ඉදිරිය

Shiney de silva

දවස් ගානක මහන්සිය අපතෙ යවන්න එපා !!

පුලුවන් හැම කෙනෙක්ම පුලුවන් විදියට මේ විරෝධතාවට එක් වුනා
හැබැයි මේ වෙනකොට වෙනස් වෙනස් flavors වලින් ආතල් ටොපි වගයක් මිනිස්සුන්ගෙ අතට දීලා මේක වෙනම පැත්තකට හරවන්න හදනවා..#රණවිරුගාය#අනුරගෙවාහනේටනැගපුඑකා#ප්‍රොෆයිල්පික්ෆ්‍රේම්දැමිල්ල#පපරෙගැහිල්ල
අන්තෙටම ඉවසලා දරාගැනිල්ලෙත් උපරිමේට ගියපු අපේ තාරුණ්‍ය මේක අතට ගත්තේ මේකටද?
දේශපාලන අවජාතකයොන්ගෙ නාට්‍ය වල විකට චරිත රගපාන්නද?
මම දන්නෑ මම මේ කියන ඒවා හරිද වැරදිද කියලා කොහොමවුනත් මේ අරගලය අපි ආතල් එකක් කරගෙන අමතක වෙන්න දෙන්න ඕන තැනක නෙමෙයි අපි ඉන්නේ…හෙට වෙනකොට ලෝකෙන් උතුම් රට සිරි ලංකාව මුහුදුබත් වෙන්න ඔන්න මෙන්න තියෙන්නේ…
එහෙනම්…
1) 225 විතරක් නෙමෙයි කිසිම politician කෙනෙක් අපිට එපා
2) අපේ අම්මලා තාත්තලගෙ දාඩිය හූරං කාලා ගහගත්ත අපේ සල්ලි අපිට දියව්
3) මේ ජයග්‍රාහී අරගලයෙන් පසු 225ට සාමාන්‍ය ජනතා නියෝජිතයින් මිස ප්‍රභූවරු නොවිය යුතුයි.
4) විශේෂ වරප්‍රසාද කිසිවක් නැත. ලබාදෙන සේවයට අනිත් හැම සාමාන්‍ය ජනයෙක්ට වගේම වැටුපක් පමණක් ලැබෙනු ඇත.
5) VIP වාහන ගිලන්රථ පමණි
6) එකෙක් නෑර හැම දේසපාලුවෙක්ගෙම වතකම් විඝණනය කළ යුතුයි.
7) ඔප්පු කළ නොහැකි හැම සතයක්ම රාජසන්තක විය යුතුයි. මොකද ඒ අපෙ තාත්තලගෙ අම්මලගෙ දාඩිය.
8) අනිත් හැම ජොබ් එකකට qualifications ඉල්ලනවනම් රටක් ගෙනියන්න ගොබ්බයො අවශ්‍යය නැත. නිසි සුදුසුකම් මාලාවක් ඉදිරිපත් විය යුතුයි.
9) සාමාන්‍ය ජනතාවගෙ අහිංසක රැකියා වලට ව්ශ්‍රාම යන වයස් සීමාවක් ඇත්නම් ඇයි මේකට විතරක් ? අනිවාර්යයෙන් විශ්‍රාම වයස් සීමාවක් පැනවිය යුතුයි.

මට මතක් වෙන්නේ මෙච්චරයි…මොකෙක් හරි කමක් නෑ මේකට ඊළගට සිස්ටම් එකක් හදපල්ලා…සුදුස්සො හොයාගනිල්ලා අපි නැත්තටම නැති වෙන්න යන ජාතියක්…දැන් මේක අතෑරලා මෝඩ ජෝක් කරලා උඩදාගෙන කියවන වසර 2500ක ප්‍රෞඪ ඉතිහාසයට කොන්ද පණ නැති මොලේ උඩ ඉදගෙන හිටපු ජාතියක් කියලා අන්තිමට ලියවෙන්න දෙන්න එපා ‼️‼️‼️
#අරගලයටජය