හණමිටි අදහස් දරන ග්‍රාමීය වැඩිහිටියන් උදෙසා

Hemindi Kalubovila

ඔබේ නිවසෙ සිටින අරගලය සත පහකට ගණන් නොගන්නා හණ මිටි අදහස් දරණ  වැඩිහිටියාට මෙය හඩනගා ඇසෙන සේ කියවන්න..

“.. අනේ උඹලා කරන අරගල..”
“.. මොනවද උඹලා දන්නේ..”
“.. දැන් ඉන්න ළමයින්ට මේවයේ තේරුමක් නෑ.. . අපිනේ දැක්කේ ඒ කාලේ.. කොල්ලො කෙල්ලෝ කී දාහක් මැරුවද.. පාඩුවේ හිටිය නම් උන් ඔක්කොම අද ජීවතුන් අතර..”
“.. අපිට මොකටද දේශපාලනේ.. මේ හේනක කුඹුරක වැවෙන දෙයක් කාලා අපි ඉන්නවනේ.. ”
“.. බොරුවට මේ ෆේස්බුක් එකේ එහෙ මෙහෙ දගලනවා.. ඔවයින් පුලුවන්ද ආණ්ඩු වට්ටන්න.. මේ තරුණ ළමයින්ගේ මෝඩ වැඩ.. මුන් ඔක්කොටම වඩා පණ්ඩිතයි. හිතන් ඉන්නේ සේරම දන්නවා කියලා..”
“.. වැඩිහිටියෙක් දෙයක් කිව්වම අහන්න ඕනි..”
“.. කොරෝනා නිසා සේර්ම.. අපිට විතරක් නෙවේ පිට රටවලටත් අමාරුයිලු..”
“.. මහින්ද මහත්තයට බනින්න එපා.. ඒ මනුස්සයා තමා අපිට ඉන්න රටක් ඉතුරු කලේ..”

ආදරණීය අම්මේ , තාත්තේ, මාමේ, නැන්දේ , සීයේ , ආච්චියේ…

මේ මට පෞද්ගලිකව මගේ ගමෙන් ඇසුනු කතායි.
අපිට පක්ශයක් නැත. පාටක් නැත. ජාති ආගම් බේදයක් නැත.
තරුණ පරපුර මේ ඉල්ලා හඩන්නේ ඔවුන්ගේ දිදුලන අනාගතයයි..
වහල් බවින් මිදෙන්නට තරම් ඔවුන්ගේ මනස සැකසී තිබේ. නමුත් නැති බැරි කම් එමට උනත් ගමේ ප්‍රාදේශීය සභාවේ නගර සභාවේ එකාට හිස නමා සිටීමට නුඹලාට ඇත්තේ පුදුම උනන්දුවකි. එක්කෝ නුඹලා වසර 74 තිස්සේ ගත් තීරණ වැරදි බව පිළිගැනීමට අකැමැතිය. නැතිනම් මුන් නුඹලාගේ මොළ හෝදලාය.
අවුරුද්ද සමරන්නේ කොහොමද..

කඩේට යන්න බස් එකට නගින්න. ටිකට් එක මීට මාස දෙකකට තිබූ අගය මෙන් දෙගුණයකි. සෙනග පිරිලාය. බස් නැත

කඩේකට වැදෙන්න..හාල්, පොල්, බී ලූණු පරිප්පු සොච්ච්මක් ගත්තද බිල 5000 පනී. බිස්කට්, පාන්  සතියෙන් සතිය රු. 50, රු. 100/= වැඩිවේ..
සතියකට පෙර 750/=  ඇදුම අද වන විට 1750/=  කි.
සෙරෙප්පු, බෑග්, ඇද රෙදි, මේස රෙදි, පාපිසි ගැන හිතන්නවත් ඉඩ නැත. තිලකවර්ධනෙන් ඇදුම් ගත් කෙනා අද පේමන්ට් එකෙන් මිලට ගනී.
පේමන්ට් එකේ කෙනා අල්මාරියේ යට තිබූ පරන ඇදුමක් ගෙන හෝදා ඇදගනී.

