අඳුරෙන් එළියට

Dineth Saumya

inbound8059878912141741345.jpg

අම්මේ, තාත්තේ…අද රටේ පවත්නා ජරාජීර්ණ ස්වභාවයට ඔබ සියලු දෙනා ඍජුව වගකිව යුතුයි. අවුරුදු ගානක් තිස්සේ ඔබ දුන් “වටිනා” චන්දයේ අග්‍රඵල අපි දැන් නෙලාගනිමින් සිටින්නෙමු. මෙපමණ කලක් prado, benz ආදි සැප වන්ඩි වලින් ඔබ දෙපාමුලට ආ දේශපලානඥයන්ට “හුරේ” දා තමන්ට “හූ” කියාගත් අන්දම තවමත් පිලිගත නොහැකි නම් “ශ්‍රී ලංකාව” නොබෝ දිනකින් ලෝක සිතියමෙන් ඉවත් වනවා නොඅනුමානය.. තමන්ගේ දරු මුනුබුරන් හට සැපදායි ජීවිතයක් උරුම කරනු විනා තෝරාගත් “ප්‍රභූ” පැලැන්තියකට පමණක් තම මඩිය තර කරගැනීමට සාදුකාර දීම ගැන අවංකව ම ලැජ්ජා විය යුතුය.. අර බිල, මේ බිල, අර ණය, අර fees ගෙවමින් ඔබේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් අතරමං කරගෙන ඇති බව වටහා ගන්න..රටට බරක් නැති පුරවැසියෙක් වූවත් තමා තමාටම බරක් වී ඇති බව බයිසිකලයක් පදින ඔබට ඔබ වෙසෙන සමාජයෙන්ම අවබෝධ වී තිබිය යුතුය..ඉතින් ඔබ විනාශ කළේ සහ කරමින් ඉන්නේ තමාගෙ පමණක් නොව තම දූ දරුවන්ගේ ද අනාගතය බව අකමැත්තෙන් වුවද පිලිගත යුතුය..

අද ඊයෙ චන්ද වරම් ලබා ගත් තරුණයිනි..මම ද ඇතුලුව ඔබත් මෙම විනාශයේ පංගු කාරයින් වී හමාරය..ඉලක්කම් පහක හයක මාසික වැටුපක් ලබන ඔබ ඉලක්කම් දහය පහලොව එක සැරෙන් හොරකම් කරන VVIP පුද්ගලයින් හට තවමත් “හුරේ” දමයි නම්, අසනීපෙ සුව කරගැනීමට තවම පමා නැති වගත් සිහිකරගන්න..වගකීම් සහ යුතුකම් තම උර මත දරා සිටින ඔබ තවත් නිහඬ විය යුතුද? කවුරුන් හෝ විසින් පැල කරන ලද “ඒ කාලේ” යන අතීතයෙන් ගැලවී, දකින වර්තමානය තුලින් අනාගතය ගොඩනගාගන්න..දඹදිව කෙසේ වෙතත් අටමස්ථාන හෝ වැඳපුදා ගැනීමට අවැසි වාතාවරණයක් තම දෙමව්පියන්ට උදාකරදීමට සමාජ සහ ආර්තිකමය වටපිටාවක් වෙනුවෙන් පෙලගැසෙන්න..චන්දෙ කාලෙට Voice cut දුන්න නංගිලා, මල්ලිලා, අක්කලා, අයියලාට දැන් මොකද හිතෙන්නෙ?

දේශපාලනය පිලිබඳ මූලික දැනුම පමණක් පුරවැසියෙකුට ඇත්නම් තාර්කිකව ගැටලු දෙස බැලිය හැකිය.. අප්‍රසන්න subject එකක් වූ “දේශපාලනය” මිනිස්සුන්ට අතදාන්න තිබෙන දෙයක් නොවූවද, එයින් ගැලවීමට හැකියාවක් නොමැත්තේ ඇයි දැයි ස්වයං විවේචනයකට යමින් අවබෝධ කරගත යුතුය..Breaking news, “මිනීමැරුම් චෝදනා ලැබසිටි චොකා මල්ලී ඇතුලු තිදෙනෙකු නිදොස් කොට නිදහස්”…ලැබූ ජය සාමකාමිව සමරන්න… ලංකාවේ ආර්තිකය, සමාජය, නීතිය, අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී ක්ශේත්‍ර වලට ඇත්තේ ප්‍රශ්න සහ උත්තර නොව ගැටලු සහ විසඳුම් යන වග දේශපාලන කතිකාවත් ඇසීමෙන් බැලීමෙන් තේරුම් ගත යුතුය..සමාජයක ගැටලු වලට ඇත්තේ MCQ Answers නොව Structured Answers බව දේශපාලන වේදිකාවල ඇහෙන කතා වලින්ම තේරුම් ගත යුතුය..පොල් ගෙඩිය හොරකම් කරනවා නොදුටුවත් පොල්ගෙඩියක් අහුලාගත් පුද්ගලයෙක්ට “හොරා” යැයි ලේබල් වදින සමාජයක, Pandora papers වලින් එලිවූ හොරුන්ට “සර්/ මැඩම්” කාඩ් වැදීම අමුත්තක් නොවෙයි..”මේ ඔක්කොම මල්ලි..යාලුවෝ මල්ලි”…

අද පවත්නා “පෝලිම් Art” එකේ “Artists” ලා තමන් ම වුවද, පෝලිමේ සිටියදීත්, බැලමෙහෙවර කිරීමෙන්, ණයට කැහීමෙන් වලකින්න..රට ජාතිය ආගම විකුනා කෑ චීවරදාරින් මෙන්ම කලාහොරුන්ද දැන් හැංගිමුත්තන් කරන බව ඔබට මේ වන විට වැටහි තිබිය යුතුය..Voice cut සංඝයාට, කලාහොරුන්ට දැන්වත් නොරැවටෙන්න..මන්ද යත් විශාල සද්ද ළඟකදි ඇහුන්නැති නිසා…කැපුවත් නිල්, කොළ, රතු සංස්කෘතිකයෙන් මිදී, “කැපුවත් අපි මේ රටේ” කියන තැනට moral එක හදාගන්න. වැරැද්ද වැරැද්ද ලෙසත් නිවැරදි දේ නිවැරදි බවටත් ස්වයං හික්මීමක් ඇතිව පිලිගන්න..”ඇමරිකාවෙත් තෙල් ගණන් එකෙ මෙහෙ තෙල් ගණන් යන එක අහන්න දෙයක් ද?” පලමුව, ලංකාව සමඟ compare කරන්න පුලුවන් රටක් තෝරගන්න..

අවසන, තමාට දැනෙන තමා දකින දේ ගැන තාර්කිකව සිතාබලන්න..”නොදැකපු අතීතයකින් එළියට විත්, පෙනෙන වර්තමානය තුලින් අනාගතය ළඟාකරගන්න”

D.S.