ලංකාවටම අවුරුදු උදාවෙන දිනය ඈතක නෙවෙයි!

පමල්ක කරුණානායක

සිංහලයා, දෙමළා, තම්බියා, සුද්දා, කළු සුද්දා කියලා බෙදන්න හැදුවේ ඇයි දන්නවද?
ගහන්න තියන ගැට ඉවර වෙලා අන්තින තුරුම්පුව විදියට!
හැබැයි මැයි මාසෙ වෙනකොට මේ ලංකාවේ හිතාගන්න බැරි වෙනසක් වෙනවාමයි!
හොරා කාපු සතයක් ගාණෙ ලැබෙයි! හොරු හිරේ යයි! එකෙක් දෙන්නෙක් මැරෙනකම් ගුටි කයි! ආපහු දේශපාලන පවුල් එළියටවත් බහින එක්ක නෑ. මොකද උන් කරපු දෙයක් නෑ. උන්ට අමතක වුණේ උන් අපේ නියෝජිතයන් කියන එක. උන් හිතුවේ රජකම ලැබුණා කියලා. පව්!
ආදරණීය ජනතාවගේ බලාපොරොත්තු ඉටුවේවා!
පාරම්පරික දේශපාලන දිෂ්ටි, පිල්ලි ඉවත් වේවා!
අර්බුදය නොතේරෙන අහිංසක ජනයාට බුද්ධිය පහළ වේවා!
ලෝකෙන් උතුම් යැයි කියූ රට සැබැවින්ම එසේ වේවා!
අරගලයේ නොනිදා සිටින ආදරණීය සහෝදර සහෝදරියනි,
හදපිරි උත්තමාචාරය ! ✨🙏🏻🇱🇰