අරගලයට ජයවේවා!

PAVI

සුනාමියෙන් අවතැන් වූ ශ්‍රී ලාංකිකයින්ගේ කඳුලුත් ලෙයත් උරා බොමින් වැඩුනු සාටක පවුල, තිස් අවුරුදු යුද්ධය තමාගේ පාලන කාලයට නතු වූ දා සිට සැබෑ ලාංකීය රණවිරුවාගේ පඩිපතින්ද ආරක්ෂිත මෙවලම්වලින්ද ගසා කෑවේය. අවශ්‍ය මූලික පහසුකම් හොරා කෑම නිසා යුද්ධය නිමා කිරීමට අවශ්‍ය පමණට වඩා රණවිරු ජීවිත බිලිවිය. අදටත් ඔවුන්ට අන්ත දුක්ඛිත ජීවිත උරුම කරදුන්නේ මේ ලේ පිපාසිත සාටක හැත්තය. අවසානයේදී ඔවුන් දිනා දුන් නිදහස මළප්‍රේතයන් ලෙස බදා ගත් සාටක පවුල සැබෑ රණවිරුවන්ව හිරගත කලේය.ඔවුන්ව අවස්ථාවාදීව පාවිච්චි කර ඔවුන්ගෙ කඳුලු, දහඩිය, රැධිරය උඩ පාටි දැමීය. පත් වූ සෑම ආන්ඩුවක්ම මේ ව්‍යසනවලට වගකිව යුතුය. හේතුව, අපරාධකරුවන් ආරක්ෂා කිරීමද එතරම්ම අපරාධයක් බැවිනි. UNP ආණ්ඩුද හොරකම්, දූෂණ පිරුණු, අතීතයේ මෙවන්ම අර්බුදකාරී අවස්ථාවල ඉදිරියට ආ අභීත ශ්‍රී ලාංකික දූ පුතුන්ව අමානුෂිකව මරාදමා ත්‍රස්තවාදී ලේබලය අලවා ඔවුන්ගේ චරිතයද ඝාතනයකළ අමන කල්ලියක් නිසා ඔවුන්ට ඇත්තේද සාටක පවුලේ රෝගීමානසිකත්වයයි. එමනිසා ඔවුන්ට රාජපක්ෂ බල්ලන් සමග සංවාසයේ යෙදෙමින් සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ලෙය, කඳුල උරා බීමට කිසිදු පැකිලීමක් නැත. ඔවුන් සාටකයින් රකිනවා සේම සාටකයින් ඔවුන්වද රකී. UNP කටුබල්ලෙකු ගුවන්විදුලියේ මහපුටුව වෙනුවෙන් මරා දැමූ ලංකාවේ සැබෑ මාධ්‍යවේදීන් වූ ප්‍රේමකීර්ති, තේවිස් ගුරුගේ වැනි ලාංකීය සුජාත පුතුන්ගේ එම ඝාතකයන් නිදැල්ලේ ඉන්නේ එබැවිනි. අපගේ මාතෘ භූමිය උකස් කර ඇගේ දරුවන්ගේ මුදල් මෙම සාටක මළ ප්‍රේතයන් උරා බොන බව ප්‍රසිද්ධ කළ, නිවැරදි මාධ්‍යකරණයේ යෙදුනු, උගත්, වැදගත් සුජාත ශ්‍රී ලාංකීය මාධ්‍යකරුවන්, සැබෑ දේශප්‍රේමී සමාජ ක්‍රියාකාරුවන් වූ 42ක්, සුදු වෑන්වලින් පැහැරගෙන නොමරා මරන්නට අතුරුදහන් කරන්නට මහමග මරා දමන්නට ගත්තේ මේ ත්‍රස්තවාදී ප්‍රේත පවුලයි. එම උදුරාගත් ජීව්තවලට යුක්තිය ඉල්ලා හැඩූ දරු පවුල්වලට ඤාණසාර වැනි හීරලු වන්දිබට්ටයින් ලව්වා කෙළ ගැස්සෙව්වේ මේ ප්‍රේත සාටක පවුලයි. අභීතව පෑන මෙහෙයවූ, අභීතව ඉදිරියට පැමිණි ශ්‍රී ලාංකික සුජාත පුතුන්ට වද හිංසාකළ, ඔවුන්ව මරා දැමූ මෙම මානසික රෝගී පවුල ඉන් නොනැවතී වින්දිතයින්ට ත්‍රස්තවාදී ලේබල් ඇලවීය. මේවාට අමතරව පෞද්ගලික කෝන්තර නිසා තරහකරුවන් කපාකොටා පණපිටින් ගිනිතියා මරණ මිනීමරු බල්ලන්ලෙස හැසිරීමටවිය.