අරගලය කඩාකප්පල් කිරීමේ නවතම මාතෘකාව

Kavishal Rasintha

IMG_20220411_132702.jpg

අරගලය කඩා බිඳ දාලා විසුරුවාලීමට ගෝඨා ඇතුළු වහල් ජීවින් යොදාගන්නා අලුත්ම මාතෘකාව “සෙක්ස්” 😮😮

මහ රෑ වැස්සෙ තෙමීගෙන නිදිමරාගෙන වැඩ පාඩු කරගෙන ගෝල්ෆේස් එකට යන්නේ රමණයේ යෙදෙන්න කියලා හිතාගෙන ඉන්න එව්වො මේකේ ඉන්නේ 🤦🤦

මේ බයියන්ගේ ප්ලෑන් වලට ගේම් වලට අපි මෙච්චර දවස් අහුවුනේ නෑ ඉස්සරටත් අහුනොවී ඉමු, අදට දවස් තුනක් ගෝල්ෆේස් අරගලයට, තාම මම දැක්කේ නෑ කිසි කෙනෙක් කියලා තියෙනවා ඉදි කට්ටක් නැති උනා කියලා, කිසිම කෙනෙක්ගෙන් අතක්වත් වැදිලා හානියක් උනා කියලා, ටොපියක් පවා කාලා ඒ කොළේ තමන්ගේ සාක්කුවේ දාගත්ත උන් ඉන්න එතන මුන් කියනවා කොන්ඩම් ටෙන්ට් පුරාවටලු, මේවට හිනාවෙන්න තැන් මදි ඇත්තම කතාව. මතක තියාගන්න හැමදේටකම වඩා ඉහලින් එක දෙයක්, එතන තියෙන්නෙ ආදරය විතරයි රටට තියෙන ආදරය විතරයි ❤

#ArrestRajapakshas
#giveusourmoneyback
#GoHomeGota2022