From health sector

විතැන්

මේ වෙලාවේ පාරට බහින්න දෙපාරක් හිතන්න මට ඕනෙ වුණේ නෑ.

ඖෂධ සහ උපකරණ නැතුව දවසින් දවස රාජකාරි කිරීම අපහසු වෙද්දි, ඇතැම් ඖෂධ ෆාමසියකින්වත් ගන්න නැති වෙද්දි හඬක් නගන්න තවත් හේතු මොකටද…

ගෝල්ෆේස් එකේ ගොඩක් වෙලා ඉන්න බැරි වුණත්, මේ මට්ටමින් හරි ගිහින් එන්න සහයෝගය දැක්වුව හැමෝටම ස්තූතියි.

ඒ වගේම, එතනදි මුල්වරට මුණගැහුණ, යාළුවෝ හඳුනගන්න ලැබීම සතුටක්.

බෝඩ් උස්සගෙන ඉන්න අතරෙ, ළඟට ඇවිත් කෑම දෙන්න ඇහුව, වතුර බෝතල් දුන්න, කෑගහලා ඉවර කරලා යන්න සූදානම් වෙද්දි, “බෝඩ් එක විසි කරනවා නම් මේ කවරෙට දාන්න ” කියලා කුණු එකතු කරන මල්ලක් අරන් ආව සගයාටත් ස්තූතියි .

මේ මොහොතේත් විදේස්ගත ශ්‍රීලාංකික සහෝදර සහෝදරියන් අපට අවශ්‍ය ඖෂධ සහ උපකරණ ලබා දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. ඒ ලබා දෙන අයටත්, ඒ භාර දූර කාර්‍ය සම්බන්ධීකරණය කරන සහෝදර සහෝදරියන්ටත් ස්තූතියි 🙏
#GoHomeGota2022
#GiveUsOurStolenMoneyBack
#srilankaeconomycrisis