කැවිලි හදන්නේ කොහොමද අවුරුද්දකට
සීනි, පැනි, හාල් පිටි, මුං පිටි, කරදමුංගු, කරාබු නැට්ටේ ඉදන් ගණන් ය.
ගෑස් නැත. පෙට්‍රල් නැත. ඩීසල් නැත. දින දෙකක් පෝලිමේ සිට මගේ තාත්තා ගිය සතියේ තෙල් ගැහුවා මතකය.

හරි ඔක්කොම පැත්තකින් තබමු. කමක් නෑ නොකා ඉමු. තණකොළ මැල්ලුමක් හදා කොස් ගෙඩියක් තම්බා කමු. දරෙන් උයමු,  කුඩු ළිප් හදමු, එහෙම කරමු.
හා කමක් නැත. තරුණ පරපුරත් කට්ට කාගෙන ඉදිමු.
ඔබේ දරුවන්ට වෙන්නේ කුමක්ද..?

මේ වන විටත් ලිපිද්‍රව්‍ය හිගයකි. විදුලි කප්පාදුව නිසා ඔන්ලයින් ක්ලාස් වලට දැඩි බාධාය. පාසල් දරුවන්ට හිතුමතේ නිවාඩු ලැබේ. ගුරුවරු අසරණය. ගම්පහ ප්‍රසිද්ද ටියුශන් පන්ති වල පවා තත්වය සෝච්ණීයය.
ගල් ලෑල්ලේ ලියනන්ද.. එකේ සිට 5 වසර තෙක් මොකක් හරිකරමු..
( එහෙම කරන්නත් බැරිය..)
ඒලෙවල් , ඕලෙවල්
අවකලනය, අනුකලනය, සමාගම් ගණන්, ජීවී පද්ධති විස්තර කිරීම, විචාර ගල්ලෑල්ලේ ලියන්නද, වැලිපිල්ලේ ලියන්නද..
ශිශ්‍යත්ව පන්ති, ටියුශන් කඩ ද මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයි.

වසර ගණනක් දාඩිය මහන්සියෙන් ඔබේ බදු මුදලෙන් නිල ඇදුම්, පොත් පත් දී රජයේ පාසලට යවා, බදු ගැසූ පසු ඉතිරි වන සොච්ච්මෙන් ටියුශන් යවා ඉගැන්වූ ඔබේ දරුවන්ට අනාගතේ රස්සාවක් නැතිව පාරේ හිගාකන්නට වනු ඇත.
උපාධි ගෙන රත්තරං මාල් හොරුන්, මහ බැංකු හොරුන්, මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් රස්සා ඉල්ලීමට යන්නට වනු ඇත. උන් ඔබ්‍රෙ දරුවන්ට උගන්වන්නට රජයට ගෙවූ ඔබේ බදු මුදලින් උන්ගේ ළමයි පිටරට යවා උගන්වා එහි පදිංචි කර උන්ද එහි පුරවැසියන් වී , තොපේ දරුවන්ට
උස අයට සිකුරිටි, මිටි අයට පියන් කියයි..

කලාකාරයෙක්, චිත්‍රශිල්පියෙක්, නර්තන ශිල්පිනියක් , ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්නට
සිහින දකින ළමා හිත් වදෙන් පොරෙන් වෛද්‍යවරු, ඉංජිනේරුවන් කරන්නට වෙහෙසවන්නට සිදුවන්නේද එබැවින්ම නොවේ ද..?

88/89 දරුවන් මරා ඔවුන් කලේ උන්ගේ දරුවන්ට ඇති බාධක ඉවත් කිරීමම නොවේද..?

අම්මපා මේවත් දැක් අස අසා. තවමත් නුඹලා
“.. එ ඒ අය පෙර ආත්ම වල හොදට පින් කරලා.. ඒකයි.. මේ ආත්මේ කරන දේවල් එයාල ලබන ආත්මේ ගෙවයි..”

