අරගලය හා ආරක්ෂක අංශ

චරිත් ඒකනායක

inbound1188583202641372186.jpg

මුලින්ම අරගලයට ඉත සිතින් සුභ පතනව.අපගේ සහෝදර සහෝදරියන් නිදි නැතිව එක දිකට දින ගණනාවක් කරන මේ අරගලය ලෝකයේ ඉතිහාස ගතවනු නොඅනුමානය.ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවාගොස් ඇතිවී තිබුන පීඩනය මෙසේ ශ්‍රි ලංකාවේ නන් දෙසින් පුපුරා යද්දී අපගේ අනාගතය ,අප රටේ අනාගතය බාර ගැනීමට ඉන්නා දූල පුතාල විසින් සමාජ මාද්‍ය ඔස්සේ සංවිධානය කරනු ලැබූ මේ අරගලය අද ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට ගමන් කරීමත් ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ විදිහට අද වනකොට අලංකාර සංකල්ප ඔස්සේ මුලු මහත් ලෝකයේම අවදානය දිනාගැනීමට සමත් වී තිබෙනව.
අද මේ විරෝධතාවය මේ ආකරයෙන් දිනෙන් දින ශක්තිමත් වේ යැයි පවතින මේ දූශිත ආන්ඩුව මොහොතක් වත් නොසිතන්න ඇති.දැන් මේ කාලකන්නි පාලකයන්ට උවමනා වී ඇත්තේ මෙය කෙසේ හෝ කඩාකප්පල් කොට මෙය මර්දන කිරීමටය.එයට මේ පහත් පාලකයන් යොදාගන්නෙ ත්‍රිවිධ හමුදාවන් හා පොලිස් නිලධාරීන් වත්‍ ය.ඔබට මතක ඇති අංක තහඩු නොමැතිව ආ ආමි එකේ අය.එවැනි දේ කරනුයේ ජනතාව හා ඔවුන් අතර ගැටුම් ඇති කිරීමට මිස වෙන යම් කටයුත්තකට නොවේ…තවද අද දිනයේ අරගල බිමේ උපත් පාලක කොපු දැමීමෙන් ඔවුන් අදහස් කරනුයේ මෙහි කිසි ආරක්ශාවක් නොමැති බව පිටට පෙන්වීමටය.එවිට දෙමාපියන් තමන්ගේ දරුවන් මෙයට සහභාගී කරවීම නවත්වන බැවින් එය කඩාකප්පල් වේ යැයි සිතමින්‍ ය. තවද ආන්ඩුව විසින් මුදල් හෝ වෙනයම් දෙයක් දී අහිංසක මිනිස්සු ඔවුනට පක්ෂ පාතී බව පෙන්වමින් වෙනම අරගලයක් කිරීමට සලස්වා ඇත්තේ අරගල කරුවන් දෙපිරසම කොටවා ඔවුන්ගේ පහත් අරමුනු වලට ලංවීමටය…
ඔබලා නිතරම අවධානයෙන් හා කල්පනාවෙන් කටයුතු කරීමට උවමනා ඒ හෙයිනි.
ඔබලාට ජයෙන් ජයම වේවා….
චරිත් ඒකනායක
2022.04.11
12.25pm