අපි හැදෙමූ රට හදමූ

Mavindu maneth

මං normally ලියන කෙනෙක් නෙමෙයි හැබැයි රටේ තත්ත්වේ එක්ක කාලයක් මගේ හිතේ තිබ්බ දෙයක් ලියන්න හිතුනා. #Gogotahome මොකක්ද මේ අරගලය? ඇයි මේ අරගලයක්? සරලව කිව්වොත් රටේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයේ මූලිකම හේතුව වෙච්ච දේශපාලකයන් හා එ සිස්ටම් එක වෙනුවෙන් ඇති වෙලා තියෙන දැඩි විරෝධය හා අර්බුදයට විසදුම් වෙනුවෙන් වෙනුවෙන් රටක් විදිහට සියලු දෙනාගෙම එකතුවීමක් හා නැගිටීමක්. එතකොට මොකක්ද මේකට විසදුම, 1. ජනතාවගේ ඉල්ලිම අනුව නායකයන්ගේ ඉවත් විම හා ඔවුන්ට වැරදි වලට දඩුවම් ලබා දිම. 2. රටට අවශ්‍ය කරන සිස්ටම් එකෙ වෙනසක් එක්ක සුදුස්සන් එ තැන් වලට පත් කිරීම. ජනතාව හිතන විදිහටම මේ දෙවල් උනා කියමු රට ගොඩ යන්න ඒ ටික ඇති වෙයිද? මම පෞද්ගලිකව විශ්වාස කරපු දෙයක් තමයි විප්ලවයක් තුලින් පමණයි මේ රට ගොඩ දාන්න පුලුවන් කියන එක. හැබැයි එ විප්ලවය අමුතු වෙන්න ඕනේ ලස්සන වෙන්න ඕනේ ප්‍රචන්ඩත්වයෙන් තොර උන රට ගොඩ දාන්න තියෙන අවංක හැගීමෙන් වෙන විප්ලවයක් වෙන්න ඕනේ. අද වෙද්දි හරි ලස්සනට එකේ ආරම්භය රටක් විදිහට අරගෙන තියෙනවා. ආර්ථික, දේශපාලනය ප්‍රශ්න ගැන හැමෝම කතා කරනවා හැබැයි අද මං ලියනේ අපි ගැන. 225ම නෙමේ අවුල තියෙන්නේ කියලා ඕන තරන් post fb එකෙ දකින්න ඇති. උදාහරණයක්‌ විදිහට කිව්වොත් ප්‍රශ්න නැති කාලේ උනත් අපිට කවද්ද හෝන් එක නැතුව වාහනේ යන්න පුලුවන් උනේ? පෝට් සිටි එකේ opening එකෙම පාලම උඩ නැගල ඒක කඩන් නැතුව ඉන්න පුලුවන් උනාද? අත යටින් ගාන දීලා කියක් නං වැඩ කරගන්න ඇතිද? Thorz කරපු EMF එකේ මිනිස්සු වැටවල් කඩන් යන්න හැදුවෙ නැද්ද? තමන් බීපු කිරි පැකට් එක සිරීපාදේ දාලා ආවේ නැද්ද? අඩු ගානේ කෙල්ලෙක්ට බස් එකක යන්න පුලුවන්ද? 6න් පස්සේ තනියම පාරේ යන්න පුලුවන්ද? කියනවනං තව ඕන තරං. හැබැයි අපි දැක්ක ලස්සන දේවල් තියෙනවා අරගල කරලා ඒවා අස් කරපුවා බැරියර් ටික හදපුවා, බඩු ටික ගන්න බැරුව ඉදපු අයට එකතුව වෙලා එවා අරන් දුන්න ඒවා අපි දැක්කා. පොඩි කාලේ ඇඩ් එක මතකද ? අපි හැදෙනවා රට හදනවා එක ඇත්තමයි❤️ තාලෙට නේද කියවුනේ ඔව් දැන් අපි ලොකු වෙලා රට හදන්න යන්නෙ. මේ විප්ලවය හැම තැනටම ගේමු. හරියන්න හරි වැරදෙන්න හරි මේක තමයි වෙලාව අපි ඒ චාන්ස් එක ගමු. අපේම වැරදි වලට විරුද්ද වෙමු. කවුරු හරි කුනු පාරෙ දාද්දි ඒක වැරදී කියලා අරගල කරමු. ඉරි කපාගෙන හයි ස්පීඩ් යනවනන් වැරැද්ද පෙන්නමු. වැරදි කරන්න ලැජ්ජ හිතෙන රටක් හදමු. එ trend එක මේ අරගලේත් එක්කම හදමු. අපේම වැරදි අපි හදාගමූ. ස්වයං විනයක්‌ තියෙන අනාගතේ ගැන ප්ලෑන් එකක් තියෙන ශ්‍රී ලාංකිකයන් වෙලා රට ගොඩ දාමු❤️✌ අරගලයට ජය වේවා✌️❤️🔥 #අපිහැදෙමූරටහදමූ #GoHomeGota2022 #අරගලයටජය #SaveSriLanka #එක්වජයගමු

-මවිදු මානෙත්-