𝗚𝗶𝘃𝗲 𝘂𝘀 𝗼𝘂𝗿 𝗳𝘂𝘁𝘂𝗿𝗲 𝗯𝗮𝗰𝗸

Asalya Gunarathne

inbound6991193305803883867.jpg

ඊයේ ගෝල්ෆේස් එකේ අරගලෙදි මන් පොඩි දෙයක් දැක්ක. අවුරුදු දහයක විතර පුන්චි මල්ලි කෙනෙක් ‘ 𝗚𝗶𝘃𝗲 𝘂𝘀 𝗼𝘂𝗿 𝗳𝘂𝘁𝘂𝗿𝗲 𝗯𝗮𝗰𝗸 ‘ කියල බෝඩ් එකක් අල්ලගෙන සටන් පාඨ කිය කිය හයියෙන් කෑගහනව.
තව මාස දෙකක් වගෙ කාලෙකින් අපේ රට බංකොලොත් වෙලා අපිට යනඑන මං නැති වෙනව කියල රටේ වැඩිහිටි පරම්පරාවට දැනෙන නිසා උගුර ලේ රහ වෙනකන් රැලිවලට ගිහින් කෑගහන්න, මේ දවස්වල ෆේස්බුක් එකේ වෙන කිසිම දෙයක් නොදා අරගලේම කරල වලෙන් රට ගොඩගන්න තමා හැමෝම වගේ දගලන්නෙ.
හැබැයි අර මල්ලි මට මතක් කලා මම මේ අරගලය කරන්න මුලින්ම පෙලඹුනේ මගෙ නන්ගි නිසා කියල.
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් උපරිම ඵල නෙලාගත්ත සිසුවියක් විදියට මට ඕනෙ මගෙ නන්ගිත් ඒ විදියටම නිදහස් අධ්‍යාපනය ලබනව දකින්න. මම නම් තව අවුරුදු කීපයකින් මගේ අධ්‍යාපන ගමන ඉවර කරාවි නමුත් මගෙ නන්ගි නිදහස් අධ්‍යාපන මාවත දිගේ තව බොහෝ දුර ආ යුතුයි.
මම දන්න විදියට මේ අවුරුද්දෙ එක වසර එන පුන්චි පැටවුන්ට ලැබුන පෙලපොත් ප්‍රමානය අඩුයි. ඒ වගේම පාසල් යන ලමයින්ට කඩදාසි හිගය නිසා විභාග ලියන්න ලැබුනේ නෑ. ඒ වගේම සරසවි සිසුන්ට මහපොල ශිෂ්‍යාධාරය මාස ගනනකින් පරක්කුයි. ශිෂ්‍යාධාර ගැන නන් කතා කරන්න ඕන්නෑ ස්කොල වහල නිසා.
දැන් මේ යන විදියට සරසවි ගමන ඉවර වෙලා සුදුසුකම් සපුරාගෙන රැකියාවක් ලබාගෙන මේ රටින් පිටවීම තමයි ගොඩක් දෙනෙක්ගෙ බලාපොරොත්තුව. මගෙත්. නමුත් අපි මෙහෙන් යද්දි අපෙන් පස්සෙ පරම්පරාවට ඒ අවස්තාව ටිකෙන් ටික නැති වෙලා යනව නම්, අපේ එක වැරදි තීරනයක් නිසා කිසිම දෙයක් නොදන්න පුන්චි දරුවෙක්ට එයාලගෙ ජීවිතේ ලොකුම අවස්තාවක් මග ඇරෙන්න යනව නම්, හෘදසාක්ශියක් තියන එක දවසකට හරි ඉස්කොලෙ ගිය කෙල්ලෙක් විදියට අපෙ වචනෙන්ම කියනව නන් මට නන් හොදටම රිදෙනව. මොකද මේ අවස්ථාව නැති වෙනව කියන්නෙ ඒ නන්ගිල මල්ලිලට මේ නරාවලෙන් ගොඩ එන්න, ඉගෙනගන්න, උපාධියක් ගන්න තවත් අමාරු වෙනව කියන එක.
ඉතින් මේක ලියල මන් වෙන මොනවත්ම නෙවෙ බලාපොරොත්තු වෙන්නෙ 69 ලක්ශෙ තාමත් හරි කියල හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නව නන්, තමන්ගෙ ලමයින් හරි නන්ගිල මල්ලිල හරි ගැන හරි හිතල, ආයිත් පාරක් මේ වෙන පාලන ක්‍රමය හරිද කියල හිතල බලන එකයි.
මිනිස්සු නිදහස් අධ්‍යාපනයක් තමන්ගෙ ලමයින්ට ලබාදෙන්න ඒ වෙනුවෙන් බදු ගෙවනව නන්, මේ වෙද්දි එහෙම ලැබෙන සල්ලි වලින් වෙන්න ඕනෙ දේ වෙන්නැ කියල තේරෙනව නන්, ඔයා දාර බයියෙක් නෙවෙයි නන් ආපහු හැරිල හිතල බලන්න. වෙනස් වෙන්න. රට පුරාම අරගල කරන ඕනෙම කෙනෙක් වෙනුවෙන් ඔයාට දෙන්න පුලුවන් ලොකුම වටිනාකම ඒක මන් හිතන විදියට.💖

#GoHomeGota2022 #GiveOurStolenMoneyBack #GoHomeRajapakshas #අරගලයට_ජය