අරගලයට හදවතින්❤

Janitha Chinthani

නොලියා ඉන්නම බැරි උන නිසයි ලියන්නේ .

Fb එකේ මේ අරගලය ගැන post දකිනකොට, Live vedio share වෙනකොට මටත් හිතුනා.. අනේ මාත් එක protest එකකට හරි යන්න ඕනි… ගෙදර පුටුවක ඉදන්, ඇදක සැපට හාන්සි වෙලා අනුන්ගේ post share කරලා විතරක් මදි… ඒ අත්දැකීම ඇත්තටම විදින්න ඕනි කියලා…

සෑහෙන්න try කලා ඒකට…

ඒ chance එක හම්බුණා ඊයේ… කොළඹ BMICH එක ඉස්සරහ කතෝලික තරුණ කැලක් විදියට එකතු වුණ අපි… අපේ ගමන ඉවර කලේ galleface එකෙන්..

මම මේ කියන්නේ මට හදවතින්ම දැනිච්ච හැගීම..
ඒ galleface එකට යන පාර පුරාවටම තිබ්බේ පුදුම ඒකීය හැගීමක්, වාහන park කරන්න ඉඩ තිබ්බේ නැති නිසා amour street ඉදන් අපි ආවේ පයින් එතනින් අත දාලා නැග්ග ත්‍රීවීල් එකේ ඉදන් කතා උනේ එකම එක අරමුණක් ගැන..වෙනදට ත්‍රීවිල් එකක නැගලා බහින තැනින් සල්ලි දීලා බැහැලා යන අපි ඊයේ නැග්ග වෙලේ ඉදන් කතා කලේ රට ගැන, ඇයි අපිට මෙහෙම වුණේ කියලා… ඒකෙන් බැහැලා galleface එකට යන ටිකට පාට දිගට හම්බුන හැමෝම මොකක්ම හරි විදියකින් හැමෝම එක්ක කතා කලා..එක්කෝ වචන ටිකකට උත්තරයක්, නැත්නම් විසිල් එකක්, නැත්නම් cheer එකක්, එහෙමත් නැත්නම් horn එකක් ..
ඒ හැගීම ඇත්තටම ඇගේ හිරිගඩු පිපෙන තරමටම බලවත්… මිනිස්සුන්ට බොන්න වතුර, කන්න කෑම, galleface එකේ ඉදන් එන අය යන අයට ඒ අය ගෙනාපු board දීලා යනවා..
එතන මම ඇත්තටම දැක්කේ හදවතින්ම ශ්‍රී ලාංකිකයෝ, දෙමල, සිංහල,මුස්ලිම් මිනිස්සු මම දැක්කේ නෑ ඇත්තටම….

Galleface එක ඇතුලේ තිබ්බෙම පුදුම ජවයක්..පුදුම එකමුතුකමක්, අපිට උරුම ජීවත් වීමේ අයිතිය ඉල්ලලා උගුර ලේ රහ වෙනකන් කෑ ගහපු පුදුම ශක්තිමත් පෞරුෂ ටිකක්..
ඒ අයගෙන් 95% කට වැඩි ප්‍රතිශතයක් තරුණ කොල්ලො කෙල්ලෝ..

ඒ හැගීම ඇත්තටම වචන කරන්න බෑ…

අපි දන්නවා අපි ඉන්නේ ගොඩාක් තීරාණාත්මක තැනක..
මිනිස් ජීවිත උපරිම ලෙස පීඩිත කරපු පාලන ක්‍රමයක..

ඒත් ඒ අමාරුම කාලේ…
අපේ සමාජය තුල මේ ගොඩනැගුණ එකමුතුකම..
ආයේ කිසිම දවසක..
ජාති , ආගම්, කුල පදනම් කරගෙන ජාතිවාදක් අපි අතර ගොඩනගන්න බෑ කියන වටිනාම සාධකය අපි ඉදිරියේ සනාථ කරලා ඉවරයි..
ඉතින්..ඒ ලබපු ජයග්‍රහණය ඇතුලේ සමාජයක් විදියට අපි ඇත්තටම දිනුම්…

ඊයේ අපි galleface එකෙන් එනකොට අපිට අන්තිමට ඇහිච්ච වචන ටික,
“කට්ටිය…යන්න එපා… අපි මේක අල්ලන් ඉමු..අතාරින්න බෑ”

නෑ..ඇත්තමයි අතාරින්නේ නෑ…
හදවතින් කිසිම දවසක අතාරින්නේ නෑ…
ඒ සමස්ත ලාංකික ජනතාව වෙනුවෙන් කරන්නාවූ කැපවීම.. වචන කල නොහැකි කැපවීම….

තාමත් ඔයා එකම එක protest එකකට වත් ගියේ නැත්නම්.. ඔයා ඔයාගේ හදවතින් අහන්න…
පාරට බහින්න බැරි සාධාරණ හේතු තියෙන අය අනිවාර්‍යෙන් ඇති…
එහෙම අය නෙමයි…උපරිම හැකියාව තියෙද්දිත් මම පාරට බහින්නෙ මොකටද කන්න ඇදලා ඉන්න තියෙනවානම්..කියලා හිතන අයටයි… පාරට බැහැලා තේරුමක් තියෙයිද කියලා හිතන අයටයි… පාරට බැහැලා නිකන් ගුටිකන්නේ ඇයි කියලා හිතන අයටයි මේ කියන්නේ…හදවතට තට්ටු කරන්න….
එච්චරයි කියන්න තියෙන්නේ..

Prado,Benz වල ඉදන් පාරේ බස් එකට වෙනකන්..
අපේකම වෙනුවෙන් ගැහෙන ලේ….
ඊයේ මම ඇස් දෙකෙන්ම දැක්කා❤

අරගලයට ජයෙන් ජය..
ඒ U turn එක අපි ගන්නවාමයි❤✌️🔥🔥♥️
#gogotahome2022
#gohomerajapaksas
#අපිවෙනුවෙන්අපි

-ජනිතා චින්තානි රාජපක්ෂ-