ප්‍රචන්ඩත්වයෙන් තොර අරගලය .

කසුන් මදුවන්ත

#GoHomeGota
මේ වෙලාවෙ ඇත්තටම කිව්වොත් අරගලයේ අපි යම් යම් ජයග්‍රහණය අත්පත් කරගෙන ඉවරයි ✊🖤
ඒ කියන්නෙ අපි සාර්තකයි. නමුත් 100% නෙවෙයි .
මේ අරගලය දැන් රජයට දැනිලා ඉවරයි මේක ජනතාව විසින්ම ඇතිකරගෙන පවත්වාගෙන යන අරගලයක් කියලා දැන් දන්නවා. මේ වෙලාවෙ අපි ප්‍රචන්ඩත්වයෙන් තොරව මේ අරගලය සිද්ද කරන්න ඔනි. නමුත් මේ වෙලාවෙ යම් යම් තැන්වල විවිධ ප්‍රචන්ඩකාරි දේවල් සිද්ද වෙනවා. ඒකෙන් ඇතිවෙන්නෙ අපෙ අරගලයටම අවැඩක්. ඒ නිසා සහෝදරවරුනි සහෝදරයනි.
කොයි මොහොතක හරි ප්‍රචන්ඩත්වයක් ඇති වෙන්න ගියොත් මැදිහත් වෙන්න. නවත්තන්න .
සාමකාමිව ප්‍රචන්ඩත්වයෙන් තොරව අරගලයට සම්බන්ද වෙන්න.
මේ වෙලාවෙ කූඹියෝ වගේ වැඩ කරමු.. ✊🖤

දැන් අවධානය යොමු කරන්න ඔනි අනික් කාරණාව නම් මේ වෙලේ තරුණයන් අතරේ රැල්ලක් වෙලා මේ අරගලය. ඒ දේ වෙන්න එපා. ✋
මොකද මේක අරගලයක් මිස ආතල් එකට කරන රැල්ලක් නෙවෙයි. මේකේ අරමුණු රාශියක් බලාපොරොත්තු රාශියක් පොදි බැදගෙන යන ගමනක් මේක. ටිකෙන් ටික අරමුණු වලට යන ගමනක්.මේ වෙලාවෙ ආතල් එකක් ගන්න අරගලයට යනවනම් එපා යන්න ගෙදර ඉදන් බලන් ඉන්න. මොකද මේ වෙලාවෙ මේක සෙල්ලමකට ගත්තොත් ඒකෙ විපාක ආයෙමත් අපිට විදවන්න වෙනවා.ඒ නිසා මේ වෙලාවෙ කල්පනාවෙන්.
මන් ආයෙමත් කියනවා බැහැලා වැඩ කරන්න අමාරු අය ලියන්න. කැම්පස් කොල්ලො කෙල්ලෝ ලියන්න. තරුණ අදහස් ලියන්න. ලියලා දැනුවත් කරමු. එකතු වෙන්න අපේ අනාගතේ වෙනුවෙන් ක්‍රියාපදයක නිරත වෙමු. එකම අරමුණකින්. එකතු වෙන්න. ලියන්න ..ඒ වගේම
දර්ශනයෙන් හා තර්කනයෙන් හැර මේ අරගලයට විසදුමක් නෑ සහෝදරයා..
ප්‍රචන්ඩත්වයෙන් තොර
අරගලයට ජයවේවා!
මදුවා 🖤✊
ජයවේවා .
මදුවා ✊🖤