ඔබ වරදවා සුලුවෙන් තැකූ තාරුණ්‍ය … 🇱🇰

Tam

තරුණ අපේ අනාගතය සමග සෙල්ලම් කරන නාකි, තරුණ පෙරේත නායකයන් වෙත,

ඉන්දියන් සාගරය මැද සුන්දර ජාතියක් ඇත. මහත් අභිමානයක් ඇති ජාතියක්, තම නිදහස වෙනුවෙන් සටන් කළ ජාතියක්. පෞඪ ඉතිහාසයක් ඇති ජාතියක්. සම්පත් වලින් පොහොසත් ජාතියක්.
මේ සිංහ ඨේණුව වෙන කෙනෙක් නෙවෙයි අපේ මව්බිම: ශ්‍රී ලංකාව.

ඉතාම කනගාටුවට කරුණක් නම්, 21 වන සියවසේ – අමාණුෂික ලෙස තක්කඩි පාලකවන් අතට පත් වූ ජාතියක්.

මේ සුන්දර රටේ වැඩිහිටියන් වසර ගණනාවක් තිස්සේ නොසැලකිලිමත්, අන්ධ භක්තියන් මෙන් තමා ගේ යැයි කියන පක්ෂයට හෝයියා කීහ. රටේ ඊනියා නායකයන් කී දේ ජනතාව අන්ධ ලෙස විශ්වාස කලහ. යුද්ධය, ආගම් හා ජාතීන් අතර ඇති සියලු බෙදීම් දේශපාලකයින් විසින් ඔවුන්ගේ ප්‍රතිලාභ සඳහා නිර්මාණය කළහ. ඒත්, අපි ඇත්තටම මෙහෙමද කියලා හිතන්න මොහොතකටවත් සාමාන්‍ය අපි නතර වුණේ නැහැ. අපි හැමෝටම හින්දු, මුස්ලිම්, බර්ගර් සහ මැලේ යහළුවන් ඉන්නවා. අපි සාමාන්‍ය මිනිස්සු කවදාවත් ජාතින් අතර ප්‍රශ්න ඇති කරයි කියලා හිතන්න නැවතුනාද? නැහැ සහ කවදාවත්.

දේශපාලකයන්ගේ ආත්මාර්ථකාමීත්වය තමයි මෙවැනි කෘර තත්ත්වයන් ඇති කරන්නේ.

වසර ගණනාවකට පසු අපි තවමත් අන්ධ අනුගාමිකත්වයේ ප්‍රතිවිපාක අත්විඳිමින් සිටිමු.

තාරුණ්‍යය නිසි ආදායමක් නොමැතිව පීඩනයට ලක්ව ඇත, අපි අපේ සිහින සඳහා යාමට නොහැකිව අරගල කරමු, ඊනියා වරප්‍රසාද ලත් අය අතරේ; දේශපාලකයෝ, ඔවුන්ගේ පවුල්වල අය සහ ඔවුන්ගේ විස්තෘත පවුල්, අපෙන් කොල්ල කෑ මුදලින් සැප සම්පත් භුක්ති විඳිති: ඒ මගේ සහ ඔබ දුක් මහන්සියෙන් උපයන මුදල්. අපේ මාසේ අන්තිමට හම්බෙන සොච්චමෙන් ගත්ත බදු.

අපි උපන් රට අතහැර ගව්වක් දුර රටකට යන්නේ ඇයි? ඉන්ධන පිරවුම්හලක වැඩ කිරීමටද? කුකුල් මස් කඩයක වැඩ කරන්න ද? මැක් ඩොනල්ඩ්ස් එකක නැත්තම් පැය ගනං හිටං ඉන්න රස්සාවක් කරන්න ද?

රට හැර යන බහුතරයක් පිටරට යන්නේ තම කැමැත්තට වඩා තුප්පහි වැඩ කරන්න ආත්මාර්ථකාමී දේශපාලකයන්ට පින්සිදු වන්නටය. ඉපදුනු රට ඇයි මෙහෙම විනාස කරන්නෙ?

ඔවුන් කරන්නෙ තරුණයින්ගේ ලේ උරා බීලා අන්තිමට ඇටකටු විසි කරපු එකයි.

අපට වෙනසක් අවශ්‍යයි, අපට අපේ රට අවශ්‍යයි, අපට අපගේ අවස්ථා අවශ්‍යයි, අපගේ සිහින සැබෑ කර ගත යුත්තේ මේ පසෙහිමයි. අපි ඉපදුන පොලොවෙහිමයි.

ඇති කියන්නේ හොදටම ඇති – ඇති!!!!

ඔබ අපේ මුතුන් මිත්තන්ගෙන් හොරකම් කළා
අපගේ දෙමව්පියන්ගෙන් සහ අපේ අවුරුදු වලින් අඩක් හොරා කෑවා !!!

තවදුරටත් නැහැ !!!

විද්වතුන්ට අපේ ජාතිය ගොඩගන්න ඉඩ දෙන්න.

අපිට ජීවත් වෙන්න ඕන
අපිට අපේ මව්බිමේම ජීවත් වෙලා අපේ හීන වලට යන්න ඕන
මා මෙතෙක් දැක ඇති සියලු රාජ්‍යන්ට වඩා ලස්සනම ජාතිය වන අපගේ මාතෘ භූමියට සේවයක් කරන්න අපට අවශ්‍යයි…

අපිටත් තියෙනවා අපේම ආශාවන්, හීන. ඒත් ඔබ වැනි අධම පාලකයන්ගේ අමන හැසීරීම නිසා ඒ කරා තවම තවත් යන්නට බැරුව අපමන ලෙස දුක් විදිනවා.

කර්මය විශ්වාස කරන ඔබට එය එලෙසින්ම ඔබට නියමිත ලෙස ගෙවන්නට ලැබේවා.

ඒත්, අපේ හොරා කෑ ධනය ආපසු දී, අපිට අහමි කළ වර්ථමානයත්, ඔබ ඇතුළු 225 නිසා කැපකරන්නට වුණු අපේ හීන කරා යන්නට ඉඩ දීලා, බුද්ධිමතුන්ට පාලය භාර දී දැන්වත් නවතින්න.

මීට,

තවත් නොඉවසන – ඔබ සියලු දෙනා මෙතෙක් කල් සුළුවෙන් තැකූ ශක්තිමත් තාරැණ්‍ය…..