පරිච්ඡේදය 00

Nadun

IMG-20220411-WA0004.jpeg

මේ මගේ දෙවන අරගල රාත්‍රිය..

කාෂ්කය තරම් කොළඹ අහස යට අනෝරාව අපිට පුරුදු නෑ.. ඒ හැම වැස්සක් එක්කම අපේ බලාපොරොත්තු හේදෙන්න ඉඩ දෙන්න අපිට බැහැ. ජීවිතයේ හඬක් බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට උන්ගෙ හඬ වෙන්න.. ඉමක් නොපෙනෙන මුහුදක උන්ට ප්‍රදීපාගාරයක් වෙන්න අපි ආපු ගමනේ පියවර ආපස්සට ගන්න සිතුවිලි එක්ක පොරබදින මුරණ්ඩු හිත් අවනත නෑ.. ඒ හේදෙන හැම වැස්සක් අස්සෙම දෙමළ මනුස්සයා උස්සගෙන එන පාන් කෑල්ල.. සිංහල මනුස්සයා උස්සගෙන එන කෝපි කෝප්පය.. මුස්ලිම් මනුස්සයා උස්සගෙන බිස්කට් පැකට් එක ආයෙම සීසී කඩ විසිරිලා යන සිතුවිලි ආයෙම එක්කාසු කරනවා.. ඔව් ඒ හැම මනුස්සයම ජීවිතේ ඊළඟට ලියන්න යන ඒ පරිච්ඡේදය ගැන බලාපොරොත්තු සහගතව අපිත් එක්කම රැඳෙනවා…
ඒ වෙනුවෙන් මේ නිදිවර්ජිත රාත්‍රීන් පුරාවට ගෙවෙන හැම තප්පරයක්ම සාක්ෂි දරණවා..
සංවේදි හදවත් ඒ මානුෂීය ප්‍රයත්නය වෙනුවෙන් එකම ප්‍රවාහයක .. ඉතිං මේ පරිච්ඡේදය ආරම්භයේදි අප සියල්ල විසින් බලාපොරොත්තු තැබූ ඒ අවසානය වෙනුවෙන් සාමූහික ප්‍රයත්නයක් අපි කාටත් දරන්න වෙනවා..
ඉතිං මේ හැමදෙයක්ම අවසානයේ ලියවෙන්නට යන පරිච්ඡේදයට මම අසීමිතව පෙම්.බඳිනවා..

ගෙවෙන ඒ හැම මොහොතකම ආදරණීය විප්ලවීය හදවත් එකම පාරක එකට ගැටෙනවා.. වැටෙන අනිත් මනුස්සයා වෙනුවෙන් අත දික් කරනවා.. බොඳ වෙච්ච හීන මැද්දෙ දරුවොන්ගෙ අනාගතය වෙනුවෙන් බලාපොරොත්තු දල්වනවා..
තාරුණ්‍යය නිදි වර්ජිත රාත්‍රිය මැද ජීවිතය හොයනවා.. ඔව් අපි එකම පාරක.. එකම එක සුභවාදී අනාගතයක් වෙනුවෙන්.. දූෂිතයින් අපිට අහිමි කරපු අපේ ජීවිතය වෙනුවෙන් අපි එකිනෙකා උරෙනුර ගැටෙමින්.. මේ මොහොතේ මේක කියවන ඔබ වෙනුවෙන් අපි ගැටෙමින් ඔබ වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු උස්සන් අපි බාධකය ඉදිරිපිට මර්ධනයන් අභිමුව අනෙකා ප්‍රවේසම් කරගනිමින්..
ඉදින් ආදරණීය මිනිසුනි… මටත් ඇත්තේ ඔබට තිබෙන්නා වූ හෝරාවන් කිහිපයම පමණි.. තප්පරයක් හෝ වැඩියෙන් මා හට ලැබී නැත.. ඉඳින් මහල්ලන් විසින් ලියන ඉරණම් කතාවෙ තවත් එක් චරිතයකට පණ පොවමින් අකාලයේ සොඳුරුතම පරිච්ඡේදයන් නිමා කෙරුමට ප්‍රථමව..
හැඟීම් ස්පර්ශ කරන්නා වූ සොඳුරු මිනිසුනි… එන්න මේ පවුර වටා ගොඩ නැගෙන්න.. ගොඩ නගන්න…
බලකාමයෙන් වල්මත්ව බිලි පූජා කළ නගරයක එන්න අපි යුක්තිය වෙනුවෙන් ම්ලේච්ඡත්වයට එරෙහිව නැගී සිටිමු..
යුද්ධයේ අමිහිරි මතක මැද්දෙන් තාරුණ්‍යයේ හැඟීම් මැද්දෙන් කම් සැප විඳින්නට රටක් පාවා දුන් දූෂිත පාදඩයන්ට එරෙහිව නැගී සිටිමු..

නොනවතින අරගලයට ජය…
💜️