අවුරුදු 70ක් තිස්සෙ දේශපාලුවො මේ රට ෆේල් කලා මචං..

Madhawa bandara

AC41EE41-BA3B-4660-BE75-4C6A91D5B397.jpeg

කෙටියෙන් කියන්නම් මචං ලොකු ස්ටෝරියක්.. මං දැනට ජීවත් වෙලා ඉන්නෙ ජපානෙ.. 2වෙනි ලෝක යුද්ධෙන් පස්සෙ ඉතාම සුලු කාලයක් ඇතුලත මහා දැවැන්ත සංවර්ධනයක් ලඟා කරගත්ත රටක්.. තාක්ශණය මහ ඉහලින්.. කොටින්ම ටොයිලට්ස් පවා දුවන්නෙ සෙන්සර් එක්ක. ඉතින් මචං මං කියන්නෙ මේ රටවල් වල ඉන්න මිනිස්සු විඳින පහසුකම් උඹල වින්ද දවසට ලංකාව අවුරුදු 70 ක් තිස්සෙ පාලනය කල මිනිස්සුන්ට උඹ වෛර කරනවා බං. සිරාවටම.