අරගල කතා

Jude Janitha Niroshan

අරගල කතා

ඊයේ රෑ (තුන් වෙනි දවස) අරගලයේ හිටියේ වැස්සට සූදානමක් නැතුව.. අපේ සෙට් එකේ කවුරුවත් හිටියෙත් නෑ.. මම තට්ට තනියම පාර මැද්දේ ජාතික කොඩිය උස්සගෙන ඉන්නවා..

එක සැරේට මහ ධාරාණිපාත වැස්සක් වහින්න ගත්තා හිතාගන්න බෑ.. හැමෝම ඉඩ තියෙන තියෙන හට් වලට දිව්වා.. පුළුවන් උන් කුඩ ඉහලගෙන අරගලය දිගටම කරන් ගියා.. මමත් හදිසියට ආවට රේන් කෝට් එකක්, කුඩයක් තියා කැප් එකක්වත් ළඟ නෑ. එහෙමම හට් එකක් යටට දිව්වට ප්‍රයිවෙට් බස් එකක් වගේ පිරිලා. ඒ මහා සෙනඟට හට් ගහලා බේරගන්න බෑ..

සාක්කුවේ තිබ්බ ගාබෙජ් බෑග් එකට පෝන් එකයි කැමරා එකයි ඔබාගෙන පොඩ්ඩක් බලන් හිටියා.. හරහට වහිනවා.. හුළඟත් එක්ක..

මේක මෙහෙම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි! ජාතික කොඩිය අතට ගත්තු මම ආයිම මොර සූරන වැස්ස මැද්දේ පාරට ගියා. කොඩිය උස්සගෙන හිටගත්තා.. දැන් ඉහින් කනින් වතුර බේරෙනවා.. කණ්ණාඩි වල වතුර බිංදු එක්ක මට මොකුත් පෙන්නේත් නෑ.

විනාඩියක් දෙකක් ගියා.. මගේ වයසේ විතර කොල්ලෙක් ඇවිත් මගේ ඔළුවට උඩින් කුඩයක් ඉහිළුවා.. වචනයක් වත් කතාවක් නෑ..
“තැන්ක්ස් මචන්”
“පිස්සු ද බං”
එච්චරයි..

ටික වෙලාවකින් කුඩෙ අයිතිකාරයාට යන්න ඕනි වෙලා කුඩේ ඉල්ලගත්තා. ආපු කොල්ලත් කුඩේ ඉල්ලගෙන ඇවිත් තියෙන්නේ.. කුඩේ දීලා දැන් අපි දෙන්නා ම තෙමෙනවා.
“උඹ පලයන් බං, මම ඉන්නම්!”
මම එහෙම කියද්දි ම වගේ තව එකෙක් එතනට ආවා. ඌ අතේ ජාතික කොඩියක්. මෙන්න ඒ ගමන උන් දෙන්නා මගේ ඔළුවට උඩින් කොඩිය ඇල්ලුවා. මාව තෙමෙන්නේ නැති වෙන්න. ඒත් උන් දෙන්නා තෙමෙනවා.. ඒ වෙලාවේ මම පට්ට ම හැඟීම්බර උනා මචං. මට ආපු කදුළු වැහි වතුර එක්ක පහළට යනවා මට දැනුණා..

ඒ ගමනම වගේ හරි අමුතු දෙයක් උනා. අර ටෙන්ට් වල සීතලට ගුලි වෙලා, වැස්සට තෙමී තෙමී ඉන්න සෙට් එකම බැස්සා පාරට.. මහ වැස්ස මැද්දේ හැමෝම තෙමී තෙමී කෑ ගහනවා..
“ගෝඨා පලකෝ ගෙදර.. දැන් ඇති!!”

වැස්ස මැද්දේ සීතලේ ගල් වෙලා කතා කරන්න බැරි නිසා වැස්ස පායලා ටිකකින් මම කතා කලා.. මුස්ලිම් කොල්ලො දෙන්නෙක්! දූෂිත පාලකයෝ තමන්ගේ අධම පාලනය එකිනෙකාව කොටවන්න උත්සාහ කරපු ජන වර්ග දෙකක කොල්ලො අපි.. ඒත් දැන් අපි අපිට ම තේරිලා.. අපි අපිට භේද නෑ.. අපි ඉන්නේ එකම කොඩියක් යට! අපි සටන් කරන්නේ එකම අරමුණකට!!
අපි හැමෝටම ඕනි සාමය.. සහජීවනය..
අපි හැමෝටම ඕනි දූෂිත පවුල් පාලනය ගෙදර යවලා අපේ රටට ලස්සන හෙට දවසක් උදා කරලා දෙන්න..

අපි තුන්දෙනා සීතලේ වෙවුල වෙවුල බනිස් ගෙඩියක් කෑවා. ඊට පස්සේ ගත්තු මේ පොටෝ එකේ ඉන්නේ මුලින් ම කුඩේ අරන් ආපු කොල්ලා. ඌ නොහිටින්න අපි හැමෝම ටෙන්ට් එක යට ගුලි වෙලා සීතලේ ගැහි ගැහී ඉන්නවා. මේ පෝස්ට් එක ලියන්නේ ඌට ගෞරවයක් විදියට..

අරගලයේ මේවගේ කතා ඕනි තරම් තියෙනවා. ඒත් මේක නොකිව්වොත් අඩුවක් වගේ දැනෙනවා..!

පාදඩ දේශපාලකයන් රැකගන්න ණයට කහින කහකඩයන්ට සහ උන්ගේ සහචරයන්ට උඹලා හොඳ ආදර්ශයක් මචං. අරගෙන යමු සාමයේ පණිවිඩය උන් ගාවට.. උන් අදත් එකතු වුණේ මේ කොල්ලො කෙල්ලොන්ගේ එකමුතුවට බයේ. ආයි කවදාවත් උන්ට මේක අවුලවන්න දෙන්න හොඳ නෑ බං!

කවදාහරි දවසක ආයිත් හම්බෙමු මචං!
මේක ලස්සන ආදරණීය පොඩි ම පොඩි ලෝකයක්..!!

#GoHomeGota2022 #gohomerajapaksas