අරගලයෙන් පිපෙන මල්

Gayan Lakshitha

inbound5813077960344353773.jpg

ඇත්ත! මෙය හුදෙක් එදා මෙදාතුර අප දැකපු සාම්ප්‍රදායික අරගලයක් නොවේ. 48 දී නමට නිදහසක් ලැබුනත්, ආකල්පමය වශයෙන් මිනිසුන් සිටියේ සිර ගෙදරක ය. අදටත් එහෙව් පරම්පරාවක අය සැරිසරන්නේ සොම්බීන් මෙනි.
අප පාලකයන්ට බිය විය යුතු නැත. බිය විය යුත්තේ තමන්ට ම ය. තමන්ගේ ආකල්ප වලට ය. පාලකයන් නූගත් වූවත්, කපටිකම් වල අඩුවක් නැත. බලය ඇති උන් බලය නැති අපේ ඔලු සෝදාහරී. 48 න් පසු එසේ වුවත්, 22 එසේ නොවේ. මේ නව පුනරුදයක ආරම්භයයි. ළිං තුළ ම කබල් ගගා සිටියවුන් ප්‍රවාහයත් සමග ම ළිං කටින් ගොඩ එමින් සිටිති. නව ලොවක හැඩරුව සොයති. මේ අප පරාජය කරන්නේ හුදු පවුලක් ම පමණක් නොවේ. 48 න් පසු 22 දක්වා ම රටට වින කළ ජඩ පාලකයන්ට විරුද්ධව යි.

එන්න චින්තන විප්ලවයක් කරන්න!
අරගලයට ජය ❤️