කියද්දී වැඩිහිටි කමට ගරු කර ඉවසාගෙන ඉන්නවා මිසක නැත්නම්  මූණට ගල්ගෙඩියක් අත අරින්නට හිතෙනවාය. මොකද ඒකෙන් තේරෙන්නේ නුඹලා දන්න බුදු දහමක් ද නැත යන්නය.

හැම මගුලටම කර්මය කීම බුදු දහම නෙවේය… ඒ ඉන්දියාවේ බ්‍රාහ්මණ දහමය. බුදුදහමේ කර්මය යනු එකකි. උතු, බීජ, කර්ම, ධම්ම, ඍතු  ලෙස නියාම ධර්ම 5 ක් නිසා දේවල් සිදු වෙන බව කියයි.

ඔබලාට තවම තේරෙන්නේ නැත.
ලේලිගේ, දුවගේ බඩේ ඉන්න නුඹේ කිරිකැටි මුනුබුරා මිනිබිරී නොමේරු ළදරුවෙක්ව ඉපිද පෙනහලු ශක්තිමත් වී නොමැතිව මිය ගිය දිනක,

අවුරුදු 20, 21 කැම්පස් යන්න හිටි ඔබේ පුතා, දුව හදිසි අනතුරකින් රෝහල් ගතව සැත්කමක් කරගන්නට බැරුව මිය ගිය දිනක,

අතේ උකුලේ හුරතල් ව හැදෙන අවුරුදු 5,6 පොඩි එකා නොතේරෙන කමට සර්පයෙක් අල්ලන්නට ගොස් දශ්ට කර ඉස්පිරිතාලේ ඕන කරන බෙහෙත් නැතුව මිය ගිය දවසක,

ඔබේ වයසක අම්මා තාත්තා හාට් ඇටෑක් එකක් ආවිට දිව යට තියාගන්නා පෙත්ත නැතුව පණ ඇද ඇද මැරෙන මොහොතකත්

“..අනේ, ඒ අපේ කරුමේ.. කරුමේ..කර්මේ.. ” කිය කියා  වැලපියව්..
ඒ තරමට මැදමුලනේ , මිරිහානේ, මන්ත්‍රී ගෙවල් වල අවුරුදු ගණන් වෙසෙන් නාකි හැත්ත තොපේ ඔලු හෝදලාය..

අපිට මැටි රොටී කන්නට කියා, උන් පවුල් පරම්පරා පිටින් අපේ අහිංසක මැදපෙරදිග, කොරියා, ජපන් රටවල් වල මිනිස්සු, ගැහැනු හම්බ කර එවන සොච්චම එකතු කර රට පනිනු ඇත.

එදාටත් කරුමේ කරුමේ කිය කිය සිටින්න..

නමුත් අපේ පරපුර එසේ නොසිටිනු ඇත. නුබලා කියන එක අසන එකක් ද නැත. අවුරුදු 74 ක් තිස්සේ අපේ අහිංසක වැඩිහිටියන් මුන් ගොනාට අන්දලාය.
බත් පැකට් එකට, අරක්කු කාලට, රස්සාවට, නුඹ දරුවන්ගේ අනාගතයම විකුණලාය. අවුරුදු 74 හිදීම එක වතාවක් වත් තමන්ගේ ඡන්දය නිවැරදිව භාවිතා කර නැති තරම් ය.
ආසියාවේ බලවත්ම රටව සිටි අපට වඩා කාන්තාර රටවල්ද දියුනු වන තුරු  නුඹලා උඩබලාගෙන සොටීම අපිට ලැජ්ජාවකි. ඒ කාලේ නුඹලාට ඒ දේවල් දැනගන්නට හැකියාවක් තිබ්බේ නැතුව ඇති. නමුත් හැකියාවක් ඇති අදත් නුඹලා ඒ ගැන දැනගන්නට පට්ටම කම්මැලිය. ඒ ගැන දැනගන්නට පොර කන අපටද ගරහයි. තාක්ශණය හැම විටම නරක නැත. ඕනෑම දෙයක හොද නරක දෙකම තිබෙන බව බුදුබනේ මෙන්ම හැම දහමකට ඇත.

