අරගලයට ජය වේවා.❤️

අරගලකරුවෙක්

මට ඇත්තටම පට්ට සතුටුයි මම මේ generation එකේ ඉපදිච්ච එක ගැන ඊටත් වඩා සතුටුයි මම මේ ශ්‍රී ලංකාවෙ ඉපදිච්ච එක ගැන.
දූෂිත පාලකයන්ට රටක බලය ලබාගැනීම හෝ තම දූශිත ක්‍රියා ජනතාව දැන සිටියදී බලය රැක ගැනීම යන කාරණා අවහිරයකින් හා විරෝධයකින් කරගැනීමට ඔවුන් මිනිසුන් කුඩා ජන කොට්ඨාස වලට බෙදා වෙන්කරනවා.
පසුගිය වසර 74 තුලම ඔවුන් සුදු කලේ ඒ දේ පමණයි. ලෝකයේ සියළු දේ අනිත්ත්‍යයි.උවුන් අපව බෙදා තිබූ ඒ කාලසීමාව දැන් අවසන් වීගෙන එනවා. ඔවුන් අපව ජාති,ආගම්,පන්ති,සමාජ තත්වය, ලෙස බෙදා වෙන්කර තැබුවා. ඔවුන් සතු ඉහලම අවිය වූයේ මහ ජාතිය සහ දේශප්‍රේමයයි. ඔවුන් අපි ලව්වා අපේ දෙමළ තරුණයක් ඝාතනය කෙරෙව්වා.අපේ දෙමළ තරුණයන් ලව්වා අපේ සිංහල තරුණයන් ඝාතනය කෙරෙව්වා. ඔවුන් සිවිල් යුද්ද නිර්මාණය කෙරෙව්වා.රජයට එරෙහිව හඩ නැගූ තරුණයන් ඝාතනය කලා. ඔවුන් මේ රට අමු සොහොනක් බවට පත් කලා.
මේක කියවන අපි බහුතරයක් ඉපදුනේ යුද්දයක් තිබ්බ රටක. අපේ ගෙවල් ලග බෝම්බ පිපිරුණේ නැති උනාට අපේ ගමේ වෙඩිහඩක් ඇහුනේ නැති උනාට අපිට යුද්ධෙ කියන එක දැනුනා. යුද්දය අවසන් උනාම අපි හිතාගත්තා මේ රටේ අපිට ආය කාගෙවත් ලේ දකින්න ඕන නෑ කියලා.
ඒ උනාට පාලකයො තමන්ගෙ බලය රැකගන්න තමන්ට බලය ගන්න ආය ඒ සක්කිලි වැඩේ කලා. උන් අපේ රටේ අහිංසක මිනිස්සු ආය මැරුවා.උන් එහෙම කරල ආය අපිව බෙදුවා.උන් මැරිච්ච අපේ එවුන්ගෙ මලකදන් උඩින් මාධ්‍ය සාකච්ඡා තියල හිනාවුනා.උන්ගෙ වහල්ලු ඒවට අප්පුඩි ගැහුවා. උන් පෙන්නුවා මනුස්ස ජීවිත කියන්නෙ උන්ගෙ දේශපාලන පොර පිටියෙ ලාභ සෙල්ලම් බඩු කියලා. උන් අපේ සල්ලි වලින් අපිට පෙන්න පෙන්න ආතල් ගත්තා.
ඒ උනාට දැන් තත්වෙ බොහොම වෙනස් දැන් ඉන්නෙ එක ජාතියයි ❤️
උන්ට තියෙන එකම ආගම තමන්ගෙ ලක් මෑණිව රකින එක විතරයි ❤️
උබලගෙ ඔය දේශපාලන විගඩම් තව දුරටත් මේ භූමියේ වලංගු නෑ.උබල පරාද වෙලා ඉවරයි. උබල මරපු උබල කොටවපු හැම ජාතියම එක ජාතියක් වෙලා අද උබල ඉස්සරහම හිටගෙන ඉන්නවා.
මහින්ද,ගෝඨ,රනිල්,මෛත්‍රී,සජිත්,අනුර දැන් mk bng ithin uberla
🇱🇰 ❤️