසා මගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය 225 න් කෙනා තමයි හරිනි අමරසූරිය!

ඉතින් ඒ 225 න් මගේ නියෝජිතයා ගැන මම ඉතාමත් ආඩම්බරයි.

ඒ වගේ තමන්ගෙ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය මිනිස්සු ගැන ආඩම්බර වෙන මිනිස්සු ලක්ෂ ගාණකුත් මේ රටේ ඉන්නවා.

ඒ වගෙම තමන් ඡන්දය දුන්න පක්ෂෙන්/කණ්ඩායමෙන් නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට මෙවර තේරීපත්නොවුනත් ඒ දුන් ප්‍රතිපත්තිගරුක ඡන්දය ගැන ආඩම්බරවෙන මිනිස්සු දහස් ගණනකුත් මේ රටේ ඉන්නවා.

ඒ වගෙම තමන් “හේරා කියල හිතාගෙන දැම්මෙ තඩි හාරත බූරුවෙක්” බව තේරුම්ගත්තු මිනිස්සු ලක්ෂ ගාණකුත් මේ රටේ ඉන්නවා.

එහෙව් රටක, මේ ඔක්කොගෙන්ම පස්සෙත්, වියත්මඟේ ජයසුමනලා, වීරසේකරලා වගේ හාල්කෑලි ඇවිත් “රට හදයි” කියල විශ්වාසකරපු,
දැන් පස්ස බිමඇනගෙන ඉන්න,
ඒ වගෙම තාමත් “ඒ කාලෙ යම් සිදුවීමක් උනා තමයි, ඒත්” කියල වංගු ගහන ඇත්තන්ට අනුව,

හරිනිවත් එළවන්න ඕනේ!
අනුර දිසානායකවත් එළවන්න ඕනේ!
සම්බන්දන්, රාසමානික්කම් එහෙමත් එළවන්න ඕනෙ!
පාඨලීත් එළවන්න ඕනෙ! 😃

කියන්න ඕනෙ උනේ, 225 ම එළවන්නෙ මොකටද?
අපි යවපු උන් අපිට හොඳයි. ඔයාල යවපු උන් හොඳ නැත්තන් එයාලව එළවගන්න!
Designer – Lasith Weerakoon

#GoHomeGota2022