රටින් පිටවීමට පෙර

Wasana Perera

4979EB24-0068-456F-8100-8A19EEFE4DE4.jpeg

ඇත්තටම තව දවස් 5ක් වගේ කාලයක් විතරයි මං ලංකාවේ ඉන්නේ. වෙන්දා වැකේශන් ඇවිල්ලා යන්න ලං වුනාම තියෙන වැඩ මෙදා පාර කිසි දෙයක් ඔලුවේ නෑ. ගෙදරින් බැනුම් කෝටියයි. මේ ටිකේම එතන. වැස්සේ තෙමිලා ලෙඩ වෙයි කොයි වෙලෙත් එතන්ට යන්නමයි හිත ගෙදර ඉදියත් කාගේ හරි ලයිව් එකකින් බලන්නෙත් ඕකමයිනේ. රටට කලෙවෙද්දි බලන් ඉන්න බැරි අමාරැවක් මිසක් මමත් මේ ජොලියට පොටෝ එකක් ගහන්න කෑ ගහලා හිනා වෙලා එන්න වැස්සේ නාගෙන උගුරැ දඩු කඩාගෙන කෑ ගහලා වැලපුනේ නෑ බන්.
තව පොඩි දවසයි කියලා මටත් පුලුවන් ගෙදට්ට වෙලා ගෙදර එවුන් එක්ක ඉන්න මොකද ආයේ කවදා එයිද ඒ මොනවත් මන්වත් දන්නේ නැති නිසා. ඒත් අනේ මන්දා හැමදේම එහෙමමයි මගේ හිත තියෙන්නෙම අරගලයේ. හිතේ තියෙන්නේ එකම එක දෙයයි. යන්න කලින් අරගලයේ අවසානයට ලගා වෙන්න ජයග්‍රහණය ලබාගන්න ලැබේවා කියන සිතුවිල්ල. ගෝටා ගෙදර යන්නම ඕන කියන සිතුවිල්ල.

පුලුවන් හැම කෙනාම එකතු වෙන්න. මේ එකතු වෙන්න හොදම සහ ඕනම වෙලාව. පරක්කු වෙන්න වෙන්න උන්ට පොඩි හරි චාන්ස් එකක් ඒකෙන් ලැබෙන එක විතරයි වෙන්නේ. පොඩිවත් චාන්ස් එකක් දෙන්නේ ඇයි. ?? රට වැටිලා තියෙන තැන ගැන හිතද්දි මාර දුකක් එන්නේ. අපි හම්බකරොත් අපි කන මානසිකත්වයෙන් මිදිලා ටිකක් හිතන්න. ගෝටාව ගෙදර යැවිය යුතුමයි නැත්තම් වැකේශන් එකකටවත් අපිට ඇවිල්ලා යන්න,අපේ අම්මාලට තාත්තලට නිදහසේ ඉන්න රටක් නම් මුන් ඉතුරැ කරන එකක්ම නෑ.

Let’s do it all together! ❤️

#GoHomeGota22 #GiveOurStolenMoneyBack #GoHomeGota2022 #gohomerajapaksas #GotaGoHome #SaveSriLanka #GoHomeGota2022 #GoHomeGota #GiveOurStolenMoneyBack #gohomerajapaksas #GoHomeGota2022 #GotaGoHome