$300 සහ මම ඉංග්‍රීසි ඉගැන්වීමටම උපන්නෙමි

Nirasha Edirisinghe

inbound3588771532983527802.jpg

කාලෙකට කලින් මම ඉංග්‍රීසි ඉගැන්වීමටම උපන්නෙමි කියාගෙන එක්කෙනෙක් ආවා.අන්තිමට මූල්‍ය ආයතනයක් පිහිටෝගෙන කෝටි ගාණක් සල්ලි හොයාගෙන කැසිනෝ ගහලා ඉවර කරල හිරේ ගියා.දැන් හිරේ ඉඳන් ඇවිත් ආපහු මම ඉංග්‍රීසි ඉගැන්වීමටම උපන්නෙමි කියල කියනවා මම මිනිස්සුන්ගෙන් හොරකම් කරපු සල්ලි මම ආපහු එයාලට ගෙවන්න ඕනෙ ඒ හින්ද මේ පංතිවලින් හම්බ වෙන සල්ලි යොදවන්නෙ ඒකට කියල.දැන් අපේ එවුනුත් හුරේ කියාගෙන ගෙදර ඉන්න අහිංසක අම්මගෙන් තාත්තගෙන් සල්ලි ඉල්ලං පන්ති යනව අරය කැසිනෝ ගහපු සල්ලි හොයල දෙන්න.අන්තිමට සල්ලි හොරකං කරල තියෙන්නෙ සක්විත්තා නෙවෙයි අපේ අහිංසක දෙමව්පියො.
අන්න ඒ කතාව අදට ගැලපුවොත් කියන්න වෙන්නෙ මේ වෙනකොට ලංකාවෙ ඩොලර් නෑ.අත්‍යාවශ්‍ය භාණ්ඩ නෑ,තෙල් නෑ.ඒත් සාමාන්‍ය මිනිස්සු කවදවාත් මේ දේවල් ණයට ගත්තෙ නෑ.ණයට ගත්තත් ණය මාසෙ පඩියෙන් ගෙව්වා.එතකොට කෝ මේ ලංකාව සතුව තිබුන ඩොලර්,රත්තරන්.ඒවා හොරකං කරේ ඔබද මමද කවුරුත්ම නෙවෙයි. මේ දවස්වල project එකක් යනවා $300 donate කරන්න කියල.මේ donations යන තැනක් නෑ.මේවා මහ බැංකුවට ගියා කියමුකො.අලුත් මහ බැංකු අධිපතිතුමා හොඳ ඇති.ඒත් ඉහලින් order එකක් ආවොත් ඔය donations මොකක් හරි තේරුමක් නැති දේකට දෙන්න කියල එතුමා බෑ කිව්වොත් උන්දැව ගෙදර යවලා ආපහු අර 1+1=5 කියන කබ්බාව ගෙනත් ඉන්ඳවයි.එතකොට ආපහු කල්ල මරේ.
අහන්නෙ එක දෙයයි ඇයි රට ගිහින් අමාරුවෙන් හොයන එක ඩොලර් එක හරි ආපහු මේ රටට එවන්නෙ.උං හොරා කෑවෙත් ඒ විදියට දුක්මහන්සියෙන් එවපු ඩොලර්ම තමයි.අපේ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් ආපහු උන්ටම දෙනවද නැත්නම් මේ හොරු ගෙදර යවලම ඩොලර් එවනවද කියල ඔබ කල්පනා කරන්න
එක්කෙනෙක් මම ඉංග්‍රීසි ඉගැන්වීමටම උපන්නෙමි
අනිත් අය- අපි හොරකම් කිරීමටම උපන්නෙමි