සියල්ලම රැගෙන එන අම්මලා

Shenu Perera

D5BC32BD-F3DE-48B5-9A2D-AF1814D6867E.jpeg

ඊයේ අපි වැස්සෙ හිටගෙන ඉද්දි අම්මා කෙනෙක් කිට්කැට් ( අර අපි රුපියල් පහට කාපු චොකලට් බිස්කට් හුටපටේ) බෝතල් දෙකක් අතේ අරන් ආවා. ඇවිත් අපිට බෙදුවා. අපි කතා වුණා මේ අම්මා සමහරවිට පොඩි කඩයක් කරන කෙනෙක් වෙන්න ඇති කියලා. අපි දන්නෙ නෑ, ඒත් අපිට එහෙම හිතුණා. අපි වැරදි වෙන්න පුළුවන්.

ඒ අම්මවත්, මේ අම්මවත් දැක්කම මට මතක් වුණේ බයිබලේ එන යහපත් වැන්දඹුවගෙ කතාව. ඒ කතාවෙ හැටියට අනිත් අය තමන්ගෙ ළඟ තියෙන එකෙන් වැඩිපුර තියෙන පොඩි ගාණක් දේවමාළිගාවේ කැටේට දාලා යද්දි, දුප්පත් වැන්දඹුවක් ඇවිත් ඇය අතේ තිබ්බ සියල්ලම කැටේට දානවා. ඔය උදාහරණෙ කියලා ජේසු කට්ටියගෙන් ප්‍රශ්නෙකුත් අහනවා. ඒක මම මෙතන ලියන්නෙ නැහැ.

හැබැයි මේ අම්මලා මට මතක් කරන්නේ ඒ කතාව.

තමන්ගෙ ළඟ තියෙන සියල්ල අරගෙන සටන් බිමට එන මේ අම්මලා අපේ ඉතිහාසය ආයෙත් ලියනවා!

මීට වඩා වෙන මොනවද? ♥️

#GoHomeGota2022