සැලි සැලී නොසැලීම ඉදිරියට……

Mandela

ඉතිං මිත්‍රවරුනි, අද පාන්දරක් වෙනකං ගෝඨාගෝගම සිට නැවතුම්පලට මහපාන්දර ගොස් නැවත ඔපීසියට පැමින පුටුවක් උඩ පු$ රත් කරන ගමන් ලියමි…..

ඔව් එතන මාරයි….. පට්ටයි….. වචනයේ පරිසමාප්තියෙන්ම මම පොඩි කාලෙ ඉදං ලංකාව මේ වගේ වෙන්න ඕනි කියලා හීන දැකපු දේවල් හැබැහින් දකින්න තරන් හැකියාවක් ලැබෙයි කියලා හීනේකින්වවත් හිතුවෙ නෑ….. අද ඒක හැබෑවක් වෙලා. සිංහල, දෙමළ, මුස්ලිම් හැම එකාම එක රෑනට. උන්ගෙ කිසිම කහටක් නෑ. පොඩි එකාගෙ ඉදං ඇවිදගන්න බැරි ආච්චි, සීයා වෙනකං එතන. කවුද එතකොට මේ එකමුතුව කැඩුවෙ…. කඩන්න ට්‍රයි කරන්නෙ….. අන්න උන්ම තමයි අපි එපා කියන්නෙ.

ඉස්සරහට තව ආතල් හම්බෙයි. ඔලුවෙන් ගේම ගහමු. කොහොමත් ටෙස්ට් මැච් එකක් එකපාර ඉවර වෙන්නෙ නෑනෙ. අල්ලගෙන ඉමු…..

රත්වුණු යකඩ දවසක ගිනියම් වෙනවා
තැළුණු යකඩ දවසක අසිපත් වෙනවා…..

මේක අපේ රට. අපිට තියෙන්නෙ මෙච්චරයි. හැමිනෙන්ඩත් රටක් ඕනි.

අරගලයට ජය…..❤