ආතල් ගන්න මේක වෙලාව නෙවෙයි. අරගලය හරියට තේරුම් ගමු

Lojitha

මුලින්ම රට වෙනුවෙන්, රටේ මිනිස්සු වෙනුවෙන්, අපිට වෙච්ච අසාධාරණයට අර කාලකණ්ණි නඩයට විරුද්ධව හඩ නගන්න පාරට බැස්ස සියලු දෙනාටම මගේ හදපිරි ස්තූතිය. පට්ට සතුටුයි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, කි්‍රස්ටියානි කිසිම වෙනසක් නැතුව, කිසිම බෙදීමක් නැතුව අරගල කරනවා. එකිනෙකාට උදව් කරගන්නවා. මින් ඉදිරියට අපි මුස්ලිම් මිනිහා, සිංහල මිනිහෙක් විදියට හදුන්වන එක නවත්තමු. ශ්‍රී ලාංකික පුරවැසියන් විදියට එකිනෙකා ආමන්ත්‍රණය කරමු. හෑමෝටම අදාල ආගම නිදහසේ අදහන්න අයිතිය තියෙනවා, හැබැයි ආගම් අනුව එකිනෙකාගේ ඇද කුද, විවෙචනය හොයන එක මින් ඉදිරියට නවතමු. හැම කෙනාම ශ්‍රි ලාංකික පුරවැසියෙක් කියන කෝනයෙන් බලමු. හැමෝම එකතු වෙලා වසර 74ක් පුරාවට මේ රට හූරාකාපු දේශපාලනය වෙනස් කරමු. උන් හොරා කාපුවා රටට ගේමු. දුෂීත සියලු දේශපාලකයන්ට දඩුවම් දෙමු.
මිනිස්සු අදටත් පොලිම්වල දුක් විදිනවා. මැරිලා වැටෙනවා, කන්න කෑම නැහැ, කරන්ට් නැහැ. ඒ දුක හොදට දන්න මිනිස්සු උගුර ලේ රහ වෙනකම් අරගල කරනවා. හැබැයි ඒ වේදනාව හරියට අදුරගත්ත නැති පිරිසක් තාම ගෙවල් වල, අරගලේට ආවත් සැපේ ඉන්නේ. රටේ තත්ත්වය ගානක් නැහැ. එහෙම උන් නාවට අවුලක් නැහැ . අරගල භූමිය සැපේ ඉන්න තැනක් නෙවෙයි. අර කාලකණ්ණි රාජපක්ෂ +225 කපටි, ජඩ වැඩ කරන්නේ. උන්ව ආතල් සින්දු කියලා එලවන්න බැහැ. සාමකාමී විදියට උන්ගේ ලේ වතුර වන දේවල් කරන්න ඕන. අරගලේ තේරුම හරියට දන්නේ නැති උන් අරගල භූමියට හරි හැටි තේරුම දැනගෙන වරෙල්ලා. ඒ විදියට හැසිරියන්. නැත්නම් අර අවංකව වේදනාවෙන් කැගහන මිනිස්සු පව්…

#ආතල් ගන්න මේක වෙලාව නෙවෙයි. මේ සටන ජය ගත්ත දාට ඕන තරම් ආතල් ගනිල්ලා.
අරගලයේ හරි අරුත දැනගෙන හැමෝම පාරට බහිමු.
අරගලයට ජය. 💪