“මහින්ද රාජපක්ෂ බුදු රජුන්ගේ නෑයෙක්”

Eranga

FB_IMG_1649677051927.jpg

“මහින්ද රාජපක්ෂ බුදු රජුන්ගේ නෑයෙක්”
෴අතීතයේ යට දවසක #ජැක්සන්_ඇන්තනී කල ප්‍රකාශයක්෴

නන්දිවිසාල බුදුවෙන්න පෙරුම්පුරපු ගෞතම බුදුන්ගෙ එක ආත්මයක්. පන්සිය පනස් ජාතක පොතේ සඳහන් වෙන්නෙ එහෙම.

මිස්ට #ජැක්සන් එදා කිව්ව විදිහට #රාජපක්ෂ  කියන්නෙ සුද්දෝදන පරම්පරාවෙ නෑයොනම්, ඇතිගරු ජනාධිපති #ගෝඨාභයත් බුදුන්ගෙ නෑයෙක් වෙන්න ඕනි.

ගුරුන්ටත් අකුරු වරදී කියන එකේ ජැක්සන්ට කොහේ හරි තැනක වරදින්න ඇති.

බලය තියන කාලෙ #රාජපක්ෂලා කරපු සමහර තුච්ඡ පාහර වැඩ දිහා හැරිලා බැලුවම මට හිතෙන විදිහට රාජපක්ෂ කියන්නෙ සුද්දෝධන පරම්පරාවෙ නෙවෙයි, පසු කාලෙක ධර්මාශෝක වෙච්ච අශෝක පරම්පාරවෙ නෑයෙක් වෙන්න ඇති.

මහපාරෙ වෙඩි තියල මරලා දාපු ලසන්ත වික්‍රමතුංග වගේ කතෘවරු, හේතුවක් නැතුව මරල දාපු වසීම් තාජුඩීන්, රවිරාජ් සිවරාම්, අතුරුදහන් වෙච්ච ලලිත් කූගන්, ප්‍රගීත් එක්නැලිගොඩ බොන්න වතුර ටිකක් ඉල්ලල කෑගහද්දි වතුර වෙනුවට මූණිස්සම් ලැබිච්ච රතුපස්වල මිනිස්සු, ඊස්ටඇටෑක් එකට අහුවෙච්ච මිනිස්සු… මේ තියෙන්නෙ ඒ පාදඩ වැඩවලින් ටිකක් විතරයි.
#රාජපක්ෂලා කියන්නෙ කිසිම විදිහකට බෝසත් පරම්පරාවකට නෑකම් කියන්න සුදුසු මිනිස්සු නෙවෙයි. උං හැමවෙලේම හෙව්වෙ බලය. පොදි ගැහුවෙ තණ්හාව. උං හරියටම කලේ බිලි ගන්න එක විතරයි.

#ගෝඨාභය කියන්නෙත් ඒ මිනීමරු පරම්පරාවෙ ඉන්න දඩ බල්ලෙක්. හැබැයි ඌ හරියටම කලේ පරම්පරාව පොරවගෙන හිටපු නම්බුව කියන සිංහ හම ගලවල දාපු එක විතරයි.

#නන්දෙ ඇත්තටම දැං ඔයා විනාසයි.

#GoHomeGota2022