රටේ දේශපාලන සහ සමාජීය ස්ථාවරභාවය ඇති කරන්නේ කෙසේද?

Kasun De Alwis

Web-capture_10-4-2022_1163_www.parliament.lk_.jpeg

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික පදනම බහුතර කැමැත්තයි. 69 ලක්ෂයකගේ බහුතර කැමැත්තෙන් අතිගරු ගොඨාභය රාජපක්ෂ ජනාධිපති ශ්‍රීමතාණන් පත්වූ අතර දැන් පවතින බහුතර කැමැත්ත ගණනය/ ඇස්තමේන්තු කරගැනීමට ඇත්තේ ආකාර දෙකකි.
1) නැවත චන්දයක්
2) උද්ඝෝෂණ සමාලෝචනයක්
මේ වෙලාවේ කඩදාසි හිඟකම සහ මුදල් හිඟකම නැවත චන්දයකට යෑමේ හැකියාව අවම කර ඇත.
අතීතයේ ඇති සාර්ථක උද්ඝෝෂණ සලකා බැලූ විට, එම සෑම සාර්ථක උද්ඝෝෂණයකට පසු පැවති පාලන තන්ත්‍රයේ වෙනසක් ඇති වී ඇත. අතිශය සාර්ථක පසුගිය උද්ඝෝෂණ වන්නේ 1993-94 අවධියේ (හෝ 91-92) පවතී මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙන ලද “පාද යාත්‍රාව” සහ 1999-2000 අවධියේදී එජාප නායකත්වය දෙන ලද “ජන බල මෙහෙයුම” ය. මේ දෙකේම ජන සහභාගීත්වය සහ #gohomegota2022 උද්ඝෝෂණ රැල්ලේ වෙනස සංසන්දනය කළ විට පැහැදිලි වන්නේ වර්තමාන උද්ඝෝෂණය පසුගිය දෙකම අභිභවා යන බවයි. එසේම #gohomegota2022 කිසිදු දේශපාලන පක්ෂයකින් සිදු නොකරන සාමාන්‍ය ජනතාවගේ ඉල්ලීමකි.
එසේනම් වර්තමාන දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා වත්මන් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුය. නව ජනාධිපතිවරයෙක් පත්කරගැනීමට ව්‍යවස්ථාව තුල හැකියාව පවතින අතර එය රටේ ස්ථාවරභාවය ඇතිකරන බව බලාපොරොත්තු විය හැකිය. තවද එම ක්‍රියාදාමය දැනට පවතින තීරණ ගැනීමේ ප්‍රමාදය මගහරිනු ඇත.

සාමාජීය ස්ථාවරත්වය ජනාධිපති ඉවත් වීමෙන් ඇති කිරීමට පුළුවන් උනත් දේශපාලනික ස්ථාවරත්වය ඇති කල හැකිද?
සහතිකවම ඔව්.
“ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 40 (1) අ වගන්තියට ධූර කාලය ඉකුත්වීමට ප්‍රථම ධූරය හිස් වුවහොත් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරයෙක් ජනාධිපති ධූරයට තෝරා පත්කළ ගත යුතුය. පත් වන තැනැත්තා ඉවත්වීමට ප්‍රථම පැවති ධූරයේ ඉතිරි කාලය තුල පමණක් ධූරය දැරිය යුත්තේය. ” https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-20th-si.pdf?fbclid=IwAR0o-tTYbOcSX8FNTy0flQV0-vv1xorDESpvYdIGEKYGvrWONcjpR2PB27Y
තේරෙන භාෂාවෙන් කියනවා නම්, පාර්ලිමේන්තුවේ දැනට ඉන්නේ කෙනෙක්ට ජනාධිපති වෙන්න පුළුවන්. අනික් මන්ත්‍රීවරු ඒ නව ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුව තුලින් පත් කරගන්න ඕනේ. එතැනින්ම පාර්ලිමේන්තුවේ බහුතර නව ජනාධිපතිට ලැබිල ඉවරයි. අනික අන්තර්වාර පාර්ලිමේන්තුවකට පාර්ලමේන්තුව තුලින්ම යෝජනාව ඇවිත් ඉවරයි. SLPP වලට තියෙන්නේ ආසන 1 ක බහුතර බලයක් පමණයි. ඒ අතුරින් ජගත් කුමාර දැනටමත් අන්තර්වාර පාලනයක් ඉල්ලා අවසන්. චාමර සම්පත් ඉදිරි මාස 3 පාර්ලිමේන්තු එන්නේ නැහැ කියලා ඉවරයි. මහාචාර්ය චරිත හේරත් ස්වයං විවේචනයක් කරගෙන ඔවුන් නිවැරදි දේ කිරීමට ප්‍රමාද වෙලා තියෙනව කියල පිළිඅරන් ඉවරයි. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුවට බහුතරය ලැබී අවසන්.
https://www.ft.lk/top-story/Gota-s-Govt-hangs-onto-simple-majority-in-Parliament-for-now/26-733102?msclkid=fc6b8d0bb97611ecbe503a0cb826db61&fbclid=IwAR1AWA_dHBprDrij8HrJLs_IYwtThi33qEoWV6p9aq-sO1Cr1KXJauTZljE
දැනට ඉන්න හැමෝම අන්තර්වාර ජනාධිපති තනතුර එපා කියනවා. ආචාර්ය හර්ෂ ද සිල්වා ව යෝජනා වෙලා තියෙනවා, ඒ මනුස්සයා එපා කියන්නේ නැහැ. (හර්ෂ ද සිල්වා ව promote කරනවා නෙමෙයි මේ.) අනික් 224 හර්ෂව එපා කියන්නෙත් නැහැ. ඒ කියන්නේ දැනටම පාර්ලමේන්තුවේ බහුතර කැමැත්ත එක මන්ත්‍රීවරයෙක්ට (ජනාධිපති විදිහට) ලැබී අවසානයි.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ශ්‍රීමතාණන්ගේ ලොකුම අඩුව නිවැරදි තීරණය නිවැරදි වෙලාවට හෝ පසුව හෝ අවශ්‍ය තීරණය නොගැනීම සහ එතුමාගේ මමත්වයි/උධ්ධච්චකමයි. (Ego/Arrogance) මේ නිසාම රට ආර්ථිකව තවතවත් ආගාධයකට පත්වීමේ හැකියාව වැඩියි. ඒ නිසා එතුමාට දැනට කල හැකි ලොකුම දෙය වන්නේ තනතුරින් ඉවත්වී රටේ සාමාජීය සහ දේශපාලනික ස්ථාවරත්වයට ඉඩප්‍රස්ථා සලසා දීමයි. #GoHomeGota2022