Beware guys – Avoid violence at all costs

Bhanu

(copied from Facebook)

අරගලකරුවනි, අවධානයෙන් සිටින්න. අලකරුවන් දැක්කොත් ආවේගශීලී නොවී පොලිසියට බාරදෙන්න.

1. “අපට ගෝඨා ඕන” යන සටන්පාඨය සහිත ව දිවයිනේ ප්‍රදේශ කීපයක මහජන මුදලින් රැලි සංවිධාන කිරීම සහ එයින් එක රැලියක් ගාලුමුවදොර දක්වා ගෙන ඒම

2. අද හවස හෝ හෙට පාන්දර සෙනඟ අඩු වන තුරු බලා සිට, උද්ඝෝෂකයන් සේ ගාලුමුවදොරට ඇවිත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීම සඳහා කණ්ඩායමක් යෙදවීම – සහ ඊට සහයක් ලෙස දැනට එහි රාජකාරි කරන පොලිස් නිලධරයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම

3. සමාජයෙන් දැනටත් අපකීර්තිමත් ලෙස ප්‍රතික්ෂේප වී සිටින චීවරධාරියකුගේ නායකත්වයෙන් භික්ෂූන් පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීම සහ එහිදී ගැටුමකට මග පාදා ගැනීම – අමතර ව “උද්ඝෝෂකයෝ භික්ෂූන් පළවා හරිති” කියන නිවුස් එක අද රෑ ප්‍රවෘත්ති වලට දමාගැනීම

4. ගාලුමුවදොරදී තරුණියකට අතවර වුණා ය යන්න ස්ථාපිත වන ආකාරයේ සිද්ධියක් “ප්ලාන්ට්” කරගැනීම සහ එය හෙට නිවුස්වලට ඔබාගැනීම – නළුවන් සහ නිළිය දැනටමත් තෝරාගෙන අවසන්. ෂූට් එක අද රෑ හෝ හෙට පාන්දර කරන්න සූදානම් ලු. අරමුණ, මෙහි බර කරට ගෙන වැඩ කරන තරුණියන්ගේ සහභාගීත්වය අධෛර්යවත් කිරීම

5. ගාලුමුවදොරට කෑම, වතුර සහ අනෙකුත් දෑ ලැබීම වැළැක්වීම – දැනටමත් ජංගම වැසිකිළි ඉවත් කරගන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය දන්වා තිබෙනවා. ඊට අමතර ව උද්ඝෝෂණ ස්ථානයේ සිට පැමිණෙන කිසිවකුට වැසිකිළි පහසුකම් නොදෙන්නැයි අවට හෝටල්වලට බලපෑමක් ලැබී තිබෙනවා.

මේ සේරම අපට එව්වෙ ඔයාගෙ මීටිමේ ම වාඩිවෙච්ච කෙනෙක් තමයි අංකල්. අපේ ඉදිකටු හිල් හොයන්න කලින් ඔයාලගෙ අලි නාවන වළවල් වහගන්න.