මරණ පරීක්ෂණ වාර්තාවලින් විහිලු සැපයීමට පටන් ගැනුනි. ජනාධිපතියාගේ මොංගල් පුතා ඇරියස් කවර් කරගන්නට &න්නයෙකු මෙන් ඒ දවස්වල රගර් ක්‍රීඩකයාව මැරවූ හැටි ලංකාමෑණියන් දනී. තවත් මැරකම් ත්‍රාඩකම් %න්නකම් රැසකි. මුන් මිනීමරන පිස්සන් සමූහයකි. Psychopath, sociopath යන ASD නම් මානසික ව්‍යාධිය ඇති පිස්සු පවුලක් ලංකාවේ මහ පුටු බදාගෙන තිබේ. මෙය එසේ මෙසේ රෝගී තත්වයක් නොවේ. මෙවන් මානසික රෝගීන්ට මිනිස්සුන්ව ඇති තරම් ප්‍රමාණයක් මැස්සන් මදුරුවන් ලෙස මරා දැමිය හැක. ඊට හේතුව මොවුන්ගේ මොළය සහ ස්නායු පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමයි. දියුණු මානව ලක්ෂණ වන සහානුකම්පනය, අනුකම්පාව, කරුණාව, පසුතැවීම මෙම රෝගීන් තුල නොපවතියි. වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ආත්මාර්ථකාමී රෝගී මනසක් මොවුන් සතුවේ. මෙම රෝගීන් නිතර දරුණු අපරාධ, මිනීමැරුම් කර නීතියට හසුවේ. දියුණු රටවල්වල මෙම රෝගීන් රැඳවීමට බන්ධනාගාරවල වෙනම කුටි වෙන්කර ඇත. හේතුව ඔවුන් සාමාන්‍ය නොවූ දරුණු මානසික රෝගීන් බැවිනි. අතින් ප්‍රධානම දෙය මොවුන් බහුතරයකගේ iq මට්ටම හෝ ei(emotional intelligence) මට්ටම හෝ ඒ දෙකම අවම අගයක තිබීමයි. සාටක පවුල දෙස බැලීමෙන් මේවා තහවුරු වේ. වතුර ඉල්ලූ රතුපස්වල මිනිසුන්ව වෙඩි තියා මැරෙව්වේය. සාධාරණ අරගලකරුවන්ට වෙඩි තබා මැරෙව්වේය.මීට අමතරව සාටකයින් හා සාටක කටු බල්ලන් ශ්‍රී ලංකා මවුන්ගේ දරුවන් කෙටවීමට වැඩ කරන්නට විය. කුමන්ත්‍රණ කරන්නට විය. හතරකොණ ගිනිතියා ඒ අස්සේ මේ ලස්සන දිවයින කට්ටිකර විකුණන්නට විය. බලය ගන්නට, මාස ගණන්වල පුංචි දරුවාගේ සිට ලස්සන ශ්‍රී ලාංකික කතෝලික පවුල් ගණනාවක් සමූල ඝාතනය කර ඔවුන්ගේ ලේ කඳුල විකුණා කැම්පේන් කර බලයට ආවේය. තවදුරටත් නොනවත්වා රට කන්නට විය. කොරෝනා වසංගතයද සුනාමිය මෙන් ඉල්ලමක් කරගත්තේය. රෝගීන්ට මැරෙන්නට ඇර ඒ පවුල්වල විලාප බලබලා ගසා කෑවේය. ගෑස් ටැංකි පුපුරවා මිනිසුන් මැරෙන්නට කුමන්ත්‍රණ කලේය. පෝලිම්වල මිනිසුන් මැරෙන්නට හැරියේය. ඒවා ප්‍රශ්න කරන විට සත පහකට ගණන් නොගෙන, වඳුරන් මෙන් විරිත්තන්නට විය.
