අරගලයට එනවනම්…

Anoj Rathnayake

20220410_205751.jpg

සෙට් එකත් එක්ක එන්න තියෙනවනම් මරු, තනියම එනවනම් තව තවත් මරු…ඇයි දන්නවද?

දෝණි කේස්, ගෙදර කේස්, කකුල් රිදෙනවා බන්, අඩෝ වරෙන් වාඩිවෙලා බලමු ( යකෝ Film එකක් නෙවෙයි මේක), අඩෝ වහින්න කලින් පැනගමු, රෑ වෙන්න කලින් ගෙදර යන්, කෝ බන් කිසිම ආතල් එකක් නෑනේ වගෙ දේවල් ඇහෙන්නේ නැහැ.. ✋

යකෝ මේක අරගලයක්…ඒ කියන්නේ අපි, උබලා කොච්චර ඉගෙනගත්තත් රැපියල් තිස්දහ, හතලිස්දහ පඩියට වැඩ කරගෙන, ඒ සොච්චමත් බෙල්ල ගාවට එනකන් තියෙන ණයත් ගෙවලා, දවසින් දවස අහස උසට නගින බඩු මිලත් එක්ක හැප්පිලා, එදා රෝල ගහගෙන ජිවත් වෙනවා මිසක්, කිසිම ආනගතයක් නැති, එක තැන පල් වෙන, නිදානයක් උඩ හිගාකන්න වෙලා තියෙන, නාකි පඩත්තරයන් කරන කියන විදියට තාරැණ්‍ය විනාශ වෙනවට එරෙහිව කරන සටනක්..

ඒ නිසා දැන්වත් ඔලුවෙන් හිතලා ගතේ වීරියෙන් වරෙල්ලා සටනට❤️🇱🇰

ඔය පල්ලෙහා තියෙන්නේ අරගලයේ වැඩියෙන්ම අපි කියන සටන් පාඨය.. ඕකත් අරගෙනම වරෙල්ලා ✊

-අනා-
#GoHomeGota2022