එංගලන්තේ අපේ පුතා මෙහෙමයි, පාරවල් මෙහෙමනේ, නීතිය මෙහෙමනේ  ඔස්ට්‍රේලියාවේ මෙහෙමයි, කැන්ඩානේ අපේ දුව.. මෙහෙමයි අරෙහමයි , අපෝ මෙහෙ වගේ නෙවේ , නීති තදයි, මිනිස්සු හොදයි.. ලංකාවෙ මිනිස්සු මෝඩයිනේ කියලා සව්දම් වයන විට
“.. අනේ අපේ එකාවත් එහෙට යවාගන්න ඇත්නම් ..” කියා සිතුවා මිසක..
“.. අපේ රටත් එහෙම කරගන්න තැනට වැඩ කරවන්න ඕනි..” කියා ඔබේ පරම්පරාව හිතුවා නම්, අද තත්වය බෙහෙවින් වෙනස් වනු ඇත..

අනෙක් අතට ඇයි අප දුප්පත්.. අපි වගා කල්‍රෙ නැද්ද..අපි වැඩ කලේ නැද්ද්..ඉගෙනගත්තේ නැද්ද, විභාග සමත්වුනේ නැද්ද.. විශ්වවිද්‍යාල නැද්ද.. ස්වභාවික සම්පත් නැද්ද..මුහුදු මාර්ග කේන්ද්‍රස්තානයක් නොවේද.., ගුවන්තොටුපල කේන්ද්‍රස්තානයක් නොවේද.. වසර 2000 ලිඛිත ඉතිහාසයක් සමග ලිඛිත නොවන නමුත් පැවතුන ඉතිහාසයක් අපිට නැතිද..?
වාරි තාක්ශනය , ගොඩනැගිලි නිර්මානය, වෛද්‍යක්‍රම, ඉංජිනේරු ශිල්ප, කලා නිර්මාණ., ලොව දියුණුම ආගම්, දර්ශන අපට නොමැතිද.. මොනවාද අපිට පෝසත් රටවල්වලට වඩා අඩු..?

ඔබ ණයට කා බී තිබේද… අපි රටටම දන්සල් දුන් ජාතියක්..
සිතන්න.. නුඹලා අද ආඩම්බරෙන් 88/89 කාලේ අපි හැංගිලා පණ බේරගත්තා යැයි අපට  කිව්වාට අපි අපේ දරුවන්ට එසේ කීම ආඩම්බරයක් නොව දේශපාලකයන්ට බියේ නැට්ට හකුලාගැනීමක් සේ සලකා බැහැර කරමු.
එදා ඒ මැරුණු 60000+ තරුණයන්ගේ ජීවිත පරිත්‍යාගයටද නුබලාගේ නිහැඩියාව නින්දාවකි. උන් වළවල් වල සිට සාප කරනු නියතය..අනෙක් අතට අපි උන්ගේ පුනර්භවය වෙමු.
ඒ පමණක් නොව..
විජයගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ තෙක් රට වෙනුවෙන් දිවි පිදූ යුධ වැදුනු  සත්‍ය ලෙසම දේශයට ප්‍රේම කල සෑම ජාතියේ වීරයෙක්ම නුඹලාට සාප කරනු ඇත. උන්ගෙන් පැවත එන උන්ගේ ලේ ගෙන යන වුන් යැයි පිළිගැනීමටවත් අකමැති වනු ඇත.

