What is tear gas? How Does Tear Gas Work?

Wiman Vishwajith

FB_IMG_1648828204302.jpg

කඳුලු ගෑස් (Tear gas)

කඳුළු ගෑස් කියන්නෙ මොනවාද? කඳුළු ගෑස් වැඩ කරන්නේ කොහොමද?

කඳුළු ගෑස් එහෙමත් නැතිනම් මේ Tear gas කියන්නෙ ඇස්වල කඳුලු, වේදනාව හා ඇතැම් විට තාවකාලික අන්ධතාවයක් ඇති කිරීමට භාවිතා කරනා රසායනික සංයෝග කීපයක්වේ. මෙය විශේශය්න්ම නිපදවා ඇත්තෙ ස්වයං ආරක්ෂක ක්‍රම හා විශාල කලහාකාරි පිරිසක් විසුරුවා හැරීම සඳහා යොදාගැනීමටය්.අනිත් කාරනෙ තමා මේවට ගෑස් ගැස් කිව්වට මේවා ඇත්තටම ගෑස් නෙමෙ. මේක Liquid (දියර) Solid (නිකන් පවුඩර් වගෙ ඝන ද්‍රවයක්) ලෙසය්.එකියන්නෙ මේවා හදන්නෙ කෑන් එකක් තුලට Liquid හෝ Solid වශයෙන් තියෙන රසායනික සංයෝග කිහිපයක් අධිපීඩනයකට යටත්ව පිරවීමෙනුය්.

කඳුළු ගෑස් වැඩ කරන්නේ කොහොමද.

මේවා වැඩ කරන්නෙ මෙහෙමය්…..මේක ගැහුවය්න් පස්සෙ ඔයාගෙ ශරීරයෙ තියෙන lacrimal ග්‍රන්ති වල මේක වදිනවා.එතකොට මේවා මගින් ඔයාගෙ මොලයට සිග්නල් එකක් යනවා,එ අනුව මොලය තීරණය කරනවා ඇස්වල වේදනාව,කඳුලු,හුස්ම ගැනීමෙ අපහසුතා වගෙ දේවල් ඇති කරවන්ඩ. ඔයා ළුනු ගෙඩියක් කපද්ද්දි , දිහි ඉස්ම ඇහැට විසික් වෙද්දි, දර කැබලි පිච්චෙන දුමට නිරාවරණ වීමෙදි වගෙ ඇති වන්නෙත් මේන් මේ කියපු ක්‍රියාවලියට ටිකක් සමාන දෙයක් තමා.

මෙ Tear gas එහෙමත් නැතිනම් මේ කඳුලු ගෑස් වලට භාවිතා කරන්නෙ මොනවද ?

මේකට බහුලවම භාවිතා වන්නෙනම් CS Gas (corson stoughton) තමා හැබැය් ඊට අමතරව…..

1) C N chloroacetophenone

2) CR gas Dibenzoxazepine

3) OC oleoresin capsicum

4) PAVA pelargonic acid vanillylamide

5) pepper spray කියන ඒවත් භාවිතා වනවා නමුත් ගොඩක් කොමන්ම ලෙස භාවිතා වන්නෙ අර උඩ කියපු CS GAS තමා.

මේ CS Gas ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන්ඩ හේතුව තමා මේකෙ තියෙන Low Toxic ගතිය. (කැරලි මර්දනේට ගැහුවත් ඔක්කොම මිනිස්සුනෙ.) මේ CS GAS ගැන කියද්දි විශේශය්න්ම මතක් කරන්ඩ ඕන දෙයක් තමා මේකෙ ෆවුන්ඩර්ලව. මේක හොයාත්තේ 1928දි ඇමෙරිකාවෙ විසු scientistsලා දෙන්නෙක් වන Ben Corson සහා Roger Stoughton යන පුද්ගලයින් දෙදෙනය්.

මෙ වගේ ප්‍රහාරයකට ලක් උනොත් එකෙන් ගැලවෙන්නෙ කොහොමද?

ලබන 3 වන ඉරිදා අරගලයට යන්ඩ ඔයාලට මේක බොහොදුරට වැදගත් වෙය්. ඒක නිසා මේ කියන්ඩ යන ටික හොඳින් කියවා අවබෝද කරගන්ඩ…..මේකට කරන්ට පුළුවන් හොඳම දේ තමා ගෑස් මාස්ක් එකක් පළඳින එක. නමුත් ඔයාලට ගෑස් මාස්ක් එකක් හොයාගන්ඩ අමාරුනම් Swimming සඳහා භාවිතා කරන goggles දෙකක් පාවිච්චි කරන්ඩ ඒකත් හොයාගන්ඩ අමාරුනම් 5L හෝ 7L වතුර කෑන් එකක් හොයාගෙන ඒක තමුන්ගෙ මුහුනට සරිලන පරිදි කපාගෙන මුහුණු ආවරනයක් ලෙස සකස් කරාගන්ඩ.මීට අමතරව ටිකක් තද මාස්ක් එකක් හෝ ස්කාෆ් එකක් නහයට කටට තදවන සේ ස්කාෆ් එකක් අනිවාර්යයෙන් පළඳින්ඩ. නමුත් අනිවාර්යයෙන්ම මතක තියාගන්ඩ ඕන තව දෙයක් තමා ඇඟට හිර නැති අත්දිග ඇඳුමක් තද නැති ඩෙනිම් කලිසමක් ඇඳගෙන යන්ඩ මෙමගින් මේවා සමෙහි තැවරීමට ඇති සම්භාවිතාව අවම කරනවා.

එවගේම මේවා හමේ වැදුනාම දැවිල්ල අල්ලන්ඩ පුළුවන් ඒක නිසා අත හෝද ගැනීම වතුර බෝතලයක් හෝ තෙත්වෙච්ච කුඩා තුවාකැල්ලක් හෝ තබා ගන්ඩ. මෙ තෙත තුවා කැබැල්ල මගින් මුහුණ හා අත් හොඳින් පිස දමා ගන්ඩ. මීට අමතරව ඔයාලට කරන්ඩ පුළුවන් තවත් ලේසිම දෙයක් තමා දැවිල්ල අල්ලපු ගමන් පුළුවන් තරම් දහඩිය පිටවන විදිහට වෙගෙන් දුවන එක එතකොට සම මතුපිටට එන දහඩිය මගින් මේවා ඉබේම සොදාහරිනවා එමගින් ඔයලට යම් කිසි සහනයක් ලැබෙය්.

මම මේ කියපු කරුණු වලින් කුමන ක්‍රමය ලන්කාවෙ රජය විසින් අනුගමනය කරනවද කියන්ඩනම් හරි සඳහනක් නැහැ. නමුත් මම මේ කියපු ක්‍රම ටික මේ ඔනැම ක්‍රමේකට එරෙහිව පාවිච්චි කරන්ඩ පුළුවන්.100%කම ආරක්ශාවක් නැතත් බොහො දුරට මේකෙන් ඔයාලට යම්කිසි සැලකියයුතු මට්ටමකට ආරක්ෂවක් ලබා දෙන්ඩ පුළුවන්.