අරගලයෙදී මම දැක්ක මනුස්සකම සහ එකමුතුකම.

Anuruddha

අම්මා කෙනෙක් චොකොලට් බිස්කට් එකක් ගෙනත් හැමෝටම බෙදනවා. දහස් ගානකට බෙදන්න ඒක මදි ඇති. ඒත් ඒක දැක්කම බඩ පිරෙනවා.

තව සහෝදරයෙක් කඩල තම්බලා ගෙනත් හැමෝටම බෙදනවා. තව කෙනෙක් වතුර බෝතල් බෙදනවා. අපේ හාමුදුරුවෝ කෙනෙක් බිස්කට් ගෙනත් මිනිස්සුන්ට බෙදනවා.

මුස්ලිම් සහෝදරයො උපවාස ඉවරකරන වෙලාවට සිංහල, දෙමල අපි හැමෝම ගිහින් එයාලට එතන හදලා දීලා උදව් කරලා ඒක ඉවරකරනකල් ලගට වෙලා ඉන්නවා.

කතෝලික පියතුමන්ලා අරගලයට ආපු අයට සහය වෙනවා.

හැමෝටම අමාරු කාලෙක පාන් කෑල්ලක් හරි ගෙනත් අනික් උන්ගෙ බඩගින්න නිවන්න උත්සාහ කරන අය ගොඩායි.

කවදාවත් දැක්ක නැති අය එක ගමේ උන් වගේ එකම අරමුණකින් අරගල කරනවා. තව කට්ටියක් බිම තියෙන දේවල් අයින් කරලා බිම පිරිසිදු කරනවා.

රටේ ප්‍රසිද්ධ චරිත, නලු නිලියෝ ඔක්කොම ඇවිත් මිනිස්සුන්ට උදව් කරනවා.

විදේශිකයින් රැසක් අපේ මිනිස්සුත් එක්ක අරගල භූමියට ඇවිත් අපිට හයියක් වෙනවා වගේම, අරගල වලින් එයාලට කිසිම හානියක් නෑ කියන පණිවිඩය ලෝකෙටම පෙන්නනවා.

ගෙදර ඇද නැතිව නින්ද ගිය නැති උන් ගෝල් ෆේස් එකේ තණකොළ ගොල්ලේ නැවතිලා අරගල කරනවා.

වෛද්‍යවරුන් තාවකාලික රෝහලක් හදලා අවශ්‍ය අයට ප්‍රතිකාර කරන්න සූදානම් වෙලා ඉන්නව.

මේ සැරේ අපිට අලුත් අවුරුදු ගෝල් ෆේස් එකේ, රාමසාන් ගෝල් ෆේස් එකේ, පාස්කු ඉරිද, මහ සිකුරාදා ගෝල් ෆේස් එකේ.

අවුරුදු ගානක් ගිහිනවත් මිනිස්සුන්ට තේරුම් කරවන්න බැරි උනු එකමුතුකමේ අගය සහජීවනයේ වැදගත්කම, වහල්කමෙන් මිදීමේ වැදගත්කම මේ දවස් ටිකට මිනිස්සු හොදට තේරුම් අරන් ඉවරයි.

ගෝටා උබයි උබේ කාලකන්නි දේශපාලුවෝ ඔක්කොමයි දැනටම පැරදිලා ඉවරයි.

අරගලයට ජය.
10.04.2022
ගෝල් ෆේස් එකේදි.