ඩෙන්සිල් කොබ්බෑකඩුව, හසලක ගාමිණී, , ටී.බී. ජයා, පොන්නම්බලම් රාමනාදන්, ඩී.එස්. සේනානායක,  කැප්පෙටිපොල නිලමේ, වැලිවිට සරණංකර හිමි, මද්දුම බණ්ඩාර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි, විමලධර්මසූරිය, සීතාවක රාජසිංහ( ටිකිරි කුමරු), බුව්නෙකබාහු , හයවන පරාක්‍රමබාහු, වික්‍රමබාහු , විජයබාහු, මහසෙන්, පළමුවන පරාක්‍රමබාහු, දසමහා යෝධයින්, දුටුගැමුණු, විහාරමහා දේවිය, දේවානම්පියතිස්ස, පණ්ඩුකාභය, කුවෙණිය, රාවණා, බලිතරු පවා නුඹලාට සාප කරනු ඇත..
වසර තිහක කුරිරු යුද්ධයේදී දිවී පිදූ රණවිරුවන් පවා සාප කරනු ඇත..

මාතෲ භූමිය වෙනුවෙන් උන්ගේ ජීවිත පරිත්‍යාගයට නිගා නොකරව්.. ඒ වැගිරුනු ලේ කදට නිගා නොකරව්.. හෙලූ දහඩියට නිගා නොකරව්, නිදි වැරූ රැයට නිගාවක් නොවව්, කුසගින්නේ කැලෑ මැද වැසි මැද, මදුරු මැසි වන සත්ව ප්‍රහාර මැද ගෙවූ දිනවලට නිගා නොකරව්.

අපිට අපි විස්වාසය..නමුත් රටේ අනාගතය බත්පැක්ට් එකට, සිගරට් එකට, බෝතලයට , රස්සාවකට, පර්මිට් එකකට විකිණූ අපේ වැඩිහිටි පරම්පරාව පිළිබද එක්වරම විශ්වාස කිරීමට මදක් අසීරුය..
වැඩිහිටියාට සවන් දිය යුතුය..එය ඉතාමත් ඉහල ගුණධර්මයකි. 100%එකගය.  නමුත් දුශ්ටයින් ද , අලසයින්ද, මුග්ධයින්ද, දූශිතයින්ද  දිනක වැඩිහිටියන් වනු ඇත..

ඉතිං මේ කොතෙක් කීවද නුඹලාගේ හණ මිටි අදහස් ඉවත් වනු ඇතැයි මම නොසිතමි.
තුන්වෙනි පන්තියේ රටක් වන අප සතුට නිදහස යන්නෙහි තේරුම දන්නේවත් නැත.
අපේ ළමා පරපුර විනෝදය, නිදහස ,, සතුට පිරි ළමාකාලයක් පිළිබදව දන්නේම නැත.

ඉතිං
ගොස් බලන්න.. ගාලු මුවදොර තරුණ පරපුර ඔබ අප වෙනුවෙන් වෙහෙස වන හැටි..
එහි සිංහලේ, මරක්කලේ නැත..
තනි රතු මිනිස් ලේ ඇත.
හැකි නම් සහය වන්න..

එලෙසම අරගලයට සහය වන්නා වූ නුඹේ පරපුරෙ පිරිසක් ද සිටී.. ඔවුන් 88/89 අරගල කර බේරුනු අය වන්නට ඇත. සමහර විට පශ්චාත් බුද්ධිකලම්බනයකට ලක් වූවන් වන්නට ඇත..
ඔවුන්ට හිස නවා නොව පසග පිහිටුවා වැද නමස්කාර කරමි… කරමු

ප.ලි. :- සිංහල භාශා භාවිතයට මම දක්ශ නැත. වැරදි තිබිය හැක.. අදහස සලකන්න. වරදක් තිබේ නම් සමාවන්න..
මා මේ පිටකලේ අරගල බිමේ අපේම සොයුරු සොයුරියන් වැස්සේ තෙමෙන් කල ගේ ඇතුලේ සිට අදාල පාර්ශවයන්ගේ ගුණ අයන අයගේ හඩ අහගෙන් ඉන්නම බැරි තැනය..

#copied
Anonymous writer