අරගලයට ආදරෙන්…

Nisal

278180380_2488410471296013_1256211842508817713_n.jpg

මේ මිනිස්සු පව්… නන්දසේන ගෝඨාභයට මෙකී හාහොවක් නැතුව කැබිනට් එකේ ඔලු මාරු කරන්න ගේමක් යනවා. හොඳට සනීපෙට කාලා බීලා නිදි. මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදීව ගෝඨාභය එපා කියන එක ඒ මනුස්සයට තේරෙන්නෙ නෑ…😏 කොටින්ම මොන්ටිසෝරි ළමයෙක්වත් ඔහොම ප්‍රථමික විදියට හැසිරෙන්නෙ නෑ..🖐️
රටේ අනාගතය වෙනුවෙන් කතා කරන, කැපවෙන මේ මිනිස්සුන්ට ගෙදරට ගිහිල්ලා සුවපහසුව නිදාගෙන තමන්ගෙ වැඩක් කරගන්න බැරිතරම් අවුලක් නෑ. හැබයි ඒ මිනිස්සුන්ට ඒක කරන්න බෑ.. මේ විනාශ කරමින් යන්නෙ තමන්ගෙ රට, රටේ අනාගතය, තාරුණ්‍යයට අයිති හෙට රට සහ අනාගත දරුපරපුරේ උරුමය.🖐️
යන්තං හරි මොළේ පණ තියන එකෙක් මෙකි අරගලයට කුමන හෝ ආකාරයකින් සහාය දක්වනවා මිසක් රාජපක්ෂවරු පස්සෙ මේ මොහොතේ දුවනවානම් අනිවා මුග්ධ චරිතයක් වෙන්න ඕන..🖐️
මේ නිදිවරන හැම මොහොතකම, උදාවෙන හැමදවසකම මේ හිත්වල තියන එකම බලාපොරොත්තුව තමන්ගේ මෙන්ම රටේ අනාගතය සවිමත් කරන එක මිස වෙන එකක් නෙවෙයි. ඒක ඒ තරමටම පොදු අරමුණක්. ඒ මිනිස්සුන්ට කන්න බොන්න, ඉන්න හිටින්න පහසුකම් පුළුවන් හැටියට හැමෝම ලබාදෙන්නෙ එකී අරමුණට සහායක් වශයෙන් මිස අතකසන්න මූල්‍යමය හැකියාවක් ඇති නිසා නෙවෙයි.🖐️ බොහෝ දුරට මේ ආදරණීයයන් අලුත් අවුරුද්ද අරගල භූමියේම සමරාවී..🖐️ ඒ තරම් හිත හයිය මිනිස්සු මේ..❤
වර්තමාන තාරුණ්‍යයේ, වර්තමාන දරු පරපුරේ සහ නූපන් පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීමට මේ ගත්තාවූ යෝධ පියවරට, ඒ හයියට සියළු අරගල කරුවන්ට හිස නමා ආචාර කලයුතු ය.❤ උන්ට දෙන්න හිතේ ඇත්තේ පුදුම ආදරයක් ගෞරවයක්…💪
අරගලයට ආදරයෙන්…❤💪
අරගලයට ජය…❤💪
#GoHomeGota #gohomerajapaksas #democracy