අරගලය ගැන මගේ හැඟීම ❤️

Charana Yapa

ශ්‍රී ලංකාව කියන්නේ ජාතීන් ගොඩක එකතුවක්. මේ වෙලාව වෙද්දි ශ්‍රී ලංකාවේ ජාතීන් කියලා එකක් නෑ. අද මේ ලංකාවේ ජීවත් වෙන්නේ, දූශිත පවුල් පාලනයකට එරෙහිව නා කපන වැස්සේ තෙමීගෙන, ගිනි අව්වේ නොමැරී මැරීගෙන අරගලයට හයිය දෙන ශ්‍රී ලාංකිකයෝ. ලක් මෑණියන්ගේ දරුවෝ ❗

අයියෝ ගෝඨාභය මහත්තයෝ, අයියෝ මහින්ද මහත්තයෝ, අයියෝ මෙතුමන්ලගේ පශ්චාත් භාගේ ලෙවකන හාදයෝ, අයියෝ සජිත්, අයියෝ අනුර අන්තිමට අයියෝ සිරිසේන! දැන් සැපද ඉතින් දකිනකොට, මේක විදිනකොට, ජාතියක් ජන්මයක්, කුලයක්, ආගමක් නැතුව එකතු වෙලා ඔහෙලම දෙකඩ කරපු ඒ සමගිය ආපහු බලය කරගෙන ඔහෙලා එලවලා මේ රට ආපහු හරි පාරට දාගන්න දතකන ලක් මෑණියන්ගේ දරුවන්ව ❓❓

ඔබතුමන්ලා බලයෙන් දිනන්න ඇත, නොබෝදාක ඒ බලයම ඔබව කනපිට පෙරලනු ඇත ‼️
එතකන් මේ පරපුර නිදිවර්ජිතව සටනේ යෙදෙනු ඇත ‼️
ඉතින් ආයුබෝවන් රාජපක්ෂ බල කඳවුර (සහ එහි එල්ලුන මැක්කෝ)‼️
අරගලයට ජය! ශ්‍රී ලංකාවට ජය! 🇱🇰💕
#Carltonhasfallen! 🇱🇰
(ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතුය)