ඇති…දැන් යන්න

Rusira

inbound7971828400782662150.jpg

අරගලය ඔබට
පෙන්වූ ප්‍රේමය
සාමයෙන් බාරගෙන
ඉඩදෙන්න
අලුත් මල් පිපෙන්නට
සාටක ටික අකුලන්න.
එලියට එන්න
ජනතාව මැදට
උණු තේ එකක් බොන්න
තියන දෙයක් කන්න
අපි දෙන්නම් ඒකත්
ඕනේනම් තව එකක්
ගෙදරත් ගෙනියන්න
අන්තිම වතාවට

කන් ඇහෙනව අඩුද?
දොස්තරල ඉන්නව
නොමිලේ පෙන්නගන්න
තෙමෙනවට බයද ?
ඉටිකොලයක් දෙන්නම්
ඔලුවෙ ඔතාගන්න

ඇස් පේනව හොරද ?
කන්නාඩිය පිහදාල බලන්න
වෙනද පිහදාන සාටකේ කෙලවරින් නෙවෙයි
අපි දෙන්නම් ලේන්සුවක්
ඒකෙන්

ලෙඩ වෙන්න හොඳ නෑ
බෙහෙතුත් නෑනෙ නේද?
සමහන් එකක් අරන් යන්න
කවුරුත් මුකුත් කියන එකක් නෑ

ගෑස් එකක් පාරෙ තියනව
ගෙදර කෑම ටික රත්කරගන්න
ඕනෙනම් ගේන්න
හැබැයි වාහනේ තෙල් තියනවනම් විතරයි
මග නැවතුනොත් එහෙම…

පොඩ්ඩක් විවේක ගන්න
හොරෙන් ගත්තුව දෙන්න වෙනව ඉතින්
ඒ ලැයිස්තුව හදල තියගන්න
ඉල්ලුවම දෙන්න ලේසි වෙන්න

ඒකට වෙලාවක් යනව …නේද…ලියන්න
දැන් වයසයිනෙ…

ඒක නිසා දැන් යන්න….

සිංහල තේරෙනව මදි වගේද?
රටනෙ ඉදියෙ ගොඩක් කල් නේද
අවුල්නම් කියන්න
ඉංග්‍රීසියෙන් එවන්නම්

current කපන්න කලින් මේක
ඉවර කරනව මෙතනින්
නැත්තම් තව තියනව කියන්න

ඇති…දැන් යන්න…