මේ මනරම් දිවයිනෙන් වැඩිම බුද්ධිගලනයක් සිදුවූයේ මේ රට මේ 74ක සාපයෙන් අපායක් කළ බැවිනි. ශ්‍රී ලාංකිකයින් රැකියාකිරීමට උපන් රටින් ලක්ෂ ගණන් නික්මුණි. සැබවින්ම එය පලවාහැරීමකි. අපට අපේ උපන් රට මුන් එකතු වී නැති කර දැමීය. විදේශගත ශ්‍රමිකයින් ලවා මුලු රටක් ඇදෙන තැනට හොරා කෑවෝය. ඉනුත් නොනැවතී ඒ ඩොලරය පවා හොරා කෑවෝය. අද රටකට කන්න නැතිවෙන තරම් රටක් පිටින් මුන් හොරා කා ඇත.මේ ගිජුලිහිනි රැළ අපව එදා සිට සැලකුවේ උන්ගේ වහල් බල්ලන්ලෙසයි. උන්ට අවශ්‍ය අවශ්‍ය දේ කළ හැකි, අවශ්‍ය ලෙස අපේ ජීවිත සමඟ සෙල්ලම් කළ හැකි, අවශ්‍ය විට අපේ අඬු කඩා මරා දැමිය හැකි වහලුන් ලෙසය. අපේ දාඩිය කඳුල හොරකම් කර අපේ පවුල් කඩා දමා උන්ගේ අහවල් රජ පවුල් ජාතික නාලිකාවල පෙන්වන විට ඒවාට වැඳ නමස්කාර කළයුතු යටහත් වහලුන් ලෙසය.අපටත් අපේ දරුවන්ටත් අපේ මාතෘ භූමියටත් මේ සා විශාල විපතක් කිරීමට ඔවුන්ට හැකිවූයේ මෙවන් ආකල්ප නිසා හැර වෙන කුමක් නිසාද.

ශ්‍රී ලාංකීය සහෝදර සහෝදරියනි, අපේ මේ සුන්දර දිවයින කොහෙවත් යන මුහුදු මංකොල්ලකාරයින් රැලක් අල්ලාගෙන සිටී. මෙම මානසික රෝගී ජඩයන් විසින් අපේ මාතෘභූමියේ යුද්ධ, සමූල ඝාතන, මිනීමැරුම් ඇතිකර අපේම සිංහල, දෙමළ, මුස්ලිම් මැලේ බ’ගර් සෑම සුජාත ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියකගේම ලෙයින් දශක ගණනක් තිස්සේ මේ පොළව තෙත් කරවා තිබේ. සෑම ආගමකම ජාතියකම ශ්‍රී ලාංකීය කඳුලින් සුසුමින් මේ දිවයින හෙම්බත් කරවා තිබේ. සැබෑ ශ්‍රී ලාංකික දරුවන් අමානුෂිකව මරා දමා ඔවුන්ගේ පවුල් පිටින් දේශද්‍රෝහීන් ලෙස ලේබල් කර චරිත ඝාතනය කර තිබේ. මේ දශක ගණනාවක පීඩිත කඳුලත්, ලෙයත්, සුසුමත් එකී මරා දැමුණු දහස් ගණනක සැබෑ ශ්‍රී ලාංකීය ආත්මයන්ගේ මහා ශක්තියත් අද අකම්පිතව ත්‍රස්ත රැළට එරෙහිව සිටගෙන තිබේ. දහසක් සිංහල දෙමළ මුස්ලිම් මව්වරුන්ගේ හදවතේ ඇවුලූ ගින්දර, අද මහා ගිනි ජාලාවක්ව හමාවිත් අප අරගලයේ අපට ආශිර්වාද කරමින් සිටී. ශ්‍රී ලංකා මෑණියන්ව කට්ටි කර විකිණූ, ඇගේ දරුවන් භේද බින්න කෙරූ, ඔවුන්ගේ රීරි මාංශය උරා බොමින් පාටි දැමූ, ඇගේ වීර පුතුන් මරා දැමූ නරි බල්ලනි, මේ උඹලා කාලයක් මුලුල්ලේ තැලූ පෙළූ ජීවිතයි අද තොපේ බිල්ල ඉල්ලා පැමිණ තිබෙන්නේ. අපේ කඳුලට සමච්චල් කළ හිවලුනි, උඹලා දැන් ගඩාෆි මතක් කරගැනීම වටී!